Wednesday, November 28, 2012

ප්‍රබන්ධයක්‌ දෙස වියුක්‌තව බැලීමෙන් සාහිත්‍යයට මෙහෙයක්‌ වෙන්නේ නැහැ
 
ලියනගේ අමරකීර්ති


                                           
                                              











සංවාදය - නිරෝෂන් හැඳලගේ


 
 ප්‍රබන්ධකරුවකු ලෙස නවකතාව, කෙටි කතාව හා කවිය යන සාහිත්‍ය ශානර තුනෙහිම නියෑලෙන ඔබ, ඔබේ ප්‍රකාශනය වඩාත් තීව්‍ර කළ හැකි සාහිත්‍යාංගය ලෙස අත්දකින්නේ මින් කුමක්‌ ද?
 බොහෝ දු
රට කෙටිකතාව. එය සාර්ථක වුණොත් ඉලක්‌කයටම වදිනවා. ඒ වගේම කියෑවීම් අත්දැකීම් තීව්‍රයි. විශිෂ්ට කලාව කියන්නේ අත්දැකීම් තීව්‍ර කිරීමයි. ඕනෑම සාහිත්‍යයක්‌ අත්දැකීම ගැන අත්දැකීම තීව්‍ර කරනවා. සාහිත්‍යය කියන්නේ අත්දැකීම් ගැන දෙවැනි අත්දැකීමක්‌. ඒ අතර කෙටි කතාව තියුණු සාහිත්‍යාංගයක්‌. වර්තමාන පොත් වෙළෙඳපොළ අන්ත දෙකකට බෙදුවොත් එක්‌ අන්තයක්‌ කලාත්මක අන්තය ලෙසත්, අනෙක වාණිජ්‍ය අන්තය ලෙසත් හඳුන්වන්න පුළුවන්. නවකතාව තියෙන්නේ වාණිජ්‍ය අන්තයට බරව. කවිය, කෙටි කතාව තිබෙන්නේ කලාත්මක අන්තයක. ඉතාම විශිෂ්ට අන්තයක නවකතාවක්‌ වුණත් ඇත්තේ වාණිජ්‍යමය අන්තයක. ගාර්සියා මාකේස්‌ ගේ නවකතා වුවත් බොහෝ විට වාණිජ අන්තයේ පවතින බව කියන්න පුළුවන්. කෙටි කතාව කොහොමත් වාණිජ අංශයේ පවතින්නේ නෑ. අජිත් තිලකසේන, පියල් කාරියවසම්, කම්මැල්ල වීර වැන්නන් කෙටිකතාවලින් කෙටි කතාවේ කලාත්මක අන්තය ගැන උදාහරණ ගන්න පුළුවන්. කෙටි කතාව මට සුවිශේෂ වන්නේ මේ නිසායි.

 කෙටි කතාවක මෙවලම්වලින් කොයි තරම් ප්‍රබලව කතාවක්‌ කියන්න පුළුවන් ද?

 කෙටි කතාවක්‌ විශිෂ්ට වෙන හැම තැනකම අලුත් යමක්‌ කියනවා වගේම අලුත් විදිහටත් කියනවා. කෙටි කතාව කෙටි වීම නිසා සමහර අත්හදා බැලීම් තියුණු විදිහට කරන්න පුළුවන්. උදාහරණයක්‌ විදිහට සයිමන් නවගත්තේගමගේ zප්‍රේත වස්‌තුවේZ භික්‌ෂුවක්‌ අපවත් වෙලා ඇට සැකිල්ලක්‌ බවට පත් වෙනවා. එය කෙටි කතාවක්‌ නිසා කම්පනීය වටිනාකම වැඩියි. අපි හිතමු මිනිහෙක්‌ කුරුමිණියෙක්‌ බවට පත් වෙන නවකතාවක්‌ තිබෙනවා කියලා. නමුත් පිටු තුන් හාරසීයක්‌ යන විට පාඨකයාට එය කියෑවීම එපා වෙන්න පුළුවන්. ඇතැම් විට මුල අමතක වෙන්නත් පුළුවන්. නමුත් කෙටි කතාවකදී ඒ අත්දැකීම ක්‍ෂණයෙන් ලැබී අවසන් වෙනවා. එවිට එය දැනෙනවා වැඩියි. ඒ නිසා එබඳු අත්දැකීමක්‌ දෙන්න කෙටි කතා මාධ්‍ය හොඳයි කියා මා හිතනවා.

 ෆැන්ටසිමය ආකෘතියෙන් යුතු ප්‍රස්‌තුත ප්‍රබන්ධ කරන්නට කෙටි කතා කලාව වඩාත් යෝග්‍යයයි කියා යෝජනා කළොත්?
 

 මා හිතනවා එය බොහෝ දුරට නිවැරැදියි කියා ගාර්සියා මාකේස්‌ එය හොඳින් භාවිත කළා. හොසේ සරමාගෝ ගේ නවකතාවක්‌ තිබෙනවා ද බ්ලයින්ඩ්ස්‌ කියා. එය විශිෂ්ට නව කතාවක්‌. නමුත් පිටු 100 ක්‌ පමණ කියවන විට එහි ෆැන්ටසිමය තත්ත්වය අපට අමතක වී යනවා. ඒ නිසා මා හිතනවා ෆැන්ටසිමය කතාවක්‌ ලිවීමට කෙටි කතාව වඩාත් සුදුසුයි කියා. නමුත් එයින් හැඟවෙන්නේ නෑ කෙටි කතාවට ෆැන්ටසිමය අර්ථයන් ම අවශ්‍යයි කියලා. තවමත් සාර්ථක යථාර්ථවාදී කෙටි කතා ලියන අය ඕනෑ තරම් ලෝකයේ සිටිනවා.

 ෆැන්ටසිමයත්වයේ ආශ්චර්යයට වඩාත් තියුණු කලාත්මක අන්තර් දෘෂ්ටීන් සැපයිය හැක්‌කේ කෙටි කතාවේදීයි කියා ඔබේ රචනාවකදී සඳහන් කර තිබුණා.
 

