Tuesday, January 15, 2013


ද්වේෂාභියෝගය

දෝෂාභියෝගය හා ද්වේෂාභියෝගය යන වචන දෙක අතර ඇත්තේ අහසට පොළව තරම් වෙනසකි. එහෙත් ජාගර දේශපාලනය දේව ඇදහිල්ලක් බවට පත්කරගත් වත්මන්  ශ්‍රී ලංකාව තුළ මේ වචන දෙක එක හා සමාන ලෙස ලසකන බවක් පෙනෙන්නට තිබේ' කරුමය නම් සියලූ ආකාරයේ බුද්ධිමතුන්" කලාකරුවන් පමණක් නොව ජනමාධ්‍ය ඔස්තාර්ලා පවා ඒ ඇදහිල්ල ම අනුදකින්නට වීම ය' මේ ලිපියේ oS උත්සාහ කරනුයේ මේ වචන දෙක අතර අවුල නිරවුල් කරගැනීම සඳහා පසුගිය දින කිහිපය තිස්සේ දෝෂාභියෝගය යන වචනය හා ගැටුණු තවත් වචන කීපයක් ගෙන විග්‍රහයක යෙදීම ය'

දිවිනැගුම හා දෝෂාභියෝගය

බැලු බැල්මට නම් දිවිනැගුම යන වචනය හා දෝෂාභියෝගය යන වචනය අතර සමාන කමක් නම් නැතඑහෙත් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ට එරෙහි දෝෂාභියෝග චෝදනා යෝජනාවක් පාර්ලිමේන්තුව ට ආවේ ඇයි දැයි කියා මදක් ආපස්සට ගොස් විමසා බලතොත් මේ වචන දෙක අතර යම් සහසම්බන්ධයක් සොයා ගන්නට නොහැකs වන්නේ නොවේ' ඒත් එබඳු යෝජනාවක් ගෙන ඒම සඳහා කාලයක් තිස්සේ ඇගේ ධුරය හා සම්බන්ධ විෂමාචාර ක්‍රියා තිබුණා ද යන සැකය අපට මතු වෙයි' ^මීට වඩා බරපතළ විෂමාචාර චෝදනා ජාතික පුවත්පත්වලින් පවා එල්ල වූ හිටපු අගවිනිසුරුවෝ අදත් දෙපිළ කමින් යෙහෙන් වැජඹෙන බව දන්නෝ දනිති& කොහොම වෙතත් 2012 අගෝස්තු මස 16 වැනිදා ආර්ථීක සංවර්ධන ඇමැති බැසිල් රාජපක‍ෂ දිවිනැගුම පනත පාර්ලිමේන්තුව ට ගෙන එන්නේ ය' ඇමැතිවරයා ද බලාපොරොත්තු නොවු අයුරින් එදිනම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කෙරෙන්නේ දිවිනැගුම පනතේ වගන්ති 47න් 16ක් ම එනම් 2$3 ක් ම ආණුඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට අභියෝගයක් එල්ල කරමිනි'

ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පනත විභාගයට ගැනීමට තිරණය කර දින කීපයක් ඉක්ම යන්නටත් පෙර අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ අධිකරණ සේවා කොමිසම ට දේශපාලන බලපෑම් හා තර්ජන ඇති බවයි' එයින් කලබල වන්නේ ජනාධිපත් මහින්ද රාජපක‍ෂ ය' කොමිසම ට බලපෑම් කළේ කවුදැයි කියා ලේකම්වරයාගේ නිවේදනයේ සඳහන්ව නොතිබිය දී ත් අරලියගහ මන්දිරය ට සියලූ මාධ්‍ය ප්‍රධානීන් හීලකට u කැඳවන ජනාධිපතිවරයා තමන් කිසිදු ආකාරයකින් අධිකරණයේ කටයුතුවලට බලපෑම් නොකළ බව කියා සිටී' එතැනින් නොනවතින ජනාධිපති රාජපක‍ෂ අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා දූෂිත රජයේ නිලධාරියකු බවත් ඔහු එක්තරා මහෙස්ත්‍රාත්වරියක ට අනිසි බලපෑම් කිරිමක් පිළිබඳ තමන් වෙත පැමිණිල්ලක් ලැබී ඇති බවත් පවසයි' ඇසිපිය නොහෙලා ඒ දෙස බලා සිටින ඇතැම් පුවත්පත් කතුවරුන් පසුදින තම පුවත්පත් මුල් පිටු පුරා ජනපති රාජපක‍ෂ ගේ නිර්දෝෂීභාවය පිළිබඳ කතාව පළ කරන්නේ ය' 

මේ අංකෙලි අස්සේ අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතා ට මහමග දී නාඳුනන පුද්ගලයකු විසින් පිස්තෝල මිටකින් බරපතළ ලෙස පහර දෙනු ලබන්නේය' පුදුමය නම්" ජනපති ආර්යාවගේ සහෝදරයා වන ශ්‍රීලන්කන් එයාර් ලයින්ස් සභාපතිවරයාගේ නිවස බිඳ රුපියල් ලක‍ෂ 28ක් වටිනා රොලෙක්ස් අත් ඔරලෝසුවක් ඇතුලූ විදේශ මුදල් ප්‍රමාණයක් සොරාගත් අයකු සොරකම සිදු වී සතියක් වත් ඉක්ම යෑමට පෙර අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය සමත් වුව ද රජයේ උසස් නිලධාරියකුට පහර දුන් සැකකරු අදටත් අත්අඩංගුවට ගැනිමට අසමත් වීම ය'

කාරණා එසේ සිදුවෙද්දී දිවිනැගුම පනත තුළ පළාත් සභා විෂය ට අයත් කරුණු ද ඇති බැවින් පනතට පළාත් සභා අනුමැතිය ද ලබාගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ ය' ඒ අනුව සියලූ පළාත් සභාවල ඡන්ද විමසීමක් කළයුතු විය' සමෘද්ධි ලාභී දුප්පත් ජනතාවගේ මුදල් ටික පරෙස්සම් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය කළ මැදිහත් වීමට අන්තිමේ ඛෙල්ල දෙන්නට සිදු වූයේ අගවිනිසුරුවරියට ය' කොහේ දෝ සිට කඩාපාත් වූ දෝෂාභියෝගයක් මාධ්‍යවලට ද උණු කැවුම් සපයන්නට විය' අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායකට එරෙහි චෝදනා 14ක් ඇතුළත් ලියැවිල්ලක් ආණ්ඩු පක‍ෂයේ zචූටි චූටිZ මන්ත්‍රී කණ්ඩායමක් කථානායකවරයා ට ඉතා ගරු ගාම්භීරව භාර දෙන්නේ මෙය ශ්‍රී ලංකාවේ එදා මෙදා තුර සිදු වූ බරපතළම දූෂණ චෝදනා ඇතුළත් වගකිව යුතු ලියැවිල්ලක් ඉතා සාධාරණ විනිශ්චයක් අපේක‍ෂාවෙන් සර්ව සාධාරණ විනිශ්ඡය සභාවකට භාරදෙන බැගෑපත් ලීලාවෙනි'

උත්තරීතර පාර්ලිමේන්තුව හා දෝෂාභියෝගය

ආණ්ඩුවේ zචූටි චූටිZ මන්ත්‍රී කණ්ඩායම ඉදිරිපත් කළ දෝෂාභියෝග චෝදනා පත්‍රයේ චෝදනාවලින් 2$3 ට වැඩි ප්‍රමාණයක් ඔප්පු කරනවා තබා විභාග කිරීමටවත් නොහැකි පදනම් විරහිත චෝදනා බවට පත් වෙද්දී චෝදනා පත්‍රය වහා zප්‍රවීණ සංස්කාරකවරයකුZ අතට පත් වී චෝදනා 5ක් බවට පත් වන්නේ ය' කෙසේ හෝ පාර්ලිමේන්තු සම්ප්‍රදායයන් නූලටම රකිමින් චෝදනා විභාග කිරීමට පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් පත් කරන්නේ ය' තේරීම් කාරක සභාව කෝලම් මඩුවක් බවට පත් වී විපක‍ෂ මන්ත්‍රීවරු සිව් දෙනා ඉවත් වන අතර එක් දිනක එaකපාර්ශ්වික විභාගයක් පවත්වා චෝදනා 5න් 3කට අගවිනිසුරුවරිය වරදකාරිය කරමින් දෝෂාභියෝගය පාර්ලිමේන්තුවට ගෙන එන මග සරසන්නේ ය' දේශපාලන ආචාරධර්ම පමණක් නොව රටේ උත්තරීතර නීතියේ ගෞරවය ද කෙළසන පාක‍ෂික තේරීම් කාරක සභාව ට එරෙහිව අධකරණය නිකුත් කරන නියෝගයට අවනතව තේරීම් කාරක සභාවේ ආණ්ඩු පක‍ෂ සාමාජිකයින් හා විපක‍ෂයේ එක්සත් ජාතික පක‍ෂ සාමාජිකයා අධිකරණය ට නොයන්නේ පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය කෙළෙසුවහොත් පක‍ෂ නායකත්වයෙන් තමන්ගේ ඉරණම විසඳනු ඇත්තේ කෙසේ දැයි හොඳින් ම දන්නා හෙයිනි' 

හාස්‍යය ට කාරණය නම් අධිකරණය විසින් පාර්ලිමේන්තුව අරබයා පනවන නියෝග පිළිපැදීම පාර්ලිමේන්තුවේ අත්තරිතර භාවය කෙළෙසීමක් බවත් ව්‍යවස්ථාවට පටහැණි බවත් කියා සිටින මේ පිරිසම වගන්ති 47 න් 16ක් ම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට අධිකරණය වෙත පෙත්සම් ගණනාවක් ඉදිරිපත් වූ කථානායක චමල් රාජපක‍ෂ ගේ සහෝදරයා ද වන ඇමැත් බැසිල් රාජපක‍ෂ ගේ zචෞරZ දිවිනැගුම පනත ඒ උත්තරීතර පාර්ලිමේන්තුවේ දීම සම්මත කරදීම ය'

බල්ලන් සමග නිදිවැදීම හා දෝෂාභියෝගය

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය එම ධුරයට පත් වූයේ ශ්‍රී ලංකාවේ අධිකරණ ඉතිහාසයට අලූත් පරිච්ඡෙදයක් එක් කරමිනි' ඇය ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රථම කාන්තා විනිසුරුවරිය වීමත් ප්‍රථම කාන්තා අගවිනිසුරු වශයෙන් පත්වීමත් විශේෂ ය' ඇය විශ්ව විද්‍යාල ජ්‍යෙෂ්ඨ ආචාර්යවරියක වූවාය' කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති ලෙස ද ගෞරවනීය සේවාවක් ඉටු කළා ය' එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයේ ගෞරවයට හානි වන සේ ඇය සීමා රහිත ලෙස දේශපාලන බලවතුන් සනසන්නට ගිය බව o අපට අමතක කළ නොහැක'

නීති ක්ෂෙත්‍රයේ උත්තරීතර සම්ප්‍රදායයන් කෙළසමින් පාර්ලිමේන්තු මන්තී% නාමල් රාජපක‍ෂට නීතීඥයකු ලෙස දිව්රුම් දීම සඳහා වෙනම ම උත්සවයක් පැවැත් වීමත් අධිකරණ ඉතිහාසය විකෘති කරමින් සාමාන්‍ය නීතීඥයකු වු නාමල් රාජපක‍ෂ ට දිව්රුම් දිමේ Wත්සව අවස්ථාවේදි ම සුභ පැතීමත් රාජපක‍ෂ පවුල සමග විනිසුරු නිල ඇඳුමින් ම ඡායාරූප සඳහා පෙනි සිටීමත් අනුමත කළ නොහැක්කකි' එපමණක් ද නොව ඇය අගවිනිසුරු ලෙස රටේ වගකිව යුතු ස්වාධීන තනතුරක් දරද්දී ඇගේ සැමියා රජයේ ආයතන කීපයක සභාපති තනතුරු දැරීමට ඉඩ හැරීම ද ඇය කළ වරදකි' එක් අතකට ඒ කළ වැරදිවලට ඇය අද ද~ුවම් ලබා ඇත' තමන් නිදන්නට යන්නේ බල්ලන් රැළක් සමග යැයි ඇයට එදා කල්පනා විණි නම් අද රටේ උත්තරීතර අධිකරණය මෙතරම් බාල්දුවන්නේ ද නැත'

දෝෂාභියෝගය හා ද්වේෂාභියෝගය 

දෝෂාභියෝගය හා ද්වේෂාභියෝගය යන වචන දෙක අතර ඇත්තේ කෙබඳු සමාන අසමාන කමක් දැයි දැන් හොඳින් ම වැටහෙනවා ඇත අවාසනාවකට විපක‍ෂ නායක රනිල් වික්‍රමසිංහට මේ බව තවමත් නොතේරීම ය' දෝෂාභියෝග විවාදයේ දී zමහා දහවලේ සිදුවන මේ අපරාධය ගැන වචනක් නොකියා පාර්ලිමේන්තුවේ අත්තරීතරභාවය ආරක‍ෂා කළ වික්‍රමසිංහ සියල්ල අවසන් වූ පසු තම ගිරා පෝතක mCI මහා ලේකම්වරයා ලවා මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිටීම ලජ්ජා සහගත ය' 

අධිකරණය හෑල්ලූවට ලක් කරන ප්‍රකාශවලට විරුද්ධව අධිකරණයේ ස්වාධීනත්වය ආරක‍ෂා කරදෙන ලෙi ඉල්ලා පාරට බට නීතිවේදීන් සමාජ ක්‍රියාකාරීන් ඉතාමත් නින්දිත ලෙස zනිල මැර බලයZ යොදවා මැඩලු ආණුඩුව අගවිනිසුරු බණ්ඩාරනායක ට පමණක් නොව රටේ උත්තරීතර අධිකරණ ක්fCIaත්‍රයට ම අපහාස කරමින් අගවිනිසුරු නිල නිවස ඉදිරිපිට කිරිබත් උයා කෑවුන්ට ත් ඊනියා දෝෂාභියෝග විවාදය දා උත්තරීතර යැයි කියනා පාර්ලිමේන්තුව අසල zනපුඃසක සංදර්ශනZ පැවැත් වූවන්ට ත් අනුබල දුන්නේ රටේ සමස්ත ජනතාව ට ම විරුද්ධ ව වුව ද තමන්ගේ ද්වේෂාභියෝගය ගෙන ඒම ට පසුබට නොවන බව මොනවට කියා පාමිනි'

16 ckjdrs 2013



Wednesday, November 28, 2012

ප්‍රබන්ධයක්‌ දෙස වියුක්‌තව බැලීමෙන් සාහිත්‍යයට මෙහෙයක්‌ වෙන්නේ නැහැ
 
ලියනගේ අමරකීර්ති


                                           
                                              











සංවාදය - නිරෝෂන් හැඳලගේ


 
 ප්‍රබන්ධකරුවකු ලෙස නවකතාව, කෙටි කතාව හා කවිය යන සාහිත්‍ය ශානර තුනෙහිම නියෑලෙන ඔබ, ඔබේ ප්‍රකාශනය වඩාත් තීව්‍ර කළ හැකි සාහිත්‍යාංගය ලෙස අත්දකින්නේ මින් කුමක්‌ ද?
 බොහෝ දු
රට කෙටිකතාව. එය සාර්ථක වුණොත් ඉලක්‌කයටම වදිනවා. ඒ වගේම කියෑවීම් අත්දැකීම් තීව්‍රයි. විශිෂ්ට කලාව කියන්නේ අත්දැකීම් තීව්‍ර කිරීමයි. ඕනෑම සාහිත්‍යයක්‌ අත්දැකීම ගැන අත්දැකීම තීව්‍ර කරනවා. සාහිත්‍යය කියන්නේ අත්දැකීම් ගැන දෙවැනි අත්දැකීමක්‌. ඒ අතර කෙටි කතාව තියුණු සාහිත්‍යාංගයක්‌. වර්තමාන පොත් වෙළෙඳපොළ අන්ත දෙකකට බෙදුවොත් එක්‌ අන්තයක්‌ කලාත්මක අන්තය ලෙසත්, අනෙක වාණිජ්‍ය අන්තය ලෙසත් හඳුන්වන්න පුළුවන්. නවකතාව තියෙන්නේ වාණිජ්‍ය අන්තයට බරව. කවිය, කෙටි කතාව තිබෙන්නේ කලාත්මක අන්තයක. ඉතාම විශිෂ්ට අන්තයක නවකතාවක්‌ වුණත් ඇත්තේ වාණිජ්‍යමය අන්තයක. ගාර්සියා මාකේස්‌ ගේ නවකතා වුවත් බොහෝ විට වාණිජ අන්තයේ පවතින බව කියන්න පුළුවන්. කෙටි කතාව කොහොමත් වාණිජ අංශයේ පවතින්නේ නෑ. අජිත් තිලකසේන, පියල් කාරියවසම්, කම්මැල්ල වීර වැන්නන් කෙටිකතාවලින් කෙටි කතාවේ කලාත්මක අන්තය ගැන උදාහරණ ගන්න පුළුවන්. කෙටි කතාව මට සුවිශේෂ වන්නේ මේ නිසායි.

 කෙටි කතාවක මෙවලම්වලින් කොයි තරම් ප්‍රබලව කතාවක්‌ කියන්න පුළුවන් ද?

 කෙටි කතාවක්‌ විශිෂ්ට වෙන හැම තැනකම අලුත් යමක්‌ කියනවා වගේම අලුත් විදිහටත් කියනවා. කෙටි කතාව කෙටි වීම නිසා සමහර අත්හදා බැලීම් තියුණු විදිහට කරන්න පුළුවන්. උදාහරණයක්‌ විදිහට සයිමන් නවගත්තේගමගේ zප්‍රේත වස්‌තුවේZ භික්‌ෂුවක්‌ අපවත් වෙලා ඇට සැකිල්ලක්‌ බවට පත් වෙනවා. එය කෙටි කතාවක්‌ නිසා කම්පනීය වටිනාකම වැඩියි. අපි හිතමු මිනිහෙක්‌ කුරුමිණියෙක්‌ බවට පත් වෙන නවකතාවක්‌ තිබෙනවා කියලා. නමුත් පිටු තුන් හාරසීයක්‌ යන විට පාඨකයාට එය කියෑවීම එපා වෙන්න පුළුවන්. ඇතැම් විට මුල අමතක වෙන්නත් පුළුවන්. නමුත් කෙටි කතාවකදී ඒ අත්දැකීම ක්‍ෂණයෙන් ලැබී අවසන් වෙනවා. එවිට එය දැනෙනවා වැඩියි. ඒ නිසා එබඳු අත්දැකීමක්‌ දෙන්න කෙටි කතා මාධ්‍ය හොඳයි කියා මා හිතනවා.

 ෆැන්ටසිමය ආකෘතියෙන් යුතු ප්‍රස්‌තුත ප්‍රබන්ධ කරන්නට කෙටි කතා කලාව වඩාත් යෝග්‍යයයි කියා යෝජනා කළොත්?
 

 මා හිතනවා එය බොහෝ දුරට නිවැරැදියි කියා ගාර්සියා මාකේස්‌ එය හොඳින් භාවිත කළා. හොසේ සරමාගෝ ගේ නවකතාවක්‌ තිබෙනවා ද බ්ලයින්ඩ්ස්‌ කියා. එය විශිෂ්ට නව කතාවක්‌. නමුත් පිටු 100 ක්‌ පමණ කියවන විට එහි ෆැන්ටසිමය තත්ත්වය අපට අමතක වී යනවා. ඒ නිසා මා හිතනවා ෆැන්ටසිමය කතාවක්‌ ලිවීමට කෙටි කතාව වඩාත් සුදුසුයි කියා. නමුත් එයින් හැඟවෙන්නේ නෑ කෙටි කතාවට ෆැන්ටසිමය අර්ථයන් ම අවශ්‍යයි කියලා. තවමත් සාර්ථක යථාර්ථවාදී කෙටි කතා ලියන අය ඕනෑ තරම් ලෝකයේ සිටිනවා.

 ෆැන්ටසිමයත්වයේ ආශ්චර්යයට වඩාත් තියුණු කලාත්මක අන්තර් දෘෂ්ටීන් සැපයිය හැක්‌කේ කෙටි කතාවේදීයි කියා ඔබේ රචනාවකදී සඳහන් කර තිබුණා.
 

 කෙටි කතාවට හෝ නවකතාවට ෆැන්ටසිමය තත්ත්වයක්‌ එකතු කරන්නේ නිර්මාණයට අලුත් අර්ථයක්‌ සපයන්නයි. නමුත් හැම නිර්මාණයක්‌ම ෆැන්ටසිමය වීම සුදුසු වන්නේ නෑ. අර මිහිරි සීනු නාදයේ එක්‌ කෙටි කතාවක විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්‌ තමන්ගේ ගුරවරුන්ගේ දෛනික ජීවිතය වෙනස්‌ කරන්න ඔවුන්ගේ නිවෙස්‌වලට ඇතුළු වී විවිධ දේ වෙනස්‌ කරනවා. එය තථ්‍ය ලෝකයේ සිදුවිය හැක්‌කක්‌ නොවෙන්න පුළුවන්. නමුත් ඒ කතාවෙන් මා උත්සාහ කරන්නේ මිනිස්‌ ජීවිතේ දෛනිකත්වය කියන එක සතෙක්‌ වගේ කොයි තරම් අපව මැඬගෙන ඉන්නවාද කියන එකයි. ඒ නිසයි මම මුලින්ම කීවේ එදිනෙදා ජීවිතයේදී අපි ලබන අත්දැකීම් ගැන අත්දැකීම් ලබන්නේ නෑ කියලා. නමුත් කෙටි කතාවකදී අපි දෛනිකව ලබන අත්දැකීම් සාහිත්‍යමය අත්දැකීමක්‌ ඔස්‌සේ අපට අන්තර් දෘෂ්ටීන් ලබා දෙනවා. එය අපේ ජීවිතයට ප්‍රයෝජනවත්. ඉන් ජීවිතය පිළිබඳ ගැඹුරු අන්තර් දෘෂ්ටීන් ලබන්න පුළුවන්.

 මේ කෙටි කතා එකතුවේ බොහෝ කතාවලින් කෙටි කතාව හා තථ්‍ය ලෝකය අතර රූපිකමය සම්බන්ධයක්‌ ගොඩනඟන්න ඔබ උත්සාහ ගෙන තිබෙනවාද?
 

 ඔව් සමහර කතාවලින් එය සිදුවෙනවා. මම ඊට කියන්න කැමැතියි රූපකාත්මක සම්බන්ධය කියලා. කෙටි කතාව සමස්‌තයක්‌ ලෙස ගත් විට ජීවිතය පිළිබඳ රූපිකමය සම්බන්ධයක්‌. යථාර්ථවාදී කෙටි කතාවකදී පවා එය පවතින්නේ ඒ අර්ථයෙන්මයි.

 අර මිහිරි සීනු නාදය පාඨකයා සංවාදගත කියෑවීමකට කැඳවන බවයි මට හැඟෙන්නේ.
 

 මේ හැම කෙටි කතාවක්‌ම එක්‌තරා ආකාරයකින් වර්තමාන සිංහල බෞද්ධයා සමඟ කරන සංවාදයක්‌. එය සාමාන්‍යයෙන් සාහිත්‍යය පිළිබඳ මගේ මතය. සාහිත්‍ය කරුවෙක්‌ එක්‌තරා ආකාරයකින් තමන් ජීවත් වන සමාජය සමඟ වේදනාකාරී සංවාදයක්‌ රැගෙන යා යුතුයි කියා මා කල්පනා කරනවා. ඒ අනුවයි මෙහි ඇතැම් කෙටිකතා ගොඩනැඟී ඇත්තේ. පාඨකයා මේ කතා කියවන විට ඒ සිද්ධීන් තමන්ගේ ජීවිත අත්දැකීම් හා ගළපමින් කියෑවීමකට යොමු වෙනවා. එය ලේඛකයකු අතින් විය යුත්තක්‌.

 මේ කෙටි කතා බොහෝමයක ඔබේ දේශපාලනික කියෑවීම ස්‌ථානගත කෙරෙනවා. එය සාමාන්‍ය තත්ත්වයක්‌ වුවත් ඇතැම් අවස්‌ථා අනවශ්‍ය ලෙස පෙනී සිටීමක්‌ දොa කියා හිතෙනවා.

 එය පරෙස්‌සමෙන් කළ යුතු සියුම් කාර්යයක්‌. එය පිටිපස්‌සේ තිබෙන්න ඕනේ කලාත්මක පාලනයක්‌. කෙටි කතාවේදී එක වචනයකින් එය සිද්ධ වෙන්න පුළුවන්. නවකතාවකදී එය එතරම් ගැටලුවක්‌ වන්නේ නෑ. එය ඕනෑම කෙනෙකුට වරදින්න පුළුවන් මාත් ඇතුළුව. නැත්නම් අමරසේකර මහතා වගේ කවුරු කොහොම කිව්වත් මම මගේ අදහසේ රැඳෙනවා කියා ඉන්නත් පුළුවන්. නමුත් එය කළ යුත්තේ මෙහෙමයි කියා කාටවත් කියන්න බැහැ. අජිත් තිලකසේන වැනි කෙටිකතාකරුවෙක්‌ කරන්නේ දේශපාලනික අන්තය සම්පූර්ණයෙන් අතහැරලා දාන එක. මම ඒ අන්තයේ ඉන්නෙත් නෑ. අමරසේකර මහතාගේ හා අජිත් තිලකසේන මහතාගේ අතරමැද පවතින්න පුළුවන් නම් වඩාත් හොඳයි කියා මා හිතනවා. පියල් කාරියවසම්, ප්‍රභාත් ජයසිංහ, නිශ්ශංක විඡේමාන්න, අනුරසිරි හෙට්‌ටිගේ වැනි තරුණ කෙටිකතාකරුවන් එතැන ඉන්නා බව මා දකිනවා. අපේ තරුණ කෙටිකතාකරුවන්ට එබඳු තැනකට ආ හැකි නම් එය සිංහල කෙටිකතාවේ සුවිශේෂ තත්ත්වයක්‌ වෙයි කියා මා හිතනවා.

 ඇතැම් කෙටි කතාවල අන්තර්ගතය අනුව අන්තයක පවතින්න වෙනවා නේද?

 මගේ අලුත් ලෙච්චමී කෙටි කතාව ලියන අතරතුර මටත් ඔය ගැටලුව ඇති වුණා. ඒ නිසයි මම කාන්තා කථකයකු යොදා ගත්තේ. මම පිරිමි ලේඛකයකු වුණත් කාන්තා කථකයකු හරහා කතාව කිව්වා. ඒත් එය සාර්ථකම නෑ කියලා මටත් හිතෙනවා. නමුත් මේ කතා අතර හැම කතාවකම මම ඉන්නවා. මම ඉන්න බව පේන්නේ නෑ කියන කතාවෙත් මම ඉන්නවා. මම ඉන්න බව පේන්නේ ඒ කතාවල සාමූහික කථිකාවේ අපි හැමෝම ඉන්න නිසයි. ඒ කෙටි කතාවට ප්‍රතිචාර දක්‌වන බොහෝ දෙනෙක්‌ සාමාන්‍ය මැද පාංතික සමාජයේ ඉන්නේ. සාහිත්‍ය සාර්ථක වෙන්නේ යම් සමාජයක ප්‍රජාව එළිපිට කතා නොකරන හෘද සාක්‍ෂියෙන් හංගන්න හදන දෙයක්‌ එළිදරව් කරනවා නම් කියායි මා හිතන්නේ. මුලදී එය ගැටලුවක්‌ වුණත් ඒ තත්ත්වය හෙළිදරව් වෙලා ඉදිරියට යනකොට හෘද සාක්‍ෂිය අමතක වෙලා ජීවිතය පිළිබඳ අවබෝධය ලැබෙන්න පටන් ගන්නවා. නමුත් යුද්ධයේ අවසාන දිනවල ලංකාවේ මධ්‍යම පාංතික මිනිස්‌සු හැසුරුණු ආකාරය පිළිබඳ මගේ විරෝධය ඒ කෙටි කතාවෙන් පේනවා නම් එය ඇත්ත වෙන්න පුළුවන්.