 කෙටි කතාවට හෝ නවකතාවට ෆැන්ටසිමය තත්ත්වයක්‌ එකතු කරන්නේ නිර්මාණයට අලුත් අර්ථයක්‌ සපයන්නයි. නමුත් හැම නිර්මාණයක්‌ම ෆැන්ටසිමය වීම සුදුසු වන්නේ නෑ. අර මිහිරි සීනු නාදයේ එක්‌ කෙටි කතාවක විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්‌ තමන්ගේ ගුරවරුන්ගේ දෛනික ජීවිතය වෙනස්‌ කරන්න ඔවුන්ගේ නිවෙස්‌වලට ඇතුළු වී විවිධ දේ වෙනස්‌ කරනවා. එය තථ්‍ය ලෝකයේ සිදුවිය හැක්‌කක්‌ නොවෙන්න පුළුවන්. නමුත් ඒ කතාවෙන් මා උත්සාහ කරන්නේ මිනිස්‌ ජීවිතේ දෛනිකත්වය කියන එක සතෙක්‌ වගේ කොයි තරම් අපව මැඬගෙන ඉන්නවාද කියන එකයි. ඒ නිසයි මම මුලින්ම කීවේ එදිනෙදා ජීවිතයේදී අපි ලබන අත්දැකීම් ගැන අත්දැකීම් ලබන්නේ නෑ කියලා. නමුත් කෙටි කතාවකදී අපි දෛනිකව ලබන අත්දැකීම් සාහිත්‍යමය අත්දැකීමක්‌ ඔස්‌සේ අපට අන්තර් දෘෂ්ටීන් ලබා දෙනවා. එය අපේ ජීවිතයට ප්‍රයෝජනවත්. ඉන් ජීවිතය පිළිබඳ ගැඹුරු අන්තර් දෘෂ්ටීන් ලබන්න පුළුවන්.

 මේ කෙටි කතා එකතුවේ බොහෝ කතාවලින් කෙටි කතාව හා තථ්‍ය ලෝකය අතර රූපිකමය සම්බන්ධයක්‌ ගොඩනඟන්න ඔබ උත්සාහ ගෙන තිබෙනවාද?
 

 ඔව් සමහර කතාවලින් එය සිදුවෙනවා. මම ඊට කියන්න කැමැතියි රූපකාත්මක සම්බන්ධය කියලා. කෙටි කතාව සමස්‌තයක්‌ ලෙස ගත් විට ජීවිතය පිළිබඳ රූපිකමය සම්බන්ධයක්‌. යථාර්ථවාදී කෙටි කතාවකදී පවා එය පවතින්නේ ඒ අර්ථයෙන්මයි.

 අර මිහිරි සීනු නාදය පාඨකයා සංවාදගත කියෑවීමකට කැඳවන බවයි මට හැඟෙන්නේ.
 

 මේ හැම කෙටි කතාවක්‌ම එක්‌තරා ආකාරයකින් වර්තමාන සිංහල බෞද්ධයා සමඟ කරන සංවාදයක්‌. එය සාමාන්‍යයෙන් සාහිත්‍යය පිළිබඳ මගේ මතය. සාහිත්‍ය කරුවෙක්‌ එක්‌තරා ආකාරයකින් තමන් ජීවත් වන සමාජය සමඟ වේදනාකාරී සංවාදයක්‌ රැගෙන යා යුතුයි කියා මා කල්පනා කරනවා. ඒ අනුවයි මෙහි ඇතැම් කෙටිකතා ගොඩනැඟී ඇත්තේ. පාඨකයා මේ කතා කියවන විට ඒ සිද්ධීන් තමන්ගේ ජීවිත අත්දැකීම් හා ගළපමින් කියෑවීමකට යොමු වෙනවා. එය ලේඛකයකු අතින් විය යුත්තක්‌.

 මේ කෙටි කතා බොහෝමයක ඔබේ දේශපාලනික කියෑවීම ස්‌ථානගත කෙරෙනවා. එය සාමාන්‍ය තත්ත්වයක්‌ වුවත් ඇතැම් අවස්‌ථා අනවශ්‍ය ලෙස පෙනී සිටීමක්‌ දොa කියා හිතෙනවා.

 එය පරෙස්‌සමෙන් කළ යුතු සියුම් කාර්යයක්‌. එය පිටිපස්‌සේ තිබෙන්න ඕනේ කලාත්මක පාලනයක්‌. කෙටි කතාවේදී එක වචනයකින් එය සිද්ධ වෙන්න පුළුවන්. නවකතාවකදී එය එතරම් ගැටලුවක්‌ වන්නේ නෑ. එය ඕනෑම කෙනෙකුට වරදින්න පුළුවන් මාත් ඇතුළුව. නැත්නම් අමරසේකර මහතා වගේ කවුරු කොහොම කිව්වත් මම මගේ අදහසේ රැඳෙනවා කියා ඉන්නත් පුළුවන්. නමුත් එය කළ යුත්තේ මෙහෙමයි කියා කාටවත් කියන්න බැහැ. අජිත් තිලකසේන වැනි කෙටිකතාකරුවෙක්‌ කරන්නේ දේශපාලනික අන්තය සම්පූර්ණයෙන් අතහැරලා දාන එක. මම ඒ අන්තයේ ඉන්නෙත් නෑ. අමරසේකර මහතාගේ හා අජිත් තිලකසේන මහතාගේ අතරමැද පවතින්න පුළුවන් නම් වඩාත් හොඳයි කියා මා හිතනවා. පියල් කාරියවසම්, ප්‍රභාත් ජයසිංහ, නිශ්ශංක විඡේමාන්න, අනුරසිරි හෙට්‌ටිගේ වැනි තරුණ කෙටිකතාකරුවන් එතැන ඉන්නා බව මා දකිනවා. අපේ තරුණ කෙටිකතාකරුවන්ට එබඳු තැනකට ආ හැකි නම් එය සිංහල කෙටිකතාවේ සුවිශේෂ තත්ත්වයක්‌ වෙයි කියා මා හිතනවා.

 ඇතැම් කෙටි කතාවල අන්තර්ගතය අනුව අන්තයක පවතින්න වෙනවා නේද?