 මෙහි කෙටිකතා බොහෝමයකට පසුබිම් වන්නේ විශ්වවිද්‍යාලය. ඔබ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්‌. ඒ අත්දැකීම් මේ නිර්මාණයට වැඩි බලපෑමක්‌ කළාද?

 මම මුලින්ම කිව්වා ප්‍රබන්ධ කතාව හා තථ්‍ය ලෝකය අතර පවතින්නේ රූපිකමය සම්බන්ධයක්‌ කියලා. නමුත් මම විශ්වවිද්‍යාලය ඇතැම් කතාවලට පසුබිම් කර ගන්නේ විශ්වවිද්‍යාලය ගැනම කියන්න නොවේ. දෛනිකත්වය විසින් කාගේ හෝ ජීවිතය පාලනය කරනවා කියන්න මට විශ්වවිද්‍යාලය වැදගත් වෙනවා. මොකද විශ්වවිද්‍යාලය කියන්නේ දෛනිකත්වයට හැඩගැසුණු තැනක්‌. රතුවන් රත්නවල්ලි කෙටි කතාවට මම විශ්වවිද්‍යාලය තෝරා ගත්තේ මනුෂ්‍යයකුගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක්‌ ශාස්‌ත්‍රීය ජීවිතය කරා පැතිරෙන්නේ කොහොමද කියන එක විමසන්න. මම ඉන් ගවේෂණය කරන්න උත්සාහ කරන්නෙ මේ මනුෂ්‍යයාට මෙහෙම වුණේ කොහොමද කියන එක. එය හුදෙක්‌ විශ්වවිද්‍යාලය ගැන කතාවක්‌ නොවේ. යම් පුද්ගලයකුගේ ජීවිතය පිළිබඳ ගවේෂණය කිරීමක්‌. නමුත් ඒ අතර විශ්වවිද්‍යාල කියන ආයතන පිළිබඳ පසු කියෑවීමක්‌ කිරීමට ද මා යම් උත්සාහයක්‌ ගත් බව කිව යුතුයි. ලේඛකයකු තමන් ලබන අත්දැකීම් එසේ සාකච්ඡා කිරීම වැදගත්. අමරසේකර මහතා ඉතා නිවැරැදිව එය කරනවා. ඔහු ඒ තුළින් එළැඹෙන දෘෂ්ටිවාදාත්මකභාවය පිළිබඳ විවාද තිබුණත් මා හිතනවා ලේඛකයකු එසේ විය යුතුයි කියලා.

 නූතන කෙටිකතාව පුරාණෝක්‌තිමය සංජානනය අඩංගු කරගත් සාහිත්‍ය ශානරයක්‌ බවට චාල්ස්‌ ඊ මේ නමැති විචාරකයා උපුටමින් ඔබගේ රචනාවක අදහසක්‌ පළ කෙරෙනවා. එසේ නම් සිංහල කෙටි කතාව අපේ ජාතක කතා සාහිත්‍යයේ ම දිගුවක්‌ ය කියන මාර්ටින් වික්‍රමසිංහයන්ගේ මතයට මේ අදහස සමපාත වනවා නොවේද?

 එය ඉතා වැදගත් අදහසක්‌. කතා කීමේ අත්දැකීම කියන එක අවුරුදු දහස්‌ ගණනක්‌ පුරා අපට හුරු දෙයක්‌. ඒ සංස්‌කෘතියෙන් අපට ලැබුණු වැදගත් අංගයක්‌ තමයි කෙටි කතාව. නමුත් ප්‍රශ්නෙ තිබෙන්නේ නූතන කෙටි කතාව හුදෙක්‌ අපේම එකක්‌ කියන රේ‚ය අදහසක්‌ දීම අපහසු වීමයි. මේ නිසා සිංහල කෙටි කතාව ජාතක කතා ඔස්‌සේ සරල රේ‚යව ආ කලාවක්‌ වීම ගැටලු සහගතයි. ජාතක කතාව සිංහල කෙටිකතාව ගොඩනැඟෙන්න හේතුවක්‌ වුණා කියන්නත් පුළුවන්. ජාතක කතා වගේම අනෙකුත් ගම කතා, පුරාණ කතා අපේ කෙටි කතා කලාව ගොඩනැගෙන්න හේතු වුණා වෙන්නත් පුළුවන්. මේ නිසා වර්තමාන සාහිත්‍ය ප්‍රබන්ධ ශානර අතර ඉතා අතීතයට මුල් ඇදුණු සාහිත්‍ය ශානරයක්‌ ඇත්නම් ඒ කෙටි කතාව කියා කියන්න පුළුවන්.

 තනි කෘතියක්‌ වියුක්‌තව ගෙන හොඳ ද නරකද කීම තරම් න්‍යායික සාරවත් බවකින් යුත් විචාර ක්‍රමවේදයක්‌ නොවේ කියා ඔබ අදහස්‌ කරනවා. නමුත් අපේ සාහිත්‍යය විචාර කලාව තුළ මේ ගැන අවබෝධයක්‌ ඇත්දැයි යන්නත් සැක සහිතයි.

 මම හිතන්නේ කිසියම් සැලකිය යුතු බුද්ධිමත් කමකින් ලියෑවුණු සාහිත්‍ය කෘතියක්‌ ඇත්නම් ඒ ගැන කිසියම් සංවාදයක නිමිත්තක්‌ තිබිය යුතුයි. අද සමාජයේ විවිධ දේවල් ගැන, කතිකා තිබෙනවා. සාමය ගැන, අනන්‍යතාව ගැන සිංහලයා ගැන. දියුණු වෙනවා කියන්නේ කුමක්‌ද කියන එක ගැන, අනෙකුත් ජාතීන්ගෙන් වියුක්‌ත වෙලා අපට ජීවත් වෙන්න පුළුවන් ද කියන එක ගැන ආදී වශයෙන් කතිකාවක්‌ තිබෙනවා.

 නවකතාවක්‌ නම් නවකතා කලාවට ආවේණික නීති රීති එක්‌ක පළල් සමාජ කතිකාවට නිර්මාණය සම්බන්ධ කරන්නේ කොහොමද කියලා බලන්න ඕනේ. විචාරකයාට අවශ්‍ය දේවල් නිර්මාණයේ නෑ කියලා නිර්මාණය බැහැර කරන්න බැහැ. විචාරකයාට පුළුවන් වෙන්න ඕනෑ අර කෘතියේ තිබෙන සාහිත්‍ය විභවතා දකින්න. ගැඹුරු සාහිත්‍ය සාකච්ඡාවලදී කෘතියක්‌ හොඳ ද නරකද කියන එක වියුක්‌තව කියන්න බැහැ. ඒ ක්‍රමය දැන් අතහැර දමා හුඟක්‌ කල්ගත වෙලා. එහෙම කරවනවා නම් අපට මේ පොත වැඩක්‌ නැහැ. මේ පොත හොඳයි කියා නවතින්න පුළුවන්. නමුත් එහෙම කීමෙන් සාහිත්‍යයට මෙහෙයක්‌ වන්නේ නැහැ කියලයි මම හිතන්නේ.

Friday, October 5, 2012

ජනතාවත් ආඩම්බරවුණොත්!


නිරෝෂන් හැඳලගේ

ප්‍රවේශය

මාස තුනකට අධික කාලයක්‌ ගෙවී ගොස්‌ ඇතත් සරසවි ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය සම්බන්ධ අර්බුදයට මෙතෙක්‌ සුදුසු විසඳුමක්‌ ලැබී නැත. ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය චෝදනා කරන්නේ ආණ්‌ඩුව තමන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් පැහැදිලි එකඟතාවකට ඒමට තරම් නම්‍යශීලීභාවයක්‌ නොපෙන්වන බවයි.

වර්ජනයේ නිරත ආචාර්යවරුන් සමඟ නිශ්චිත සාකච්ඡා ක්‍රියාමාර්ගයකට එළැඹීමට අපොහොසත් ආණ්‌ඩුව රාජ්‍ය මාධ්‍යවල ඇතැම් කුලීකාරයන් ලවා උදේ පටන් රෑ එළිවනතුරු ආචාර්ය සංගමයේ නායකයන්ගේ පෞද්ගලිකත්වය සමඟ ප්‍රශ්නය විසඳන්නට නිස්‌සාර උත්සාහයක්‌ ගන්නා බව පෙනෙයි. රජයක්‌ ලෙස තමන් වගකීම පැහැරහැර ඇතැයි ආණ්‌ඩුවට සිහිපත් වන්නට වූයේ මහා නාහිමිවරු මේ ප්‍රශ්නයට මැදිහත් වී ආණ්‌ඩුවෙන් ලිත ඉල්ලීමක්‌ ද කළ පසුය. ප්‍රශ්නයට සෘජු සම්බන්ධයක්‌ ඇති ආචාර්ය සංගමයට ලිතව හෝ විසඳුමක්‌ දීමට අපොහොසත් උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහා නාහිමිවරුන්ගේ ලිපියට පිළිතුරු ද ලියාගෙන ගොස්‌ තමන්ගේ දොaතින්ම භාරදීමට තරම් සැදැහැවතකු වුණි.

මුසාවාදා, ගජබින්නවලින් බඩ පුරෝගෙන සිටින උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා පෙරේදා පුවත්පත් සාකච්ඡාවක්‌ පවත්වා කියා සිටියේ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ හා මහා භාණ්‌ඩාගාර ලේකම් පී. බී. ජයසුන්දර සමඟ සාකච්ඡා කිරීමට ආචාර්යවරුන්ට අවස්‌ථාවක්‌ ලබාදෙන බවයි. මහා නාහිමිවරුන් බැහැදැක පැමිණියද තමන්ගේ ජන්ම ගතිය අතහැරගත නොහැකි වූ උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා ඊයේ (04දා) පත්‍රය මුද්‍රණයට යන මොහොත වනතුරුත් ආචාර්ය සංගමයට එබඳු සාකච්ඡාවක්‌ සඳහා නිල දැනුම් දීමක්‌ කළේ නැත.

මේ අතර අර්බුදය විසඳීමට මැදිහත්වන ලෙස ආචාර්යවරුන් විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්‌ කරන ලදී. උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා නොහික්‌මුණු ලෙස ක්‍රියාකොට අවුලෙන් අවුලට පත්කළ සරසවි ආචාර්යවරුන්ගේ ප්‍රශ්නයට මාස තුනක්‌ ඉක්‌ම යන තුරුත් මැදිහත් නොවූ ජනාධිපතිවරයා ඉදිරියට හෝ මැදිහත්වේ යෑයි බලාපොරොත්තු තබා ගැනීම පවා විහිළුවකැයි අපට සිතෙයි. ත්‍රිරෝද රථ රියෑදුරන්ගේ ප්‍රශ්න පවා සාකච්ඡා කිරීමට අරලියගහ මන්දිරයට කැඳවූ ජනාධිපතිවරයාට සරසවි ආචාර්යවරුන් සමඟ සාකච්ඡාවකට වාඩිගත නොහැක්‌කේ මන්ද යන්න පිළිබඳ අපට නම් ඇත්තේ ප්‍රහේලිකාවකි.

මස්‌ රාත්තල?

ආණ්‌ඩුව චෝදනා කරන්නේ සරසවි ආචාර්යවරුන් මස්‌ රාත්තලම ඉල්ලා සිටින බවයි. ආචාර්ය වැඩවර්ජනය දරුවන්ගේ අධ්‍යාපනය ඇපයට තබා තමන්ගේ වැටුප් වැඩිකර ගැනීමට දරන උත්සාහයක්‌ ලෙස සමාජගත කිරීමට රජයේ මාධ්‍ය අසාර්ථක උත්සාහයක නිරත වන්නේ මේ නිසාය. ආචාර්ය සංගමය සිය ඉල්ලීම් අතර එක්‌ ඉල්ලීමක්‌ ලෙස ඉදිරිපත් කර සිටින්නේ මහාචාර්ය මලික්‌ රණසිංහ හා මහාචාර්ය ජෙෆ්රි දෙපළ විසින් 2008 දී සකස්‌ කරන ලද ජෙෆ්රි-මලික්‌ වැටුප් නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසය. මෙම වැටුප් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මහා භාණ්‌ඩාගාරයද එකඟ වී ඇති නිසා ආචාර්ය වර්ජනය වැටුප් ප්‍රශ්නයක්‌ මුල්කරගත් අසාධාරණ එකක්‌ ලෙස පෙන්වා දීමට ආණ්‌ඩුව දරන උත්සාහයෙන් පැහැදිලි වන්නේ ආචාර්යවරුන්ගේ ඉල්ලීම් ගැඹුරින් අධ්‍යයනය කර දශක දෙකක පමණ කාලයක සිට මේ රටේ පවතින අධ්‍යාපන අර්බුදය විසඳීමට මේ ආණ්‌ඩුවටද අවංක වුවමනාවක්‌ නැති බවය.

අධ්‍යාපනයට දරන පිරිවැය ආයෝජනයක්‌ බව අප අමුතුවෙන් පහදාදිය යුතු නොවේ. එහෙත් මෙරට ශ්‍රම බළකායට අවශ්‍ය මානව සම්පත් නිෂ්පාදනයට සෘජුවම දායකත්වය සපයන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සඳහා සාධාරණ වැටුප් තල ඇති කිරීමට ආණ්‌ඩුව අවංක ලෙස ඉදිරිපත් වන බවක්‌ පෙනෙන්නට නැත.

විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ගේ මූලික වැටුප රුපියල් 26,900 ක්‌ වෙද්දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ මූලික වැටුප රුපියල් 54,285 කි. අධ්‍යයන දීමනා හා ජීවන වියදම් දීමනා ගැළපූ පසු ආචාර්යවරයකුගේ දළ වැටුප රුපියල් 39,025 ක්‌ වෙයි. සියලු දීමනා සහිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ගේ දළ වැටුප රුපියල් ලක්‍ෂ 8 ක්‌ ඉක්‌මවයි.

මෙම දළ වැටුප ලබාගැනීමට විශ්වවිද්‍යාල ආචාර්යවරයකු පළමු පංතියේ හෝ දෙවැනි පෙළ ඉහළ සාමාර්ථයක්‌ ලබා උපාධිය සමත්වීම සහ එක්‌ අවුරුදු ශාස්‌ත්‍රීය පර්යේෂණයක්‌ සහිතව සිව් අවුරුදු විශේෂ ගෞරව උපාධියක්‌ ලබාසිටිය යුතු වූවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පාසලකට ගොස්‌ තිබීමවත් අවශ්‍ය නොවේ. කනගාටුවට කාරණය නම් රටේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයකට ඇතුළත්ව උසස්‌ අධ්‍යාපනයක්‌ ලැබූ උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයාද වැස්‌සකට හෝ පාසලකට ගොඩ නොවූ අයකු සේ සරසවි අර්බුදය අච්චාරුවක්‌ කරගෙන සිටීමය.

6%

සරසවි ආචාර්යවරුන් පසුගිය සැප්තැම්බර් මස 23 වැනිදා සිට 28 වැනිදා දක්‌වා ගාල්ල සිට කොළඹට පා ගමනකින් පැමිණීම රටේ අධ්‍යාපන ක්‌ෂේත්‍රයේ පවතින අර්බුද පිළිබඳ ජනතාව තුළ යම් අදහසක්‌ ඇති කිරීම හේතුවූ බවට සැකයක්‌ නැත. දළ ජාතික ආදායමෙන් 6% ක්‌ අධ්‍යාපනය සඳහා වෙන්කරන ලෙස ඉල්ලීම සරසවි ආචාර්යවරුන් රජයට ඉදිරිපත් කළ යෝජනා මාලාවේ ප්‍රබලම යෝජනාවයි. රජයේ රෝහල්වලින් බෙහෙත් ගන්නා රෝගීන්ට පෞද්ගලික ඔසුසල්වලින් බෙහෙත් ගැනීමට ලියාදීමට හා ලේ, මුත්‍රා වැනි පරීක්‍ෂණ පිටතින් මුදල් ගෙවා කිරීමට සිදුවීමට එරෙහිව වෛද්‍යවරුන් රෝගීන් ඇපයට ගෙන හෝ වැඩවර්ජනය කරනු අප මෙතෙක්‌ දැක නැත. එහෙත් සරසවි ආචාර්යවරුන් අධ්‍යාපනය සඳහා 6% ක්‌ වෙන්කරන්නැයි ඉල්ලා සිටින්නේ මේ රටේ සමස්‌ත අධ්‍යාපන ක්‌ෂේත්‍රයේ උන්නතිය අපේක්‍ෂාවෙන් ය. එය අසාධාරණ ඉල්ලීමකැයි යමකු කියයි නම් සෑම වසරකම පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර ගැනීමට යන දෙමවුපියන් පීඩාවට පත්වන්නේ මන්දැයි මදකට සොයා බැලීම වටී. රටේ පාසල් පද්ධතිය තුළ සම අධ්‍යාපන අවස්‌ථාව ක්‍රියාත්මක වේ නම් දෙමවුපියන් මෙබඳු පීඩාවන්ට පත්වන්නේ නැත. පළමු ශ්‍රේණියේ අර්බුදය හේතුවෙන් පාසලක්‌ නැතිව ගෙදර නවතින දරුවන්ද සිටින නිසා මේ වන විට රටේ දරුවන්ගේ පාසල් නොයැමේ දර්ශකය 7% කින් ඉහළ ගොස්‌ ඇති බව සරසවි ආචාර්යවරුන්ගේ ඉල්ලීම් අසාධාරණයෑයි කියන මහත්වරුන් නොදන්නවා වන්නට පුළුවන. හොර සහතික හදා හෝ විදුහල්පතිවරයාට ලක්‍ෂ ගණනින් අල්ලස්‌ දී හෝ දරුවකු පාසලට ඇතුළත් කළද නිදහස්‌ අධ්‍යාපනය ක්‍රියාත්මක මේ රටේ එක්‌ දරුවකු වෙනුවෙන් දෙමාපියන් වසරකට පාසලකට ගෙවිය යුතු ගාස්‌තු කොපමණදැයි දන්නේද දෙමාපියන්ම පමණය. ඇතැම්විට ආචාර්යවරුන්ගේ ඉල්ලීම් අසාධාරණ යෑයි කියනා දෙමාපියන්ද ඒ ගැන කල්පනා කර බලතොත් රටේ අධ්‍යාපනය වෙනුවෙන් රජයක වගකීම කොයි තරම් බරපතළද යන්න හොඳින්ම පැහැදිලි වනු ඇත. අධ්‍යාපනය සඳහා 6% ක්‌ වෙන් කිරීම එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ යුනෙස්‌කෝ කමිටුවේ ප්‍රමිතිය මත තීරණය වන්නක්‌ බව ආචාර්යවරුන්ගේ සංගමය පවසයි. උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා කියා සිටින්නේ එම ප්‍රතිශතය වෙන්කළ යුත්තේ සාක්‍ෂරතාවෙන් අඩු රටවල් බවයි. ලංකාවේ සාක්‍ෂරතාව 94% ක මට්‌ටමක පවතින නිසා එබඳු අවශ්‍යතාවක්‌ නැතැයි යන්න ඔහුගේ අදහසයි. ඒත් උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයාට අමතක වී ඇති කාරණයක්‌ වන්නේ 1960-70 කාලයේ රට කළ දේශපාලන නායකයන් අධ්‍යාපනය සඳහා කළ ආයෝජන නිසා අද මෙබඳු සාක්‍ෂරතා මට්‌ටමක්‌ පවතින බවයි. ඒත් ඒ කාලයට සාපේක්‍ෂව අද අධ්‍යාපන ක්‌ෂේත්‍රය ප්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මකවද පුළුල් වී ඇති බව අමතක නොකළ යුතුය.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පවතින උභතෝකෝටිකය නම් ක්‍ෂේත්‍රය පුළුල්වත්ම ඒ සඳහා වෙන්කෙරෙන ප්‍රතිපාදන ප්‍රමාණාත්මකව පටුවීමයි. අද වන විට 1.8% කට අඩු වී ඇත්තේ 2005 වර්ෂයේදී 2.5% ක්‌ වැනි අගයක පැවැති අධ්‍යාපනයට කෙරෙන වෙන් කිරීම් බව මේ ආණ්‌ඩුවට අමතක කළ නොහැක. අනෙක්‌ කාරණය නම් පහළ මධ්‍යම පාන්තික හා අඩු ආදායම්ලාභී පවුල් බහුතරයක්‌ ජීවත්වන ශ්‍රී ලංකාව බඳු රටක අධ්‍යාපනයේ සම අවස්‌ථා ආරක්‍ෂා කරගත හැකි වනුයේ ඒ වෙනුවෙන් වෙන් කෙරෙන ප්‍රතිපාදන වර්ධනය කිරීමෙන්ම බවට තර්කයක්‌ නැත. ඒත් එල්.ටී.ටී.ඊ.ය මුලිනුපුටා දමා යුද්ධය අවසන් කර තිබියදීත් ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයට ජාතික ආදායමෙන් වැඩිම ප්‍රමාණයක්‌ වන රුපියල් බිලියන 289.5 ක්‌ වෙන් කරන මේ ආණ්‌ඩුව අනාගත ආයෝජනයක්‌ වන අධ්‍යාපනයට වෙන් කරන්නේ රුපියල් බිලියන 37.9 ක්‌ පමණ ය. අධ්‍යාපනයට කරන වෙන් කිරීම් ඉහළ දැමීම කෙසේ වෙතත් අඩුම තරමින් අමතර පංති නොයවා පාසල් අධ්‍යාපනයෙන් පමණක්‌ දරුවන්ගේ අනාගතයට සාර්ථක විසඳුම් දීමට හැකිවන පරිදි අධ්‍යාපනයට ජාතික ප්‍රතිපත්තියක්‌ සකස්‌ කිරීමටවත් මේ ආණ්‌ඩුව පියවර ගත යුතුව ඇත.

ආචාර්ය වර්ජනය පිටුපස බලවේග?

සරසවි ආචාර්යවරුන්ගේ සංගමය ගාල්ලේ සිට ආරම්භ කළ පා ගමන හා විශ්වවිද්‍යාල සිසුන් මහනුවර සිට ආරම්භ කළ පා ගමන රට තුළ වැඩි අවධානයකට ලක්‌ වෙද්දී දණ්‌ඩෙන් පහර කෑ සර්පයන්a මෙන් උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයාත්, විමල් වීරවංශ ඇමැතිවරයාත් රජයේ මාධ්‍ය රූකඩත්, ආචාර්ය පා ගමන පිළිබඳ විවිධ චෝදනා එල්ල කරන්නට විය. විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පා ගමනට සහයෝගය දැක්‌වීමට පැමිණි විට එය සරසවි ආචාර්ය වැඩ වර්ජනය පිටුපස දේශපාලන අරමුණු ඇති බවට චෝදනා කරන්නට විය. එහෙත් අප කවුරුත් නොදන්නා කාරණයක්‌ ඇත. සරසවි ආචාර්ය සංගමයේ සම්පූර්ණ සාමාජික සංඛ්‍යාව පන්දහස ඉක්‌මවන්නේ නැත. එබඳු පිරිසක්‌ රටට, ජනතාවට, දැනෙන ලෙස පා ගමනක්‌ සංවිධානය කිරීම ප්‍රායෝගික වන්නේ නැත. සරසවි ආචාර්යවරුන්ගේ සේවය අත්‍යවශ්‍ය සේවාවක්‌ නොවීම ද ඊට හේතුවකි. මේ නිසා අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත වෘත්තීය සමිතිවල සහයෝගය තම පා ගමනට ලබා ගන්නට ඔවුන්ට සිදුවිය. වෘත්තීය සමිති යනු බොහෝ විට කිසියම් දේශපාලන පක්‍ෂයකට සම්බන්ධ ආයතනය. එවිට අදාළ දේශපාලන පක්‍ෂවල නායකයන් ද සිය වෘත්තීය සමිතියට සහාය පතා මේ පා ගමනට එක්‌ වන්නට විය. එහෙත් පා ගමන පුරා එකදු පක්‍ෂයක පාටක්‌, කොඩියක්‌, සටන් පාඨයක්‌ අප දුටුවේ නැත. කවුරුත් දුටුවේ අධ්‍යාපනයට වෙන් කරන ප්‍රතිශතය 6% කින් ඉහළ දමන ලෙස සඳහන් සටන් පාඨ පමණය.

විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ ආචාර්ය සංගමයේ පෙළපාලියට හෝ සහයෝගය පළ කොට මේ රටේ විපක්‍ෂයක්‌ සිටින බව ජනතාවට ඒත්තු ගැන්වීම ගැන එක්‌ අතකින් අප සතුටු විය යුතුය. අනෙක්‌ අතට ඉතිහාසයේ පැල්ලම් නැති පක්‍ෂ එකක්‌ හෝ විපක්‍ෂයේ නැත. එබඳු තත්ත්වයක්‌ තුළ සුපිරිසිදු විපක්‍ෂයක්‌ තම පා ගමනට ආනයනය කිරීම හැර අන් මඟක්‌ ආචාර්ය සංගමයට ඇත්තේ නැත. කෙසේ නමුත් විපක්‍ෂයේ සිටින දේශපාලන පක්‍ෂ යනු මේ රටේ ජනතාවගේම තෝරා ගැනීම් ය. ආචාර්ය සංගමය යනු කිසියම් දේශපාලන පක්‍ෂයක අතකොළුවක්‌ හෝ මෙහෙයවීමක්‌ නම් විපක්‍ෂයේ සිටින විවිධ මත දරන දේශපාලන පක්‍ෂ කීපයක්‌ එකම පා ගමනට එක්‌ වන්නට හැකියාවක්‌ නැත. එහෙයින් සැබෑ අර්බුදය පැහැදිලිව තිබියදී නැති අර්බුද මවාගෙන ප්‍රශ්නයෙන් පැන යැමට ආණ්‌ඩුව දරන ලැඡ්ජා සහගත උත්සාහය මේ රටේ ජනතාව අවබෝධ කොට ගත යුතුය.

"විප්ලවය යනු පාලකයා වෙනස්‌ කිරීම හෝ ආණ්‌ඩු වෙනස්‌ කිරීම නොව ජනතාව වෙනස්‌ කිරීමයි" ශ්‍රේෂ්ඨ කලාකරුවකු වු බර්ටෝල් බ්‍රෙෂ්ට්‌ වරක්‌ කීවේය. මේ රට දැන් පැමිණ සිටින්නේ එතැනටය. නායකයන් මෙන් ජනතාව ද ආඩම්බරකාරයන් වීම රටේ අනාගතයට යහපත් වන්නේ නැත. එහෙයින් ජනතාව වෙනස්‌ කළ හැකි විප්ලවයක්‌ මේ රටට අවශ්‍යය. එය කළ හැක්‌කේ අන් කිසිවකින් නොව අධ්‍යාපනයෙන්ම පමණ ම ය.

hendalege deshapalanaya/divaina/05-10-2012 

ධර්මය තුළ අන්තවාදයට ඉඩක්‌ නැත


බංග්ලාදේශ බෞද්ධ සිද්ධස්‌ථාන හා බෞද්ධ ජනතාවට එරෙහිව එරට මුස්‌ලිම් අන්තවාදීන් එල්ල කරන ප්‍රහාරවලට විරෝධය පෑමට රටක්‌ වශයෙන් ශ්‍රී ලංකාවටත්, බුදු දහම ප්‍රතිපදාවක්‌ ලෙස පිළිපදින බෞද්ධ ප්‍රජාවටත් ඇති අයිතිය අපි කිසිසේත් අවතක්‌සේරු නොකරමු. එහෙත් එකම කලාපයේ මිත්‍ර රටවල් දෙකක්‌ අතර ඇති වූ මේ සිද්ධියේදී එම විරෝධය දඩමීමා කරගෙන කිසියම් පටු අරමුණක්‌ ඉටුකර ගැනීමට යමකු හෝ යම් පිරිසක්‌ පෙරේදා (04) පැවැති බොදු බළ සේනා විරෝධතා ව්‍යාපාරයේදී උත්සාහ කළ බව අපි දුටුවෙමු. බොදු බළ සේනා සංවිධානයේ ප්‍රධානී කිරම විමලජෝති හිමියන් සහ තවත් හිමි නමක්‌ එම විරෝධතා ව්‍යාපාරය අතරතුර සංදේශයක්‌ බාර දීම සඳහා බංගලාදේශ තානාපති කාර්යාලය තුළට ගිය අවස්‌ථාවේදී ගල් ප්‍රහාරයක්‌ එල්ල කිරීම කිසියම් සැලසුම් සහගත උත්සාහයක්‌ බවට පැහැදිලි කෙරෙයි. අඩුම තරමින් විරෝධතාකරුවන්ට බංග්ලාදේශ මහ කොමසාරිස්‌ කාර්යාලය අසලට යැමටවත් නොදී බාධා එල්ල විණි නම් මෙබඳු ක්‍රියාවකට විරෝධතාකරුවන් පෙළඹිණි යෑයි සිතිය හැක. එහෙයින් මේ ක්‍රියාව සම්බන්ධයෙන් නිසි පරීක්‍ෂණයක්‌ සිදුකර රටක්‌ ලෙස ශ්‍රී ලංකාවට යම් අපකීර්තියක්‌ විණි නම් එය නිවැරැදි කිරීම ආරක්‍ෂක අංශවල වගකීමකි.