 මගේ අලුත් ලෙච්චමී කෙටි කතාව ලියන අතරතුර මටත් ඔය ගැටලුව ඇති වුණා. ඒ නිසයි මම කාන්තා කථකයකු යොදා ගත්තේ. මම පිරිමි ලේඛකයකු වුණත් කාන්තා කථකයකු හරහා කතාව කිව්වා. ඒත් එය සාර්ථකම නෑ කියලා මටත් හිතෙනවා. නමුත් මේ කතා අතර හැම කතාවකම මම ඉන්නවා. මම ඉන්න බව පේන්නේ නෑ කියන කතාවෙත් මම ඉන්නවා. මම ඉන්න බව පේන්නේ ඒ කතාවල සාමූහික කථිකාවේ අපි හැමෝම ඉන්න නිසයි. ඒ කෙටි කතාවට ප්‍රතිචාර දක්‌වන බොහෝ දෙනෙක්‌ සාමාන්‍ය මැද පාංතික සමාජයේ ඉන්නේ. සාහිත්‍ය සාර්ථක වෙන්නේ යම් සමාජයක ප්‍රජාව එළිපිට කතා නොකරන හෘද සාක්‍ෂියෙන් හංගන්න හදන දෙයක්‌ එළිදරව් කරනවා නම් කියායි මා හිතන්නේ. මුලදී එය ගැටලුවක්‌ වුණත් ඒ තත්ත්වය හෙළිදරව් වෙලා ඉදිරියට යනකොට හෘද සාක්‍ෂිය අමතක වෙලා ජීවිතය පිළිබඳ අවබෝධය ලැබෙන්න පටන් ගන්නවා. නමුත් යුද්ධයේ අවසාන දිනවල ලංකාවේ මධ්‍යම පාංතික මිනිස්‌සු හැසුරුණු ආකාරය පිළිබඳ මගේ විරෝධය ඒ කෙටි කතාවෙන් පේනවා නම් එය ඇත්ත වෙන්න පුළුවන්.

 මෙහි කෙටිකතා බොහෝමයකට පසුබිම් වන්නේ විශ්වවිද්‍යාලය. ඔබ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්‌. ඒ අත්දැකීම් මේ නිර්මාණයට වැඩි බලපෑමක්‌ කළාද?

 මම මුලින්ම කිව්වා ප්‍රබන්ධ කතාව හා තථ්‍ය ලෝකය අතර පවතින්නේ රූපිකමය සම්බන්ධයක්‌ කියලා. නමුත් මම විශ්වවිද්‍යාලය ඇතැම් කතාවලට පසුබිම් කර ගන්නේ විශ්වවිද්‍යාලය ගැනම කියන්න නොවේ. දෛනිකත්වය විසින් කාගේ හෝ ජීවිතය පාලනය කරනවා කියන්න මට විශ්වවිද්‍යාලය වැදගත් වෙනවා. මොකද විශ්වවිද්‍යාලය කියන්නේ දෛනිකත්වයට හැඩගැසුණු තැනක්‌. රතුවන් රත්නවල්ලි කෙටි කතාවට මම විශ්වවිද්‍යාලය තෝරා ගත්තේ මනුෂ්‍යයකුගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක්‌ ශාස්‌ත්‍රීය ජීවිතය කරා පැතිරෙන්නේ කොහොමද කියන එක විමසන්න. මම ඉන් ගවේෂණය කරන්න උත්සාහ කරන්නෙ මේ මනුෂ්‍යයාට මෙහෙම වුණේ කොහොමද කියන එක. එය හුදෙක්‌ විශ්වවිද්‍යාලය ගැන කතාවක්‌ නොවේ. යම් පුද්ගලයකුගේ ජීවිතය පිළිබඳ ගවේෂණය කිරීමක්‌. නමුත් ඒ අතර විශ්වවිද්‍යාල කියන ආයතන පිළිබඳ පසු කියෑවීමක්‌ කිරීමට ද මා යම් උත්සාහයක්‌ ගත් බව කිව යුතුයි. ලේඛකයකු තමන් ලබන අත්දැකීම් එසේ සාකච්ඡා කිරීම වැදගත්. අමරසේකර මහතා ඉතා නිවැරැදිව එය කරනවා. ඔහු ඒ තුළින් එළැඹෙන දෘෂ්ටිවාදාත්මකභාවය පිළිබඳ විවාද තිබුණත් මා හිතනවා ලේඛකයකු එසේ විය යුතුයි කියලා.

 නූතන කෙටිකතාව පුරාණෝක්‌තිමය සංජානනය අඩංගු කරගත් සාහිත්‍ය ශානරයක්‌ බවට චාල්ස්‌ ඊ මේ නමැති විචාරකයා උපුටමින් ඔබගේ රචනාවක අදහසක්‌ පළ කෙරෙනවා. එසේ නම් සිංහල කෙටි කතාව අපේ ජාතක කතා සාහිත්‍යයේ ම දිගුවක්‌ ය කියන මාර්ටින් වික්‍රමසිංහයන්ගේ මතයට මේ අදහස සමපාත වනවා නොවේද?

 එය ඉතා වැදගත් අදහසක්‌. කතා කීමේ අත්දැකීම කියන එක අවුරුදු දහස්‌ ගණනක්‌ පුරා අපට හුරු දෙයක්‌. ඒ සංස්‌කෘතියෙන් අපට ලැබුණු වැදගත් අංගයක්‌ තමයි කෙටි කතාව. නමුත් ප්‍රශ්නෙ තිබෙන්නේ නූතන කෙටි කතාව හුදෙක්‌ අපේම එකක්‌ කියන රේ‚ය අදහසක්‌ දීම අපහසු වීමයි. මේ නිසා සිංහල කෙටි කතාව ජාතක කතා ඔස්‌සේ සරල රේ‚යව ආ කලාවක්‌ වීම ගැටලු සහගතයි. ජාතක කතාව සිංහල කෙටිකතාව ගොඩනැඟෙන්න හේතුවක්‌ වුණා කියන්නත් පුළුවන්. ජාතක කතා වගේම අනෙකුත් ගම කතා, පුරාණ කතා අපේ කෙටි කතා කලාව ගොඩනැගෙන්න හේතු වුණා වෙන්නත් පුළුවන්. මේ නිසා වර්තමාන සාහිත්‍ය ප්‍රබන්ධ ශානර අතර ඉතා අතීතයට මුල් ඇදුණු සාහිත්‍ය ශානරයක්‌ ඇත්නම් ඒ කෙටි කතාව කියා කියන්න පුළුවන්.

 තනි කෘතියක්‌ වියුක්‌තව ගෙන හොඳ ද නරකද කීම තරම් න්‍යායික සාරවත් බවකින් යුත් විචාර ක්‍රමවේදයක්‌ නොවේ කියා ඔබ අදහස්‌ කරනවා. නමුත් අපේ සාහිත්‍යය විචාර කලාව තුළ මේ ගැන අවබෝධයක්‌ ඇත්දැයි යන්නත් සැක සහිතයි.

 මම හිතන්නේ කිසියම් සැලකිය යුතු බුද්ධිමත් කමකින් ලියෑවුණු සාහිත්‍ය කෘතියක්‌ ඇත්නම් ඒ ගැන කිසියම් සංවාදයක නිමිත්තක්‌ තිබිය යුතුයි. අද සමාජයේ විවිධ දේවල් ගැන, කතිකා තිබෙනවා. සාමය ගැන, අනන්‍යතාව ගැන සිංහලයා ගැන. දියුණු වෙනවා කියන්නේ කුමක්‌ද කියන එක ගැන, අනෙකුත් ජාතීන්ගෙන් වියුක්‌ත වෙලා අපට ජීවත් වෙන්න පුළුවන් ද කියන එක ගැන ආදී වශයෙන් කතිකාවක්‌ තිබෙනවා.

 නවකතාවක්‌ නම් නවකතා කලාවට ආවේණික නීති රීති එක්‌ක පළල් සමාජ කතිකාවට නිර්මාණය සම්බන්ධ කරන්නේ කොහොමද කියලා බලන්න ඕනේ. විචාරකයාට අවශ්‍ය දේවල් නිර්මාණයේ නෑ කියලා නිර්මාණය බැහැර කරන්න බැහැ. විචාරකයාට පුළුවන් වෙන්න ඕනෑ අර කෘතියේ තිබෙන සාහිත්‍ය විභවතා දකින්න. ගැඹුරු සාහිත්‍ය සාකච්ඡාවලදී කෘතියක්‌ හොඳ ද නරකද කියන එක වියුක්‌තව කියන්න බැහැ. ඒ ක්‍රමය දැන් අතහැර දමා හුඟක්‌ කල්ගත වෙලා. එහෙම කරවනවා නම් අපට මේ පොත වැඩක්‌ නැහැ. මේ පොත හොඳයි කියා නවතින්න පුළුවන්. නමුත් එහෙම කීමෙන් සාහිත්‍යයට මෙහෙයක්‌ වන්නේ නැහැ කියලයි මම හිතන්නේ.

Friday, October 5, 2012

ජනතාවත් ආඩම්බරවුණොත්!


නිරෝෂන් හැඳලගේ

ප්‍රවේශය

මාස තුනකට අධික කාලයක්‌ ගෙවී ගොස්‌ ඇතත් සරසවි ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය සම්බන්ධ අර්බුදයට මෙතෙක්‌ සුදුසු විසඳුමක්‌ ලැබී නැත. ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය චෝදනා කරන්නේ ආණ්‌ඩුව තමන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් පැහැදිලි එකඟතාවකට ඒමට තරම් නම්‍යශීලීභාවයක්‌ නොපෙන්වන බවයි.

වර්ජනයේ නිරත ආචාර්යවරුන් සමඟ නිශ්චිත සාකච්ඡා ක්‍රියාමාර්ගයකට එළැඹීමට අපොහොසත් ආණ්‌ඩුව රාජ්‍ය මාධ්‍යවල ඇතැම් කුලීකාරයන් ලවා උදේ පටන් රෑ එළිවනතුරු ආචාර්ය සංගමයේ නායකයන්ගේ පෞද්ගලිකත්වය සමඟ ප්‍රශ්නය විසඳන්නට නිස්‌සාර උත්සාහයක්‌ ගන්නා බව පෙනෙයි. රජයක්‌ ලෙස තමන් වගකීම පැහැරහැර ඇතැයි ආණ්‌ඩුවට සිහිපත් වන්නට වූයේ මහා නාහිමිවරු මේ ප්‍රශ්නයට මැදිහත් වී ආණ්‌ඩුවෙන් ලිත ඉල්ලීමක්‌ ද කළ පසුය. ප්‍රශ්නයට සෘජු සම්බන්ධයක්‌ ඇති ආචාර්ය සංගමයට ලිතව හෝ විසඳුමක්‌ දීමට අපොහොසත් උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහා නාහිමිවරුන්ගේ ලිපියට පිළිතුරු ද ලියාගෙන ගොස්‌ තමන්ගේ දොaතින්ම භාරදීමට තරම් සැදැහැවතකු වුණි.

මුසාවාදා, ගජබින්නවලින් බඩ පුරෝගෙන සිටින උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා පෙරේදා පුවත්පත් සාකච්ඡාවක්‌ පවත්වා කියා සිටියේ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ හා මහා භාණ්‌ඩාගාර ලේකම් පී. බී. ජයසුන්දර සමඟ සාකච්ඡා කිරීමට ආචාර්යවරුන්ට අවස්‌ථාවක්‌ ලබාදෙන බවයි. මහා නාහිමිවරුන් බැහැදැක පැමිණියද තමන්ගේ ජන්ම ගතිය අතහැරගත නොහැකි වූ උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා ඊයේ (04දා) පත්‍රය මුද්‍රණයට යන මොහොත වනතුරුත් ආචාර්ය සංගමයට එබඳු සාකච්ඡාවක්‌ සඳහා නිල දැනුම් දීමක්‌ කළේ නැත.