මුස්‌ලිම් අන්තවාදය යනු මුස්‌ලිම් ප්‍රජාව නො වන බව අපි හොඳින්ම දනිමු. ලෝකය පුරා යුද ගිනි දැල් කළ කෝලාහල වෙත්නම් ඒ බොහෝමයකට මූල බීජය මුස්‌ලිම් අන්තවාදය බව ද අපි දනිමු. ශ්‍රී ලංකාව තුළ එබඳු අන්තවාදී ක්‍රියාවකට මුස්‌ලිම් ප්‍රජාව පෙළඹී ඇති බවට අපට කිසිදු සාධකයක්‌ නැත. බංග්ලාදේශයේ චිතගොන් බෞද්ධ විහාරස්‌ථාන විනාශ කිරීම සම්බන්ධයෙන් තම අප්‍රසාදය පළ කිරීමට මෙරට මුස්‌ලිම් ආගමික නායකයන් විසින් පුවත්පත් සාකච්ඡාවක්‌ පැවැත්වූ අයුරු ද පුවත්පත් වාර්තාවලින් අපි දුටිමු.

එහෙත් මුස්‌ලිම් අන්තවාදය හේතුවෙන් ආසියානු කලාපයේ රටවල් බොහෝමයක බෞද්ධයන්ට සිදුවන හිරිහැර වැඩි වී තිබේ. ඉන්දුනීසියාවේ, ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ මෙන්ම බුරුමයේ බෞද්ධයන්ට ද මුස්‌ලිම් අන්තවාදය හේතුවෙන් නිතර නිතර ප්‍රහාර එල්ල වන බව විදෙස්‌ ප්‍රවෘත්ති වාර්තා කරයි. තායිලන්තයේ පමණක්‌ මේ වන විට බෞද්ධ භික්‍ෂුන් ඇතුළු බෞද්ධාගමිකයන් 6000 ක්‌ පමණ ඝාතනය කර ඇති බව වාර්තා වෙයි.

බංග්ලාදේශය තුළ මේ ආගමික අන්තවාදය ඉතා දරුණු ලෙස ක්‍රියාත්මක වෙයි. ශ්‍රී ලංකාව තරම්ම බෞද්ධාගමික ඉතිහාසයක්‌ ඇති බංග්ලාදේශයේ බොහෝ වෙහෙර විහාරස්‌ථාන වසර 500 කට වඩා පැරැණිය. එහෙත් අන්තවාදී මුස්‌ලිම් ආක්‍රමණ හේතුවෙන් අද බෞද්ධයන්ට සිදුවී ඇත්තේ චිතගොන් කඳුකර ප්‍රදේශයේ දුකසේ දිවි ගෙවමින් තම සංස්‌කෘතික අනන්‍යතාවන් ආරක්‍ෂා කර ගැනීමටය. එසේ දුක්‌ පීඩා විඳ දරා ගත නොහැකි බොහෝ දෙනෙක්‌ එක්‌කෝ බංග්ලාදේශය අතහැර යයි. බංග්ලාදේශ රජයටත් මේ අන්තවාදය පාලනය කිරීමට නොහැකි වී ඇත්තේ ලෝකය පුරා ඉතාමත් දරුණු ලෙස ක්‍රියාත්මක වන මූලධර්මවාදී මුස්‌ලිම් ව්‍යාපාරයකින් පෝෂණය වන හෙයිනි. ඇෆ්ගනිස්‌ථානයේ ඓතිහාසික බාමියන් බුදු පිළිම ඩයිනමයිට්‌ දමා සුණු විසුණු කර දැමුවේ මේ අන්තවාදය විසිනි. ඇමරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට ප්‍රහාර එල්ල කර තුන්දහසකට අධික අහිංසක ජීවිත ගණනක්‌ විනාශ කළේ මේ අන්තවාදය විසිනි. එහෙත් ඉස්‌ලාම් ආගමික නායකතුමන්ට අපහාස වන ආකාරයේ චිත්‍රපටයක්‌ ප්‍රචාරය වීමත් සමඟ ඔවුන් මුළු ලෝකයටම දැනෙන ලෙස ඊට විරෝධය පෑවේ ය.

කිසිදු ආගමික අන්තවාදයක්‌ හෝ ආගමකට එරෙහි අපහාස ක්‍රියාවක්‌ අනුමත නොකරන අපි පුවත්පතක්‌ ලෙස ඒ මොහොතේ මුස්‌ලිම් ප්‍රජාවට කතුවැකියකින් ම සහයෝගය පළ කළෙමු.

කෙසේ වුවත් ආගමක්‌ යනු පුද්ගලයා හික්‌මවන, ඔහුට හෝ ඇයට යහපත් මාර්ගය කියා දෙන කිසියම් සහජීවන දර්ශනයකි. ඒ තුළ අන්තවාදී වුවමනාවන්ට ඉඩක්‌ පැවැතිය නොහැක. නබි නායකතුමන්ගේ දේශනාවන්ගෙන් යුතු ඉස්‌ලාම් ධර්මය ද එබඳු දහමක්‌ බව අපි විශ්වාස කරමු. "ධම්මො හවේ රක්‌ඛති ධම්මචාරීZ හෙවත් ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකිනු ඇතැයි බුදුන් වහන්සේ දේශනා කර ඇත. එය ඉස්‌ලාම් දර්ශනය තුළ ද පොදු ධර්මතාවක්‌ ලෙස දකින්නට අපි නොපැකිළෙමු.

Editorial/divaina/06-10-2012

Thursday, September 6, 2012




උතුරට 'කොළ එළි' දල්වන නැගෙනහිර බලය


නිරෝෂන් හැඳලගේ

ප්‍රවේශය

තමිල්නාඩුවේ වේලක්‌කන්නි හි වන්දනාවේ ගිය කතෝලික බැතිමතුන් පිරිසක්‌ රැගත් බස්‌රථ කීපයකට එල්.ටී.ටී.ඊ. හිතවාදී කල්ලි විසින් එල්ල කළ ප්‍රහාරය මේ වන විට ලෝක අවධානයට පත් ප්‍රවෘත්තියකි. ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට පැමිණෙන කුමන මට්‌ටමේ අයකුට හෝ විරෝධය පෑම එල්.ටී.ටී.ඊ. හිතවාදී කල්ලි පමණක්‌ නොව තමිල්නාඩු දේශපාලන නායකත්වයේ ද පුරුද්දක්‌ බවට දැන් පත් වී ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් පිරිසකට තමිල්නාඩු ගුවන් හමුදා පුහුණු කඳවුරක දී පුහුණුව ලබා දීමට එරෙහි වූ තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා මධ්‍යම ආණ්‌ඩුවට විරෝධය පෑම හේතුවෙන් එම නිලධාරීන් දිල්ලියට ගෙන්වා පුහුණුව ලබා දීමට ඉන්දීය රජයට සිදු විය. එමෙන්ම ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශවලට ඉන්දියාවේදී කිසිදු පුහුණු කටයුත්තක්‌ සිදු නොකළ යුතු බවට තමිල්නාඩු නායකයන් විසින් දැඩි විරෝධයක්‌ පළකරන ලදී. මේ සම්බන්ධයෙන් සිය ස්‌ථාවරය පළ කළ ඉන්දියාවේ ආරක්‍ෂක ඇමැතිවරයා කියා සිටියේ තමිල්නාඩු විරෝධය කුමක්‌ වුවත් ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන් සඳහා ඉන්දියාවේදී සිදු කෙරෙන පුහුණු කටයුතු නවතා දමන්නේ නැති බවයි. තමිල්නාඩුව තරහ කරගැනීම කොංග්‍රස්‌ ආණ්‌ඩුවට එතරම් හිතකර තත්ත්වයක්‌ නොවුවත් ශ්‍රී ලංකාව හා පවතින මිත්‍රත්වයට හානියක්‌ කර ගැනීමට ද ඔවුන්ගේ බලාපොරොත්තුවක්‌ නැති බව මෙයින් පැහැදිලි වෙයි.

කෙසේ වුවද මේ දිනවල ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව ජීවත්වන නැගෙනහිර පළාත ද ඇතුළත්ව පළාත් තුනක පළාත් සභා මැතිවරණය පැවැත්වෙන හෙයින් දිගින් දිගටම ශ්‍රී ලංකාවට එරෙහිව තමිල්නාඩුවේ දී සිදුකෙරෙන විරෝධතා මැතිවරණය ඉලක්‌ක කරගත්තක්‌ දැයි සිතෙන්නේ නැගෙනහිර පළාත් සභාව තුළ දෙමළ ජනතාව බහුතරයක්‌ නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානය සිය බලය තහවුරු කරගැනීමේ දැඩි උත්සාහයක පසුවන හෙයිනි. දෙමළ ජාතික සන්ධානය මෙන්ම බහුතර මුස්‌ලිම් ඡන්දදායකයන් පිරිසක්‌ නියෝජනය කරන ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය ද නැගෙනහිර පළාත් සභාවේ බලය තහවුරු කර ගැනීමේ දැඩි උත්සාහයක පසුවෙයි.

විසුරුවා හරිනු ලැබූ නැගෙනහිර පළාත් සභාවේ පිල්ලෙයාන්ගේ සභාපතින්වයෙන් යුතුව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය බලය තහවුරු කරගෙන සිටියේ එක්‌ ආසනයකිනි. නැගෙනහිර එල්.ටී.ටී.ඊ. බලය මුළුමනින්ම බිඳ දමා ජයග්‍රහණයේ උණුසුමත් සමග පැවැති එම නැගෙනහිර පළාත් සභා මැතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානය මැතිවරණයට තරග කළේ නැත. ඒ අනුව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට නැගෙනහිර බලය දිනා ගැනීමේ එතරම් ගැටලුවක්‌ පැවැතුණේ නැත. එහෙත් 2012 මැතිවරණය සන්ධානයට එබඳු පහසු ජයග්‍රහණයකට ඉඩ තබතැයි විශ්වාස කළ නොහැක. නැගෙනහිර පළාත සඳහා තරග වදින දේශපාලන පක්‍ෂ සංයුතිය විමසා බලන විට කිසිදු පක්‍ෂයකට තනි ජයග්‍රහණයක්‌ ලැබීමේ අවකාශයක්‌ ලැබේ යෑයි කීමට ද හැකියාවක්‌ නැත. නැගෙනහිර පළාත තුළ මුස්‌ලිම් බහුතරයක්‌ ජීවත් වන නිසා මුස්‌ලිම් කොංග්‍රසය එම ඡන්ද දිනා ගැනීමට අපේක්‍ෂාවක පසු වෙයි. එහෙත් මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ බහුතරයක්‌ ලෙසත්, ත්‍රිතුණාමලය දිස්‌ත්‍රික්‌කයේ 1/3 ක පමණ ප්‍රමාණයකුත් දෙමළ ජනතාව ජීවත් වන නිසා දෙමළ ජාතික සන්ධානය එම ඡන්ද දිනා ගැනීමේ අපේක්‍ෂාවක පසුවෙයි. ගියවර මැතිවරණයේ දී ලද ජයග්‍රහණයත් සමඟ ආණ්‌ඩු පක්‍ෂය ද කිසියම් බලාපොරොත්තුවක්‌ තබාගෙන සිටින අතර එක්‌සත් ජාතික පක්‍ෂය උතුරු නැගෙනහිර ප්‍රදේශවල තමන්ගේ සුපුරුදු ඡන්ද පදනම සමඟම ආණ්‌ඩුව කෙරේ වන ජනතා විශ්වාසය පිළිබඳ වන තක්‌සේරුව මත ද නැගෙනහිර පළාත් සභාව තුළ සැලකිය යුතු ආසන ප්‍රමාණයක්‌ දිනා ගැනීමේ බලාපොරොත්තුවක්‌ තබාගෙන සිටී.