මේ අතර අර්බුදය විසඳීමට මැදිහත්වන ලෙස ආචාර්යවරුන් විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්‌ කරන ලදී. උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා නොහික්‌මුණු ලෙස ක්‍රියාකොට අවුලෙන් අවුලට පත්කළ සරසවි ආචාර්යවරුන්ගේ ප්‍රශ්නයට මාස තුනක්‌ ඉක්‌ම යන තුරුත් මැදිහත් නොවූ ජනාධිපතිවරයා ඉදිරියට හෝ මැදිහත්වේ යෑයි බලාපොරොත්තු තබා ගැනීම පවා විහිළුවකැයි අපට සිතෙයි. ත්‍රිරෝද රථ රියෑදුරන්ගේ ප්‍රශ්න පවා සාකච්ඡා කිරීමට අරලියගහ මන්දිරයට කැඳවූ ජනාධිපතිවරයාට සරසවි ආචාර්යවරුන් සමඟ සාකච්ඡාවකට වාඩිගත නොහැක්‌කේ මන්ද යන්න පිළිබඳ අපට නම් ඇත්තේ ප්‍රහේලිකාවකි.

මස්‌ රාත්තල?

ආණ්‌ඩුව චෝදනා කරන්නේ සරසවි ආචාර්යවරුන් මස්‌ රාත්තලම ඉල්ලා සිටින බවයි. ආචාර්ය වැඩවර්ජනය දරුවන්ගේ අධ්‍යාපනය ඇපයට තබා තමන්ගේ වැටුප් වැඩිකර ගැනීමට දරන උත්සාහයක්‌ ලෙස සමාජගත කිරීමට රජයේ මාධ්‍ය අසාර්ථක උත්සාහයක නිරත වන්නේ මේ නිසාය. ආචාර්ය සංගමය සිය ඉල්ලීම් අතර එක්‌ ඉල්ලීමක්‌ ලෙස ඉදිරිපත් කර සිටින්නේ මහාචාර්ය මලික්‌ රණසිංහ හා මහාචාර්ය ජෙෆ්රි දෙපළ විසින් 2008 දී සකස්‌ කරන ලද ජෙෆ්රි-මලික්‌ වැටුප් නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසය. මෙම වැටුප් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මහා භාණ්‌ඩාගාරයද එකඟ වී ඇති නිසා ආචාර්ය වර්ජනය වැටුප් ප්‍රශ්නයක්‌ මුල්කරගත් අසාධාරණ එකක්‌ ලෙස පෙන්වා දීමට ආණ්‌ඩුව දරන උත්සාහයෙන් පැහැදිලි වන්නේ ආචාර්යවරුන්ගේ ඉල්ලීම් ගැඹුරින් අධ්‍යයනය කර දශක දෙකක පමණ කාලයක සිට මේ රටේ පවතින අධ්‍යාපන අර්බුදය විසඳීමට මේ ආණ්‌ඩුවටද අවංක වුවමනාවක්‌ නැති බවය.

අධ්‍යාපනයට දරන පිරිවැය ආයෝජනයක්‌ බව අප අමුතුවෙන් පහදාදිය යුතු නොවේ. එහෙත් මෙරට ශ්‍රම බළකායට අවශ්‍ය මානව සම්පත් නිෂ්පාදනයට සෘජුවම දායකත්වය සපයන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සඳහා සාධාරණ වැටුප් තල ඇති කිරීමට ආණ්‌ඩුව අවංක ලෙස ඉදිරිපත් වන බවක්‌ පෙනෙන්නට නැත.

විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ගේ මූලික වැටුප රුපියල් 26,900 ක්‌ වෙද්දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ මූලික වැටුප රුපියල් 54,285 කි. අධ්‍යයන දීමනා හා ජීවන වියදම් දීමනා ගැළපූ පසු ආචාර්යවරයකුගේ දළ වැටුප රුපියල් 39,025 ක්‌ වෙයි. සියලු දීමනා සහිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ගේ දළ වැටුප රුපියල් ලක්‍ෂ 8 ක්‌ ඉක්‌මවයි.

මෙම දළ වැටුප ලබාගැනීමට විශ්වවිද්‍යාල ආචාර්යවරයකු පළමු පංතියේ හෝ දෙවැනි පෙළ ඉහළ සාමාර්ථයක්‌ ලබා උපාධිය සමත්වීම සහ එක්‌ අවුරුදු ශාස්‌ත්‍රීය පර්යේෂණයක්‌ සහිතව සිව් අවුරුදු විශේෂ ගෞරව උපාධියක්‌ ලබාසිටිය යුතු වූවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පාසලකට ගොස්‌ තිබීමවත් අවශ්‍ය නොවේ. කනගාටුවට කාරණය නම් රටේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයකට ඇතුළත්ව උසස්‌ අධ්‍යාපනයක්‌ ලැබූ උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයාද වැස්‌සකට හෝ පාසලකට ගොඩ නොවූ අයකු සේ සරසවි අර්බුදය අච්චාරුවක්‌ කරගෙන සිටීමය.

6%

සරසවි ආචාර්යවරුන් පසුගිය සැප්තැම්බර් මස 23 වැනිදා සිට 28 වැනිදා දක්‌වා ගාල්ල සිට කොළඹට පා ගමනකින් පැමිණීම රටේ අධ්‍යාපන ක්‌ෂේත්‍රයේ පවතින අර්බුද පිළිබඳ ජනතාව තුළ යම් අදහසක්‌ ඇති කිරීම හේතුවූ බවට සැකයක්‌ නැත. දළ ජාතික ආදායමෙන් 6% ක්‌ අධ්‍යාපනය සඳහා වෙන්කරන ලෙස ඉල්ලීම සරසවි ආචාර්යවරුන් රජයට ඉදිරිපත් කළ යෝජනා මාලාවේ ප්‍රබලම යෝජනාවයි. රජයේ රෝහල්වලින් බෙහෙත් ගන්නා රෝගීන්ට පෞද්ගලික ඔසුසල්වලින් බෙහෙත් ගැනීමට ලියාදීමට හා ලේ, මුත්‍රා වැනි පරීක්‍ෂණ පිටතින් මුදල් ගෙවා කිරීමට සිදුවීමට එරෙහිව වෛද්‍යවරුන් රෝගීන් ඇපයට ගෙන හෝ වැඩවර්ජනය කරනු අප මෙතෙක්‌ දැක නැත. එහෙත් සරසවි ආචාර්යවරුන් අධ්‍යාපනය සඳහා 6% ක්‌ වෙන්කරන්නැයි ඉල්ලා සිටින්නේ මේ රටේ සමස්‌ත අධ්‍යාපන ක්‌ෂේත්‍රයේ උන්නතිය අපේක්‍ෂාවෙන් ය. එය අසාධාරණ ඉල්ලීමකැයි යමකු කියයි නම් සෑම වසරකම පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර ගැනීමට යන දෙමවුපියන් පීඩාවට පත්වන්නේ මන්දැයි මදකට සොයා බැලීම වටී. රටේ පාසල් පද්ධතිය තුළ සම අධ්‍යාපන අවස්‌ථාව ක්‍රියාත්මක වේ නම් දෙමවුපියන් මෙබඳු පීඩාවන්ට පත්වන්නේ නැත. පළමු ශ්‍රේණියේ අර්බුදය හේතුවෙන් පාසලක්‌ නැතිව ගෙදර නවතින දරුවන්ද සිටින නිසා මේ වන විට රටේ දරුවන්ගේ පාසල් නොයැමේ දර්ශකය 7% කින් ඉහළ ගොස්‌ ඇති බව සරසවි ආචාර්යවරුන්ගේ ඉල්ලීම් අසාධාරණයෑයි කියන මහත්වරුන් නොදන්නවා වන්නට පුළුවන. හොර සහතික හදා හෝ විදුහල්පතිවරයාට ලක්‍ෂ ගණනින් අල්ලස්‌ දී හෝ දරුවකු පාසලට ඇතුළත් කළද නිදහස්‌ අධ්‍යාපනය ක්‍රියාත්මක මේ රටේ එක්‌ දරුවකු වෙනුවෙන් දෙමාපියන් වසරකට පාසලකට ගෙවිය යුතු ගාස්‌තු කොපමණදැයි දන්නේද දෙමාපියන්ම පමණය. ඇතැම්විට ආචාර්යවරුන්ගේ ඉල්ලීම් අසාධාරණ යෑයි කියනා දෙමාපියන්ද ඒ ගැන කල්පනා කර බලතොත් රටේ අධ්‍යාපනය වෙනුවෙන් රජයක වගකීම කොයි තරම් බරපතළද යන්න හොඳින්ම පැහැදිලි වනු ඇත. අධ්‍යාපනය සඳහා 6% ක්‌ වෙන් කිරීම එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ යුනෙස්‌කෝ කමිටුවේ ප්‍රමිතිය මත තීරණය වන්නක්‌ බව ආචාර්යවරුන්ගේ සංගමය පවසයි. උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා කියා සිටින්නේ එම ප්‍රතිශතය වෙන්කළ යුත්තේ සාක්‍ෂරතාවෙන් අඩු රටවල් බවයි. ලංකාවේ සාක්‍ෂරතාව 94% ක මට්‌ටමක පවතින නිසා එබඳු අවශ්‍යතාවක්‌ නැතැයි යන්න ඔහුගේ අදහසයි. ඒත් උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයාට අමතක වී ඇති කාරණයක්‌ වන්නේ 1960-70 කාලයේ රට කළ දේශපාලන නායකයන් අධ්‍යාපනය සඳහා කළ ආයෝජන නිසා අද මෙබඳු සාක්‍ෂරතා මට්‌ටමක්‌ පවතින බවයි. ඒත් ඒ කාලයට සාපේක්‍ෂව අද අධ්‍යාපන ක්‌ෂේත්‍රය ප්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මකවද පුළුල් වී ඇති බව අමතක නොකළ යුතුය.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පවතින උභතෝකෝටිකය නම් ක්‍ෂේත්‍රය පුළුල්වත්ම ඒ සඳහා වෙන්කෙරෙන ප්‍රතිපාදන ප්‍රමාණාත්මකව පටුවීමයි. අද වන විට 1.8% කට අඩු වී ඇත්තේ 2005 වර්ෂයේදී 2.5% ක්‌ වැනි අගයක පැවැති අධ්‍යාපනයට කෙරෙන වෙන් කිරීම් බව මේ ආණ්‌ඩුවට අමතක කළ නොහැක. අනෙක්‌ කාරණය නම් පහළ මධ්‍යම පාන්තික හා අඩු ආදායම්ලාභී පවුල් බහුතරයක්‌ ජීවත්වන ශ්‍රී ලංකාව බඳු රටක අධ්‍යාපනයේ සම අවස්‌ථා ආරක්‍ෂා කරගත හැකි වනුයේ ඒ වෙනුවෙන් වෙන් කෙරෙන ප්‍රතිපාදන වර්ධනය කිරීමෙන්ම බවට තර්කයක්‌ නැත. ඒත් එල්.ටී.ටී.ඊ.ය මුලිනුපුටා දමා යුද්ධය අවසන් කර තිබියදීත් ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයට ජාතික ආදායමෙන් වැඩිම ප්‍රමාණයක්‌ වන රුපියල් බිලියන 289.5 ක්‌ වෙන් කරන මේ ආණ්‌ඩුව අනාගත ආයෝජනයක්‌ වන අධ්‍යාපනයට වෙන් කරන්නේ රුපියල් බිලියන 37.9 ක්‌ පමණ ය. අධ්‍යාපනයට කරන වෙන් කිරීම් ඉහළ දැමීම කෙසේ වෙතත් අඩුම තරමින් අමතර පංති නොයවා පාසල් අධ්‍යාපනයෙන් පමණක්‌ දරුවන්ගේ අනාගතයට සාර්ථක විසඳුම් දීමට හැකිවන පරිදි අධ්‍යාපනයට ජාතික ප්‍රතිපත්තියක්‌ සකස්‌ කිරීමටවත් මේ ආණ්‌ඩුව පියවර ගත යුතුව ඇත.

ආචාර්ය වර්ජනය පිටුපස බලවේග?