වාර්ගික අරගලයේ සීතල යුද්ධය

අප දකින්නට, අසන්නට අකැමැති වුව ද නැගෙනහිර පළාත් සභා මැතිවරණයත් සමඟ තිරය පිටුපස තිබූ වාර්ගික අරගලය දැන් තිරයෙන් ඉදිරියට පැමිණ ඇති බව කාටත් පෙනෙයි. දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන ස්‌ථාවරය පසෙකින් තබා ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ දේශපාලන ස්‌ථාවරය විමසා බැලීම වඩාත් යෝග්‍ය යෑයි හැඟෙයි. මන්ද දෙමළ ජාතික සන්ධානය zඋපතින්මZ දෙමළ බලය තහවුරු කෙරෙන පාලන ඒකකයක්‌ බලාපොරොත්තු වන වාර්ගිකත්වය මත පදනම් වූ පක්‍ෂයක්‌ බව අපි දනිමු. ඒත් ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය හෝ මුස්‌ලිම් ජාතිකයන් නියෝජනය කරන වෙනත් දේශපාලන පක්‍ෂ හෝ කණ්‌ඩායම් මෙවර තරම් කිසිදු අවස්‌ථාවක වර්ගය මත පදනම් වූ පරිපාලන ඒකකයක්‌ මේ රටෙන් බලාපොරොත්තු නොවූ හෙයිනි. ශ්‍රී ලංකාව පුරා සියලුම පළාත්වල දෙමළ ප්‍රජාවටත් වඩා ව්‍යාප්තව ජීවත් වනුයේ මුස්‌ලිම් ප්‍රජාව ය. බොහෝ ප්‍රදේශවල සිංහල ප්‍රජාව සමඟ සහයෝගයෙන් සිය සංස්‌කෘතික හා ආගමික අනන්‍යතාව ආරක්‍ෂා කරගෙන ජීවත් වීමට මේ රටේ මුස්‌ලිම් ප්‍රජාවට හැකි වී ඇතැයි කිවහොත් ඊට විරුද්ධව තර්කයක්‌ ගෙන ආ හැකි කිසිවකුත් සිටිය නොහැක. අගනුවර කේන්ද්‍ර කරගත් වෙළෙඳපළද වැඩි නියෝජනයක්‌ කරන්නේ මුස්‌ලිම් ප්‍රජාව ය.

එල්.ටී.ටී.ඊ. බලය පැවැති සමයේ මුස්‌ලිම් ප්‍රජාවට තිබූ ප්‍රධාන ගැටලුව නම් උතුරු නැගෙනහිර ප්‍රදේශ පසුබිම් කොට ගත් තම ගම්බිම් හැරදමා යන්නට සිදු වීමය. එල්.ටී.ටී.ඊ. ය මන්නාරමෙන් පලවා හැරි මුස්‌ලිම් පවුල් බොහෝ ප්‍රමාණයක්‌ අදටත් පුත්තලම ප්‍රදේශයේ ජීවත් වෙයි. එල්.ටී.ටී.ඊ. ය ඇතුළු බෙදුම්වාදී දෙමළ නායකයන්ට මුස්‌ලිම් ජනතාව අවශ්‍ය වූයේ උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ කතා කරන බහුතරය පෙන්වා තම නිජබිම් අයිතිය තහවුරු කර ගැනීමට පමණය. 2002 වසරේ පැවැති සාම සාකච්ඡා අතරතුර ඔවුන් ලෝකයට මේ පණිවුඩය ප්‍රබල ලෙස රැගෙන ගියේ ය. එවක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුතුව පැවැති සාම සාකච්ඡාවල ප්‍රතිඵලයක්‌ ලෙස උතුරු නැගෙනහිර ප්‍රදේශවල යුද හමුදා පාලනය කිලෝමීටර ගණනකින් ආපස්‌සට යවන්න සමත් වූ එල්.ටී.ටී.ඊ. ය එක්‌සත් ජාතීන්ගේ සම්මුති ප්‍රකාරව වෙනම පරිපාලන ඒකකයක්‌ පිහිටුවා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධාන අංගයක්‌ ලෙස එකම භාෂාවක්‌ කතා කරන ප්‍රජාවක්‌ සිටින බව පෙන්වීමට මුස්‌ලිම් ප්‍රජාව අතකොළුවක්‌ බවට පත් කර ගත් බව අද මුස්‌ලිම් නායකයන්ට අමතකව තිබීම ද පුදුමයකි. කොහොම වෙතත් නැගෙනහිර පළාත් සභාව සඳහා මුස්‌ලිම් ජාතික මහ ඇමැතිවරයකු පත්කොටගෙන මුස්‌ලිම් ජනතාවගේ අයිතීන් දිනාගත යුතු යෑයි මුස්‌ලිම් කොංග්‍රස්‌ නායකයන් අද දැඩි මතයක සිටින්නේ ඇයි ද යන්න පිළිබඳ විමසා නොබලතොත් එය අඩුවකි.

විසුරුවා හරින ලද නැගෙනහිර පළාත් සභාවේ පාලනයෙන් එම පාලන කලාපයේ ජීවත්වන බහුතර මුස්‌ලිම් ජනතාවගේ ජීවන අවශ්‍යතා ඉටු නොවූ බව මුස්‌ලිම් නායකයන් එල්ල කරන ප්‍රධාන චෝදනාව කි. පළාත් සභාවේ මහ ඇමැතිවරයා දෙමළ ජාතිකත්වය මත පදනම් වූ පුද්ගලයකු වීමත් මේ චෝදනාවට හේතුවක්‌ වුණා යෑයි කීමේ වරදක්‌ ද නැත. ඔහුගේ ක්‍රියාකලාපය ද නැගෙනහිර පළාත් සභාවේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පාලනය පිළිබඳ බහුතර මුස්‌ලිම් ප්‍රජාව කලකිරවන්නට හේතු වූ බවටද බොහෝ තොරතුරු වාර්තා විය, කෙසේ වෙතත් අවසාන ඵලය බවට පත් වී ඇත්තේ ශ්‍රී ලංකාවේ තවත් කොටසකට තවත් වාර්ගික පදනමක්‌ මත පාලනය කිරීමේ වුවමනාවක්‌ ඇති කිරීම ය.

දෙමළ ජාතික සන්ධානයේ හැසිරීම

දෙමළ ජාතික සන්ධානය ගිය වර නැගෙනහිර පළාත් සභාවට ඉදිරිපත් නොවූ අතර මෙවර ඉදිරිපත් වන්නේ ද උතුර නැගෙනහිර දෙපළාත එක පරිපාලන ඒකකයක්‌ විය යුතුය යන ස්‌ථාවරයේ පිහිටා බව අප දන්නා දේශපාලනය ය. එම පදනමේ සිට ඔවුන්ගේ උත්සාහය වන්නේ නැගෙනහිර පළාතේ බලය තහවුරු කොටගෙන zදෙමළ නිජභූමියZ නමැති නාමකරණයෙන් පමණක්‌ වියුක්‌ත කළ දෙමළ වාර්ගිකත්වය මත පදනම් වූ පරිපාලන කලාපයක්‌ පිහිටුවා ගැනීමය. දෙමළ නිජභූමිය වෙනුවට ඔවුන් මෙය හඳුන්වන්නේ දෙමළ ජනතාව විසින් ම පාලනය කරනු ලබන පාලන ඒකකයක්‌ කියා ය. එසේ වාර්ගිකත්වය ඉස්‌මතු කළ පාලන කලාපයක්‌ තුළ නැගෙනහිර පළාතේ ජීවත් වන බහුතර මුස්‌ලිම් ප්‍රජාවගේ හා අම්පාර, ත්‍රිකුණාමලය බඳු ප්‍රදේශවල ජීවත්වන සිංහල ප්‍රජාවගේ අයිතීන්ට වන්නේ කුමක්‌ද යන්න පිළිබඳ ඔවුන්ට පැහැදිලි විසඳුමක්‌ නැත.

දෙමළ ජාතික සන්ධානය මෙම මැතිවරණයේ දී ප්‍රධාන සටන් පාඨය බවට පත්කරගෙන තිබෙන්නේ ආණ්‌ඩුව උතුරු නැගෙනහිර ප්‍රදේශ සඳහා දේශපාලන විසඳුමක්‌ ලබා දීමට තවමත් ප්‍රමාද වීම පිළිබඳවයි. ඒ අතරම තම ජනතාව ජීවත් වන ප්‍රදේශවලින් යුද හමුදාව ඉවත් නොකිරීම, සිංහල කරණය, නැවත පදිංචි කිරීම් ප්‍රමාද කිරීම ආදී චෝදනා මල්ලක්‌ කරේ ලාගෙන දෙමළ සන්ධානය පසුගිය දිනවල මැතිවරණ ප්‍රචාරණයේ නිරත වුණි. තමිල්නාඩුව තුළ ශ්‍රී ලංකාවට එරෙහිව ගොඩනැගෙන එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ විරෝධතාත් මේ මැතිවරණයේ තුරුම්පු ලෙස පාවිච්චි කිරීමට ඔවුන් අකැමැති වුණේ නැත. එල්.ටී.ටී.ඊ. යට එරෙහි යුද්ධයේ අවසන් අදියරේ දී සිදු වූ මානව හිමිකම් කඩවීම්වලට එරෙහිව ශ්‍රී ලංකාවට දඬුවම් කරන්නැයි ඉල්ලා තමිල්නාඩු දේශපාලනය ගෙනයන අතිශය ග්‍රාම්‍ය වූ විරෝධතා ඔස්‌සේ ශ්‍රී ලාංකික දෙමළ ජනතාව තුළ තම රටට ම එරෙහිව හඬක්‌ ගොඩ නැඟීමට ඇතැම් දෙමළ නායකයන් ද උත්සාහ දරන බව රහසක්‌ නොවේ. මේ මැතිවරණ සමයේ ඒවා වඩාත් පැහැදිලිව පෙනෙන්නට වී තිබේ.

බලයේ සිටිමින් බලය දිනා ගැනීමේ සටන

නැගෙනහිර පළාත් සභාවේ බලය පිහිටු වීම පිළිබඳ ආණ්‌ඩුව ද දැන් පසුවන්නේ පීඩනයක ය. නැගෙනහිර පළාත් සභාව සඳහා ඉදිරිපත්ව සිටින දේශපාලන පක්‍ෂවල ඡන්ද පදනම පිළිබඳ සලකා බලන විට කිසියම් ප්‍රධාන පක්‍ෂයක්‌ තවත් පක්‍ෂයක්‌ සමඟ එක්‌ව පළාත් සභාවේ පාලනයක්‌ පිහිටු වීමේ අවශ්‍යතාව දැන් පැහැදිලිව පෙනෙන්නට තිබේ. ගැටලුව ඇත්තේ zදීග කන්නටZ කැමැති වන්නේ කවුද යන්න ය. දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන අරමුණු ගෙන බලන කල මුස්‌ලිම් කොංග්‍රසය ඔවුන් හා එක්‌ව නැගෙනහිර පළාතේ ආණ්‌ඩුවක්‌ පිහිටුවාවි යෑයි සිතිය නොහැක. තම පක්‍ෂය ට මහා ඇමැති ධුරය බලාපොරොත්තු වන කොංග්‍රසය ආණ්‌ඩුව හා සමඟ එක්‌ව පාලනයක්‌ පිහිටුවාවි යෑයි ද බලාපොරොත්තු විය නොහැක. එබඳු එකඟතාවක්‌ ඇති වුණි නම් මුස්‌ලිම් කොංග්‍රසය මේ මැතිවරණයට ඉදිරිපත් වන්නේම සන්ධානයේ ඡන්ද සලකුණ යටතේ ය. ආණ්‌ඩුවට ද පිල්ලෙයාන් සාධකය ඉවත් කර බලය පිළිබඳ තීරණයකට එළැඹීමේ හැකියාවක්‌ නැත. මේ නිසා මැතිවරණ ප්‍රතිඵල මත ඇතිවන බල සංයුතිය විසින් නැගෙනහිර පළාත් සභාව පාලනය කරන්නේ කවුරුන් ද යන්න තීන්දු කරනු ඇත.

සමාලෝචනය

නැගෙනහිර පළාත් සභාව සඳහා කුමන හෝ දේශපාලන පක්‍ෂයක්‌ හෝ පක්‍ෂ දෙකක්‌ හෝ කීපයක්‌ එක්‌ව පාලනයක්‌ පිහිටුවුව ද එය උතුරු පළාත් සභාව සඳහා මොනයම් හෝ උත්තේජනයක්‌ කිරීම අනිවාර්ය තත්ත්වයකි. නමුත් පවතින තත්ත්වය මත රට තුළ යළි වාර්ගිකමය බෙදීමක්‌ ඇතිවේදොaයි යන සැකය මතුව තිබේ. එල්.ටී.ටී.ඊ. යේ බෙදුම්වාදී ම්ලේච්ඡ ජන සංහාර ක්‍රියා අවසන්ව රට තුළ දැන් පවතින සාමයිකත්වයට මේ තත්ත්වය එතරම් ගුණදායක වන්නේ නම් නැත.

එහෙයින් තිබුණාටත් වඩා දරුණු ලෙස ගොඩනැගෙන්නට උත්සාහ කරන මෙම වාර්ගික බෙදීම ලත් තැනම ලොප් කිරීමේ වගකීම ඇත්තේ මේ ආණ්‌ඩුවට ය. නැගෙනහිර ඇතුළු මැතිවරණය පැවැත්වෙන අනෙකුත් පළාත් සභා දෙක කල් පිරෙන්නට වසරක පමණ කාලයක්‌ තිබිය දී, විසුරුවා හැරීමට පෙර ආණ්‌ඩුව කළ යුතුව තිබුණේ අඩුම තරමින් යුද්ධයෙන් ලද ජයග්‍රහණය තහවුරු කෙරෙන සුදුසු දේශපාලන විසඳුමක්‌ යෝජනා කරන්නටවත් ආරම්භයක්‌ ගැනීම ය. නමුත් ආණ්‌ඩුව එම වගකීම ගැන බරපතළ ලෙස තැකීමක්‌ කළ බවක්‌ පෙනුණේ නැත. අද නැගෙනහිර බලය දිනා ගැනීමේ අරගලයේ දීද ආණ්‌ඩුවට පාරාවළල්ලක්‌ බවට පත්ව ඇත්තේ එම වගකීමෙන් තොර හැසිරීම ය. ඒත් උතුරට යන්නට පෙර හෝ ආණ්‌ඩුව තමන් බුද්ධිමත් වීමේ වැදගත්කම නොසලකා හැරියහොත් රට හැරෙන දිශාව එතරම් සුබදායක නොවනු ඇත.
divaina-07-09-2012

Sunday, August 26, 2012


වෙන්නේ මොනවාද දන්නේ නැති රටක්‌




                                                                  

                                                                                                                                                                         










නිරෝෂන් හැඳලගේ



ස්‌වාසිලන්ත රජු ශ්‍රී ලංකාවේ කළ සංචාරය ආණ්‌ඩුවට ඒ තරම් ගුණදායක වුණේ නැත. ස්‌වාසිලන්තයත්, එහි රජුත් ලොව පුරා ප්‍රචලිතව ඇත්තේ එක්‌තරා ගෝත්‍රික චාරිත්‍රයක්‌ සම්බන්ධයෙන් වීම ඊට හේතුවයි. එබඳු තත්ත්වයක්‌ පවතිද්දී ජනාධිපතිවරයා කටුනායක බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුqපල වෙතම ගොස්‌ ස්‌වාසි රජු සහ බිරිය පිළිගැනීම කාගේත් කතාබහට ලක්‌ විය. ස්‌වාසි රජු පමණක්‌ නොව ඔහුගේ පියාගේ බිරියන් 350 දෙනා ගැනද තොරතුරු ඇතුළත්ව සතිඅන්ත පුවත්පත්වල පිටු පුරා ලිපි පළවීම මේ තත්ත්වය තවත් උත්සන්න කළේය. ජනමාධ්‍ය හා විපක්‍ෂය ස්‌වාසි රජුගේ සංචාරය පිළිබඳ විවිධ චෝදනා එල්ල කරද්දී මුලදී ස්‌වාසි රාජ්‍යය හා රජු වර්ණනා කරමින් ප්‍රතිඋත්තර බැඳි ඇතැම් මැතිඇමැතිවරු හා රජයේ මාධ්‍ය පසුව රාජ්‍ය නායකයන් අතර ඇතිවන සබඳතා හේතුවෙන් මෙබඳු නිල සංචාර ඇතිවීම සාමාන්‍ය දෙයක්‌ බවට පෙන්වා දීමට උත්සාහ කළහ.