සරසවි ආචාර්යවරුන්ගේ සංගමය ගාල්ලේ සිට ආරම්භ කළ පා ගමන හා විශ්වවිද්‍යාල සිසුන් මහනුවර සිට ආරම්භ කළ පා ගමන රට තුළ වැඩි අවධානයකට ලක්‌ වෙද්දී දණ්‌ඩෙන් පහර කෑ සර්පයන්a මෙන් උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයාත්, විමල් වීරවංශ ඇමැතිවරයාත් රජයේ මාධ්‍ය රූකඩත්, ආචාර්ය පා ගමන පිළිබඳ විවිධ චෝදනා එල්ල කරන්නට විය. විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පා ගමනට සහයෝගය දැක්‌වීමට පැමිණි විට එය සරසවි ආචාර්ය වැඩ වර්ජනය පිටුපස දේශපාලන අරමුණු ඇති බවට චෝදනා කරන්නට විය. එහෙත් අප කවුරුත් නොදන්නා කාරණයක්‌ ඇත. සරසවි ආචාර්ය සංගමයේ සම්පූර්ණ සාමාජික සංඛ්‍යාව පන්දහස ඉක්‌මවන්නේ නැත. එබඳු පිරිසක්‌ රටට, ජනතාවට, දැනෙන ලෙස පා ගමනක්‌ සංවිධානය කිරීම ප්‍රායෝගික වන්නේ නැත. සරසවි ආචාර්යවරුන්ගේ සේවය අත්‍යවශ්‍ය සේවාවක්‌ නොවීම ද ඊට හේතුවකි. මේ නිසා අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත වෘත්තීය සමිතිවල සහයෝගය තම පා ගමනට ලබා ගන්නට ඔවුන්ට සිදුවිය. වෘත්තීය සමිති යනු බොහෝ විට කිසියම් දේශපාලන පක්‍ෂයකට සම්බන්ධ ආයතනය. එවිට අදාළ දේශපාලන පක්‍ෂවල නායකයන් ද සිය වෘත්තීය සමිතියට සහාය පතා මේ පා ගමනට එක්‌ වන්නට විය. එහෙත් පා ගමන පුරා එකදු පක්‍ෂයක පාටක්‌, කොඩියක්‌, සටන් පාඨයක්‌ අප දුටුවේ නැත. කවුරුත් දුටුවේ අධ්‍යාපනයට වෙන් කරන ප්‍රතිශතය 6% කින් ඉහළ දමන ලෙස සඳහන් සටන් පාඨ පමණය.

විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ ආචාර්ය සංගමයේ පෙළපාලියට හෝ සහයෝගය පළ කොට මේ රටේ විපක්‍ෂයක්‌ සිටින බව ජනතාවට ඒත්තු ගැන්වීම ගැන එක්‌ අතකින් අප සතුටු විය යුතුය. අනෙක්‌ අතට ඉතිහාසයේ පැල්ලම් නැති පක්‍ෂ එකක්‌ හෝ විපක්‍ෂයේ නැත. එබඳු තත්ත්වයක්‌ තුළ සුපිරිසිදු විපක්‍ෂයක්‌ තම පා ගමනට ආනයනය කිරීම හැර අන් මඟක්‌ ආචාර්ය සංගමයට ඇත්තේ නැත. කෙසේ නමුත් විපක්‍ෂයේ සිටින දේශපාලන පක්‍ෂ යනු මේ රටේ ජනතාවගේම තෝරා ගැනීම් ය. ආචාර්ය සංගමය යනු කිසියම් දේශපාලන පක්‍ෂයක අතකොළුවක්‌ හෝ මෙහෙයවීමක්‌ නම් විපක්‍ෂයේ සිටින විවිධ මත දරන දේශපාලන පක්‍ෂ කීපයක්‌ එකම පා ගමනට එක්‌ වන්නට හැකියාවක්‌ නැත. එහෙයින් සැබෑ අර්බුදය පැහැදිලිව තිබියදී නැති අර්බුද මවාගෙන ප්‍රශ්නයෙන් පැන යැමට ආණ්‌ඩුව දරන ලැඡ්ජා සහගත උත්සාහය මේ රටේ ජනතාව අවබෝධ කොට ගත යුතුය.

"විප්ලවය යනු පාලකයා වෙනස්‌ කිරීම හෝ ආණ්‌ඩු වෙනස්‌ කිරීම නොව ජනතාව වෙනස්‌ කිරීමයි" ශ්‍රේෂ්ඨ කලාකරුවකු වු බර්ටෝල් බ්‍රෙෂ්ට්‌ වරක්‌ කීවේය. මේ රට දැන් පැමිණ සිටින්නේ එතැනටය. නායකයන් මෙන් ජනතාව ද ආඩම්බරකාරයන් වීම රටේ අනාගතයට යහපත් වන්නේ නැත. එහෙයින් ජනතාව වෙනස්‌ කළ හැකි විප්ලවයක්‌ මේ රටට අවශ්‍යය. එය කළ හැක්‌කේ අන් කිසිවකින් නොව අධ්‍යාපනයෙන්ම පමණ ම ය.