ස්‌වාසිලන්තයෙන් නොව මිනීමස්‌ කන ගෝත්‍රිකයන් තවමත් ජීවත්වන ලෙසතෝ බඳු රාජ්‍යවල රාජ්‍ය නායකයන් වුව ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණිය ද එයින් රටට හානියක්‌ වේ යෑයි අප සිතන්නේ නැත. එහෙත් රාජ්‍ය නායකයන් අතර වන රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල දුරස්‌ථ බව හෝ සමීපස්‌ථ බව තීරණය කිරීමට කිසියම් නිර්ණායකයන් ඇත. ස්‌වාසිලන්ත රජුගේ සංචාරයේදී එම සම්ප්‍රදායයන් කොයිතරම් දුරට රැකුණාද යන්න පිළිබඳ කා තුළත් සැකයක්‌ උපදී. වසරකට වරක්‌ අලුතින් බිරියක්‌ තෝරා ගැනීම ස්‌වාසි රජුගේ ව්‍යවස්‌ථාපිත අයිතියක්‌ විය හැක. නමුත් දියුණු සමාජ ක්‍රමවලදී එබඳු ගෝත්‍රික චාරිත්‍රයන් ශිෂ්ට සම්පන්න ලෙස සලකා ගරු කරන්නේ නැත. අඩුම තරමින් ක්‍රිස්‌තු පූර්ව සියවස්‌වල පටන් යෝනකයන් (මුස්‌ලිම් ජාතිකයන්) සමග සබඳතා පවත්වන සිංහල සමාජය තුළ ඔවුන් සතුවද පවතින එබඳු චාරිත්‍ර අගය කරන්නේ නැත. කෙසේ වුවද ස්‌වාසි රජුගේ මෙරට සංචාරය අප නම් දුටුවේ රාජ්‍ය තාන්ත්‍රික නිල සංචාරයකට වඩා පෞද්ගලික සබඳතා මත සිදුවූ සංචාරයක්‌ ලෙසය. ගැටලුව ඇත්තේ ස්‌වාසිලන්තය බඳු ගෝත්‍රික රටක නායකයකුට වඩා වැදගත් රාජ්‍ය නායකයන් මෙරටට පැමිණි අවස්‌ථාවලදීවත් අපේ රාජ්‍ය නායකයා ඔවුන් පිළිගැනීම සඳහා ගිය අවස්‌ථා සාපේක්‍ෂව අඩු අගයක්‌ ගැනීමය.

රටවල් දෙකක්‌ අතර ද්වීපාර්ශ්වීය සබඳතා පැවැත්වීම අතිශය සාමාන්‍ය තත්ත්වයකි. එහිදී අදාළ රටවල නායකයන්ගේ ජනප්‍රිය භාවයත්, ඔවුන් අතර වන සබඳතාත් බොහෝ විට ඉවහල් වෙයි. එහෙත් අපේ රටට විවිධ රටවල රාජ්‍ය නායකයන් පැමිණි අවස්‌ථාවලදීත් මෙරට රාජ්‍ය නායකයා විදේශ රටවල නිල සංචාරවල නියෑලි අවස්‌ථාවලදීත් විවිධ ව්‍යාපෘති සඳහා අවබෝධතා ගිවිසුම් අත්සන් කළ ද ඒවායින් මේ රටට ලැබුණු ප්‍රතිලාභ ඇත්තේ අල්පයක්‌ පමණක්‌ වීමය. අනෙක්‌ අතට රටක ආණ්‌ඩුවක්‌ බොහෝ විට උත්සාහ ගන්නේ තම රටට වඩාත් ප්‍රතිඵලදායක විය හැකි මට්‌ටමේ රටවල් හා රාජ්‍ය නායකයන් සමග සබඳතා ඇතිකර ගැනීමටය. නමුත් මේ ආණ්‌ඩුවේ විදේශ ප්‍රතිපත්තිය තුළ එබඳු උපක්‍රමශීලී බවක්‌ ඇතැයි දැකිය නොහැක. ඊට හොඳම උදාහරණය නම් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවාහිදී යෝජනාවක්‌ සම්මත වීමය. එහිදී සිදු වූ අතපසු වීමේදී හෝ රටට වඩාත් ප්‍රතිඵලදායක විදේශ සබඳතා ඇතිකර ගැනීමට ආණ්‌ඩුවට දැක්‌මක්‌ තිබිය යුතුය. යුද්ධය අවසන් කර රට සංවර්ධනයේ සිහින සැබෑ කරගැනීමට බලා සිටින මෙබඳු මොහොතක විදේශ ප්‍රතිපත්තිය මීට වඩා කළමනාකරණය කිරීමට තරම් ආණ්‌ඩුවට ඉදිරිය දැකීමේ හැකියාවක්‌ තිබිය යුතුය.

රට එබඳු නිවැරැදි මාර්ගයකට ගත හැක්‌කේ ආණ්‌ඩුව කරන්නේ මොනවාද, නායකයන් කරන්නේ මොනවාද යන්න පිළිබඳ රට තුළ කිසියම් සංවාදයක්‌ ගොඩනැගිය හැකි නම් පමණය. එහෙත් ජනතාව තබා විපක්‍ෂයවත් ආණ්‌ඩුව කරන්නේ මොනවාද කියා දන්නේදැයි අපට සැකයක්‌ ඇත. අධ්‍යාපන ක්‌ෂේත්‍රයේ දැනට පවතින අර්බුද මෙන්ම රටේ ආර්ථිකය සම්බන්ධයෙන් මේ වන විට පවතින අවුල් වියවුල් වලින් පැහැදිලි වන්නේ ආණ්‌ඩුව ගන්නා ඇතැම් තීන්දු තීරණ ගැන ආණ්‌ඩුව ඇතුලේ ඉන්නා අයම දන්නේ නැති බවය. දූෂිත හෙජිං ගනුදෙනුව, බාල ඉන්ධන ගෙන්වීම ආදිය එබඳු අර්බුද පුපුරා ගිය අවස්‌ථාය. මෙබඳු දූෂිත ගනුදෙනු නිසා රටට සිදුවන අලාභය පියවා ගැනීමට ස්‌වාසිලන්තය බඳු ගෝත්‍රික රාජ්‍යයන් සමඟÊපවත්වන සබඳතාවලින් යහපත් වේ යෑයි අපට තර්ක කළ හැකි ද?

කොහොම වෙතත් ස්‌වාසිලන්ත රජු ගුවන්තොටුපළටම ගොස්‌ පිළිගෙන කැඳවාගෙන ඒමේ සිද්ධිය පිළිබඳව වටින් පිටින් ගල් මුල් එල්ල වෙද්දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂට මහත් අස්‌වැසිල්ලක්‌ වූයේ ඉන්දියාවේ කපිලවස්‌තුපුර සිට මෙරටට වැඩම කරවන ලද සර්වඥධාතූන් වහන්සේලා පිළිගැනීමට ද ගුවන් තොටුපළ වෙත යැම ය. ස්‌වාසිලන්ත රජු පිළිගැනීමට යැම හා ඔහුගේ ගෝත්‍රික චාරිත්‍රවලට එල්ල කළ ගල්මුල් බඳු ප්‍රහාර සර්වඥධාතූන් වහන්සේ පිළිගෙන වැඩම කරවීමට යැම සම්බන්ධයෙන් එල්ල කිරීමට කිසිවකුටත් නොහැක. එහෙයින් ස්‌වාසිලන්ත රජුගේ සංචාරය පිළිබඳ චෝදනා උච්චතම අවස්‌ථාවට පැමිණීමට පෙර සර්වඥධාතූන් වැඩම කරවීම ආණ්‌ඩුවේ යහපතට හේතු වූ බව නම් කිව යුතුය.

කෙසේ වෙතත් සර්වඥ ධාතූන් වහන්සේ මෙරටට වැඩම කරවා රටවටා සංචාරය කරවන්නේ එළැඹෙන පළාත් සභා මැතිවරණය ඉලක්‌ක කරගෙන යෑයි ඇතැමුන් චෝදනා කරයි. පළාත් සභා මැතිවරණය ඉලක්‌ක කිරීම කෙසේ වෙතත් ශ්‍රී ලංකාව බඳු බෞද්ධ පුනරුදයකින් පිබිදුණු රටකට ගෞතම බුදුන් වහන්සේගේ සර්වඥ ධාතුන් වැඩම කරවීම. ආගමිකව මෙන්ම ඓතිහාසිකවත් අතිශය වැදගත් අවස්‌ථාවක්‌ ලෙස සැලකීමට දෙවරක්‌ සිතිය යුතු නැත. ඒත් පෙර කී පරිදි එල්ල වන චෝදනාව ඇත්තක්‌ දැයි සිතෙන්නේ ධාතු ප්‍රදර්ශනය පැවැත්වෙන ස්‌ථාන ගැන සලකා බලන කලය. පැල්මඩුල්ලේදී පැවැත්වෙන ප්‍රදර්ශනයෙන් අනතුරුව ධාතූන් වහන්සේ වැඩම කරවන්නේ අනුරාධපුරයටය. එයින් පසු ධාතු ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ කන්තලේදී ය. පැල්මඩුල්ල යනු සබරගමුව පළාතට අයත් ප්‍රදේශයක්‌ බවත්, අනුරාධපුර යනු උතුරු මැද පළාතට අයත් ප්‍රදේශයක්‌ බවත්, කන්තලේ යනු නැගෙනහිර පළාතට අයත් ප්‍රදේශයක්‌ බවත් අමුතුවෙන් පහදා දිය යුතු නොවේ. ඒ වගේම සබරගමුව, උතුරු මැද සහ නැඟෙනහිර පළාත් සභා මැතිවරණය සඳහා මේ වන විට දින නියම කර ඇති බව ද ජනතාවට තෝරා බේරා දිය යුතු නොවේ. ධාතු ප්‍රදර්ශනය කැලණියේ පවත්වා පැල්මඩුල්ලට ගෙන යැම බස්‌නාහිර පළාතට ළඟම පළාතක්‌ ලෙස ගැටලුවක්‌ නැත. නමුත් වයඹ හා මධ්‍යම පළාත් මඟහැර සර්වඥ ධාතුන් වහන්සේ අනුරාධපුරයට වඩම්මවා ප්‍රදර්ශනය කිරීමේ හා එතැනින් කන්තලේට වඩම්මවා ප්‍රදර්ශනය කිරීමේ කිසියම් යටි අරමුණක්‌ නැතැයි කියන්නට ද හැකියාවක්‌ නොවේ. ධාතු ප්‍රදර්ශනය පැවැත්වෙන කාලය තුළ රාජ්‍ය මාධ්‍යයට ඇස්‌කන් යොමු කළහොත් මැතිවරණ ප්‍රචාරක කටයුතු පැවැත්වෙන කාලය තුළ අදාළ පළාත් සභාවලට අයත් ප්‍රදේශවල මෙබඳු ප්‍රදර්ශනයක්‌ පැවැත්වීමේ සද්භාවය පිළිබඳ අපට නම් යම් යම් ගැටලු මතුවෙයි.

එක්‌ අතකට මැතිවරණය පැවැත්වෙන පළාත්වලට අයත් ප්‍රදේශවල බුදුන් වහන්සේගේ සර්වඥ ධාතූන් ප්‍රදර්ශනය කොට ජනතාවට ඉන් ආශිර්වාද ලබා ගැනීමට අවස්‌ථාව සැලසීම හොඳ යෑයිද අපට සිතේ. මන්ද මෙම පළාත් සභාවලට පත්වන දේශපාලකයන්ගෙන් කිසිදු පිහිටක්‌ නොලැබෙන එම ප්‍රදේශවල ජනතාවට මෙබඳු ආශිර්වාදයක්‌ හෝ ලැබීම දුකසේ ගෙවන ජීවිතයට යම් අස්‌වැසිල්ලක්‌ වන හෙයිsනි.

කොහොම වෙතත් මේ රටේ ජනතාව ධාතු වන්දනා කරන අතරතුර "දේශපාලන වන්දනා" ගැනද අවධානයෙන් සිටිය යුතුය. මේ වන විට පැවැත් වූ උසස්‌ පෙළ විභාග හා පැවැත්වෙන උසස්‌ පෙළ විභාග සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන් නොදීමෙන් ද රටේ අධ්‍යාපන ක්‌ෂේත්‍රය අර්බුදයකට පත්කර තිබෙන මොහොතක ආණ්‌ඩුවේ ලකුණු කැපී යැම් මගහරවා ගැනීමට කළහැකි ඕනෑම දෙයක්‌ කිරීමට ආණ්‌ඩුව සූදානම්ය. විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය තරමටවත් ආණ්‌ඩුවට දැනෙන විරෝධයක්‌ පෑමට අසමත් විපක්‍ෂය ආණ්‌ඩුවේ ඒ උත්සාහයන්ට මුක්‌කු ගසමින් සිටී. නමුත් මේ රටේ ජනතාව තමන්ගේ පරමාධිපත්‍යයේ බලය පෙන්වීමට අවස්‌ථාව ලැබී ඇති මේ මොහොතේ රට යන්නේ නිවැරැදි මඟක නොවන බව ආණ්‌ඩුවට සංඥ කිරීමට සූදානම් විය යුතුය. ඒ සඳහා හොඳම අවස්‌ථාව දැන් එළැඹ ඇත්තේ සබරගමුව, උතුරු මැද හා නැගෙනහිර පළාත්වල ජනතාවට ය. සර්වඥ ධාතුන් වහන්සේලාගේ ද ආශිර්වාද ලැබ සම්මා සතියෙන් යුතුව ඡන්දය පාවිච්චි කළහොත් රටේ අනාගතය වෙනස්‌ කළ හැකි බව ඔවුන් පහදාගනු ඇතැයි අපි අපේක්‍ෂා කරමු.

divaina/24-08-12

Wednesday, August 22, 2012













VIP පාස්‌ නැති ධාතු වන්දනාවේ සංවේගය හා 

නිදහස්‌ අධ්‍යාපනයේ අවසානය



මාස තුනකට ආසන්න කාලයක්‌ තිස්‌සේ සරසවි ආචාර්යවරුන්ගේ යෝජනාවලට විසඳුමක්‌ දීමට අසමත්වූ ආණ්‌ඩුව හිරිකිතයක්‌ නැතිව සරසවි වසා දැමුවේය. මෙසේ සරසවි වසා දැමීමෙන් කාරණා දෙකක්‌ හෙළිදරව් වන බව නිරෝධගේ අදහසයි. එකක්‌ නම් ආචාර්ය වර්ජනය නිසා සරසවි අධ්‍යයන කටයුතුවලට කිසිදු බාධාවක්‌ සිදුවී නැතැයි මාධ්‍ය සාකච්ඡා පවත්වා වහසි බස්‌ දෙඩූ උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයාගේ තිරිංග නැති වචන, කටමැත දෙඩවීමක්‌ බව තවදුරටත් ඔප්පුවීම ය. අනෙක නම් ආචාර්ය වර්ජනයේ යථාර්ථයට මුහුණ දීමට අසමත් මේ ආණ්‌ඩුව උත්සාහ ගන්නේ සරසවි වසා දමා, ඒවා වසා දමන්නට සිදු වූයේ ආචාර්යවරුන් ගේ වර්ජනය හේතුවෙන් බව ජනතාවට ඒත්තු ගැන්වීමට ය. ජනතාවද මේවා යම්තාක්‌ දුරට විශ්වාස කරනවාදැයි නිරෝධට සැකයක්‌ තිබේ. මන්ද ප්‍රමිතියෙන් බාල ඉන්ධන නිසා වාහන අතරමඟ නැවතීමෙන් ඇතිවන පීඩාව බඳු පීඩාවක්‌ සරසවි ආචාර්ය වර්ජනය නිසා ජනතාවට දැනෙන්නේ නැත. දිනකට පැය තුනක්‌ විදුලිය විසන්ධි කිරීම නිසා එදිනෙදා කටයුතුවලට සිදුවන බාධා වැනි බාධා සරසවි වර්ජනය නිසා ජනතාවට ඇතිවන්නේ නැත. සර්වඥ ධාතූන් වඳින්නට ගොස්‌ පැය ගණන් පෝලිම්වල පොරකෑවද ආපසු හැරී එන්නට සිදුවන විට වී. අයි. පී. (VIP) පාස්‌වලින් වරප්‍රසාද ලද්දොa ධාතු වන්දනා කරද්දී ඇතිවන සංවේගය බඳු සංවේගයක්‌ සරසවි වර්ජනය නිසා ජනතාවට ඇතිවන්නේ නැත. මේ නිසා මාස තුනක්‌ නොව අවුරුද්ද පුරා සරසවි ආචාර්යවරු වැඩවර්ජනය කළද මේ රටේ ජනතාවගේ ඇස්‌ අරවන්නට නොහැකි වුණත් නිරෝධ පුදුම වන්නේ නැත. ඒත් රට විනාශයට ඇද දැමීමේ අංකුර රෝපණය කරන දේශපාලන කැණහිලුන් නිදහස්‌ අධ්‍යාපන අයිතියටත් අධ්‍යාපනයේ ප්‍රමිතියටත් මේ කරන හානිය නිසා අනාගතයේ රට අනතුරේ වැටුණු පසු සර්වඥධාතු වැඳගැනීමට නොහැකි වුණු නිසා ඇතිවූ සංවේගයටත් වඩා සංවේගයකින් සුසුම් හෙළන්නට මේ රටේ ජනතාවට සිදුවන බව නම් නිරෝධට ස්‌ථීරවම කිව හැක.

මේ ආණ්‌ඩුවේ උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා පැහැදිලිවම පෙනී සිටින්නේ උසස්‌ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම වෙනුවෙන් බව මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ඔහුගේ හැසිරීමෙන් හා ප්‍රකාශවලින් හොඳින්ම පැහැදිලි වෙයි. ඇමැතිවරයාගේ එබඳු නින්දිත උත්සාහයන් ප්‍රසිද්ධියේ විවේචනය වෙද්දී තමන්ගේ ආත්ම ගෞරවයත් උසස්‌ අධ්‍යාපන ඇමැති තනතුරේ ගෞරවයත් නොකෙලසා ඔහු ඉල්ලා අස්‌ නොවෙන්නේ ඔහුගේ ලඡ්ජාව නමැති නහරය ඉවත් කර ඇති නිසාදොaයි නිරෝධට සැක සිතෙයි. අනේ ෘ ඇමැතිතුමා එබඳු කරදරයක වැටිලා නම් ඔහු ඉවත් කිරීමට වෙනකකු මැදිහත් නොවන්නේ නම් මේ ආණ්‌ඩුවේ සියල්ලන්ගේම ලඡ්ජා නහරය උපතින්ම පිහිටා නැතිදොaයි නිරෝධ සංවේගයට පත් වෙයි. 

සරසවි ආචාර්යවරුන්ගේ යෝජනාවලට කිසිදු සෘජු ප්‍රතිචාරයක්‌ දැක්‌වීමට ආණ්‌ඩුව උනන්දු නොවන්නේ "උඹලාටම එපා වුණු දවසක ඕක නවත්තපියව්" කියන්නා සේය. එහෙත් තමන්ගේ අරමුණු වෙනුවෙන් තෙමසකටත් ආසන්න කාලයක්‌ පුරා එකාවන්ව එක අරමුණකින් සිටිමින් සෘජුව කටයුතු කිරීම පිළිබඳ නිරෝධ සරසවි ආචාර්යවරුන්ගේ සංගමයට ශීර්ෂ ප්‍රණාමය පුද කරයි. 

හෙජිං බඳු දූෂිත දේශපාලනික ගනුදෙනු නිසා නඩු කියන්නටත් වන්දි ගෙවන්නටත් කෝටි ප්‍රකෝටි ගණනින් මහා භාණ්‌ඩාගාරයට මුදල් ඇතැයි කියන ආණ්‌ඩුව අධ්‍යාපනයට වෙන් කෙරෙන ප්‍රතිපාදන ඉහළ දමන්නට මුදල් නැතැයි කියන්නේ අනිවාර්යයෙන් ම ලඡ්ජාව නමැති නහරය නැති නිසා බව නිරෝධට නම් දැන් පැහැදිලි ය. නමුත් විශ්වවිද්‍යාල පද්ධතිය නිර්දේශපාලනීකරණය කරන්නැයි ආචාර්යවරුන් විසින් කරනු ලබන ඉල්ලීමට ආණ්‌ඩුව (විශේෂයෙන් උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා) භය වී ඇති සැටි දකින විට කිසියම් ලඡ්ජාවකුත් තියෙන බවක්‌ නිරෝධට සිතෙයි. මන්ද විශ්වවිද්‍යාල පද්ධතිය නිර්දේශපාලනීකරණය වී ස්‌වාධීන ආයතනයක්‌ ලෙස ගොඩනැඟුනහොත් තමන්ගේ ඔළු ඇතුළෙ කිසිවක්‌ නැති බව රටට හෙළිදරව් වන බව මේ දේශපාලකයන් හොඳින්ම දනී. එහෙයින් තමන්ට පාලනය කළ හැකි පිරිසක්‌ විශ්වවිද්‍යාල තුළ රඳවා ගැනීමේ අරගලය මොවුන් අතහරිතැයි සිතිය නොහැක. 

විශ්වවිද්‍යාලයක උපකුලපති ධුරය සෘජු දේශපාලනික මැදිහත්වීමකින් පත් කෙරෙන්නකි. ඒ බලය ඇත්තේ ජනාධිපතිවරයාට ය. ජනාධිපතිවරයා පත්කරන්නේ තමන්ට බැගෑපත් පුද්ගලයකු බව අමුතුවෙන් කිවයුතු නොවේ. එසේ ජනාධිපතිවරයාට පක්‍ෂපාත උපකුලපතිවරයා විසින් අධ්‍යයනාංශ ප්‍රධානීන් පත් කරයි. ඔවුන් උපකුලපතිවරයා ගේ හිත දිනාගන්නා පිරිසකි. ඔවුන් විසින් පත් කරනු ලබන පීඨාධිපතිවරුන් ගැනද තවදුරටත් පැහැදිලි කළ යුතු නොවේ. මේ අනුව විශ්වවිද්‍යාල ධුරාවලිය දේශපාලනයට සම්බන්ධ වී ඇති අයුරු වටහා ගත හැක. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය හා සබරගමුව විශ්වවිද්‍යාලය බඳු විශ්වවිද්‍යාලවල පරිපාලනය සම්බන්ධයෙන් පසුගිය දිනවල අප කවුරුත් ඇසූ දූටු දේවලින් මේ කාරණා වටහාගත හැකි බව නිරෝධගේ අදහසයි. සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ අධ්‍යාපන සුදුසුකම්වල වලංගුභාවය සම්බන්ධයෙන් "දිවයින" පුවත්පතින්ම කොයිතරම් හෙළිදරව් කිරීම් කළ ද යළිත් එම පුද්ගලයාම උපකුලපති ධුරයට පත් කිරීමෙන් විශ්වවිද්‍යාල පද්ධතිය දේශපාලනීකරණය වී ඇති අයුරු මොනවට පැහැදිලි වෙයි. 

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්‌ඩලය සඳහා බොහෝ විට බඳවා ගැනීම් කරනුයේ තාවකාලික පදනමින්ය. එසේ සිදු කෙරෙන බඳවා ගැනීම්වලින් වැඩි පිරිසක්‌ මැති ඇමැතිවරුන්ගේ හෙංචයියන් ය. මෙසේ තිබිය දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්‍ෂක මණ්‌ඩලයට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් දෙදෙනකු ද පත් කිරීමට යෝජනා කරමින් ආණ්‌ඩුව අලුත්ම චක්‍රලේඛයක්‌ නිකුත් කර ඇත. මීට පෙර ද ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන් අදාළ තෝරා ගැනීම් සඳහා සහභාගි නොවුණා නොවේ. ඒත් ආචාර්යවරුන් තෝරා ගැනීමේදී සෘජු බලපෑමක්‌ කිරීමට එම නිලධාරීන් ට හැකියාවක්‌ තිබුණේ නැත. නමුත් 2012-08-06 දාතමින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සියලු විශ්වවිද්‍යාල වෙත නිකුත් කර ඇති චක්‍රලේඛ අංක-991න් අණ කර සිටින්නේ අධ්‍යනාංශ ප්‍රධාන හා පීඨාධිපති කෙබඳු මතයක්‌ දැරුව ද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පත් කළ නිලධාරීන් දෙදෙනාගේ එකඟතාව නැති නම් තෝරා ගැනීම් කළ නොහැකි බවයි. ඒ බව මෙසේ සඳහන් වෙයි. උපුටා ගැනීම .....Should agree with the selection to be made. In case,, both members are not in agreement with the Selection, such apoinment should not be recommended by the Selection Committee. උපුටා ගැනීම අවසන්. මේ චක්‍රලේඛය නිකුත් කරන්නේ සරසවි ආචාර්යවරුන්ගේ සංගමයේ වර්ජනය අතරතුර වීම කාගේත් අවධානයට ලක්‌ විය යුතුය. මෙය කොයිතරම් සදාචාර සම්පන්න ද යන්න විමසා බලන්නැයි උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා ගෙන් හෝ ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටින්නට බැරිය. මන්ද ඒ ඇමැතිවරයාට හෝ ආණ්‌ඩුවට සදාචාරයක්‌ තිබේ නම් මෙබඳු යෝජනා ගෙන එන්නේ නැත. 

මෙහි දේශපාලන අරමුණු දෙකක්‌ නිරෝධට පැහැදිලි වෙයි. එකක්‌ නම් තමන්ගේ අල්ලේ නැටවිය හැකි පමණට විශ්වවිද්‍යාල පද්ධතිය සකසා ගැනීමය. අනෙක මේ ආණ්‌ඩුව දත නියවා සිටින උසස්‌ අධ්‍යාපනය වෙළෙඳපොළක්‌ බවට පත් කිරීමේ අරමුණුවලට විශ්වවිද්‍යාලය ඇතුළෙන් එන බාධා මගහරවාලීමය. එනිසා නිරෝධ යළිත් සිහිපත් කරන්නේ සර්වඥධාතු වන්දනාවට ගොස්‌ VIP පාස්‌ නැතිව ආපසු හැරී එද්දී ඇතිවූ සංවේගය රටේ අධ්‍යාපන ක්‌ෂේත්‍රයට සිදුවෙමින් පවතින විනාශය සම්බන්ධයෙන්ද ජනතාවට දැන් ඇතිවිය යුතු බව ය. 

Watamadala/23-08-2012