hendalege deshapalanaya/divaina/05-10-2012 

ධර්මය තුළ අන්තවාදයට ඉඩක්‌ නැත


බංග්ලාදේශ බෞද්ධ සිද්ධස්‌ථාන හා බෞද්ධ ජනතාවට එරෙහිව එරට මුස්‌ලිම් අන්තවාදීන් එල්ල කරන ප්‍රහාරවලට විරෝධය පෑමට රටක්‌ වශයෙන් ශ්‍රී ලංකාවටත්, බුදු දහම ප්‍රතිපදාවක්‌ ලෙස පිළිපදින බෞද්ධ ප්‍රජාවටත් ඇති අයිතිය අපි කිසිසේත් අවතක්‌සේරු නොකරමු. එහෙත් එකම කලාපයේ මිත්‍ර රටවල් දෙකක්‌ අතර ඇති වූ මේ සිද්ධියේදී එම විරෝධය දඩමීමා කරගෙන කිසියම් පටු අරමුණක්‌ ඉටුකර ගැනීමට යමකු හෝ යම් පිරිසක්‌ පෙරේදා (04) පැවැති බොදු බළ සේනා විරෝධතා ව්‍යාපාරයේදී උත්සාහ කළ බව අපි දුටුවෙමු. බොදු බළ සේනා සංවිධානයේ ප්‍රධානී කිරම විමලජෝති හිමියන් සහ තවත් හිමි නමක්‌ එම විරෝධතා ව්‍යාපාරය අතරතුර සංදේශයක්‌ බාර දීම සඳහා බංගලාදේශ තානාපති කාර්යාලය තුළට ගිය අවස්‌ථාවේදී ගල් ප්‍රහාරයක්‌ එල්ල කිරීම කිසියම් සැලසුම් සහගත උත්සාහයක්‌ බවට පැහැදිලි කෙරෙයි. අඩුම තරමින් විරෝධතාකරුවන්ට බංග්ලාදේශ මහ කොමසාරිස්‌ කාර්යාලය අසලට යැමටවත් නොදී බාධා එල්ල විණි නම් මෙබඳු ක්‍රියාවකට විරෝධතාකරුවන් පෙළඹිණි යෑයි සිතිය හැක. එහෙයින් මේ ක්‍රියාව සම්බන්ධයෙන් නිසි පරීක්‍ෂණයක්‌ සිදුකර රටක්‌ ලෙස ශ්‍රී ලංකාවට යම් අපකීර්තියක්‌ විණි නම් එය නිවැරැදි කිරීම ආරක්‍ෂක අංශවල වගකීමකි.

මුස්‌ලිම් අන්තවාදය යනු මුස්‌ලිම් ප්‍රජාව නො වන බව අපි හොඳින්ම දනිමු. ලෝකය පුරා යුද ගිනි දැල් කළ කෝලාහල වෙත්නම් ඒ බොහෝමයකට මූල බීජය මුස්‌ලිම් අන්තවාදය බව ද අපි දනිමු. ශ්‍රී ලංකාව තුළ එබඳු අන්තවාදී ක්‍රියාවකට මුස්‌ලිම් ප්‍රජාව පෙළඹී ඇති බවට අපට කිසිදු සාධකයක්‌ නැත. බංග්ලාදේශයේ චිතගොන් බෞද්ධ විහාරස්‌ථාන විනාශ කිරීම සම්බන්ධයෙන් තම අප්‍රසාදය පළ කිරීමට මෙරට මුස්‌ලිම් ආගමික නායකයන් විසින් පුවත්පත් සාකච්ඡාවක්‌ පැවැත්වූ අයුරු ද පුවත්පත් වාර්තාවලින් අපි දුටිමු.

එහෙත් මුස්‌ලිම් අන්තවාදය හේතුවෙන් ආසියානු කලාපයේ රටවල් බොහෝමයක බෞද්ධයන්ට සිදුවන හිරිහැර වැඩි වී තිබේ. ඉන්දුනීසියාවේ, ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ මෙන්ම බුරුමයේ බෞද්ධයන්ට ද මුස්‌ලිම් අන්තවාදය හේතුවෙන් නිතර නිතර ප්‍රහාර එල්ල වන බව විදෙස්‌ ප්‍රවෘත්ති වාර්තා කරයි. තායිලන්තයේ පමණක්‌ මේ වන විට බෞද්ධ භික්‍ෂුන් ඇතුළු බෞද්ධාගමිකයන් 6000 ක්‌ පමණ ඝාතනය කර ඇති බව වාර්තා වෙයි.

බංග්ලාදේශය තුළ මේ ආගමික අන්තවාදය ඉතා දරුණු ලෙස ක්‍රියාත්මක වෙයි. ශ්‍රී ලංකාව තරම්ම බෞද්ධාගමික ඉතිහාසයක්‌ ඇති බංග්ලාදේශයේ බොහෝ වෙහෙර විහාරස්‌ථාන වසර 500 කට වඩා පැරැණිය. එහෙත් අන්තවාදී මුස්‌ලිම් ආක්‍රමණ හේතුවෙන් අද බෞද්ධයන්ට සිදුවී ඇත්තේ චිතගොන් කඳුකර ප්‍රදේශයේ දුකසේ දිවි ගෙවමින් තම සංස්‌කෘතික අනන්‍යතාවන් ආරක්‍ෂා කර ගැනීමටය. එසේ දුක්‌ පීඩා විඳ දරා ගත නොහැකි බොහෝ දෙනෙක්‌ එක්‌කෝ බංග්ලාදේශය අතහැර යයි. බංග්ලාදේශ රජයටත් මේ අන්තවාදය පාලනය කිරීමට නොහැකි වී ඇත්තේ ලෝකය පුරා ඉතාමත් දරුණු ලෙස ක්‍රියාත්මක වන මූලධර්මවාදී මුස්‌ලිම් ව්‍යාපාරයකින් පෝෂණය වන හෙයිනි. ඇෆ්ගනිස්‌ථානයේ ඓතිහාසික බාමියන් බුදු පිළිම ඩයිනමයිට්‌ දමා සුණු විසුණු කර දැමුවේ මේ අන්තවාදය විසිනි. ඇමරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට ප්‍රහාර එල්ල කර තුන්දහසකට අධික අහිංසක ජීවිත ගණනක්‌ විනාශ කළේ මේ අන්තවාදය විසිනි. එහෙත් ඉස්‌ලාම් ආගමික නායකතුමන්ට අපහාස වන ආකාරයේ චිත්‍රපටයක්‌ ප්‍රචාරය වීමත් සමඟ ඔවුන් මුළු ලෝකයටම දැනෙන ලෙස ඊට විරෝධය පෑවේ ය.

කිසිදු ආගමික අන්තවාදයක්‌ හෝ ආගමකට එරෙහි අපහාස ක්‍රියාවක්‌ අනුමත නොකරන අපි පුවත්පතක්‌ ලෙස ඒ මොහොතේ මුස්‌ලිම් ප්‍රජාවට කතුවැකියකින් ම සහයෝගය පළ කළෙමු.

කෙසේ වුවත් ආගමක්‌ යනු පුද්ගලයා හික්‌මවන, ඔහුට හෝ ඇයට යහපත් මාර්ගය කියා දෙන කිසියම් සහජීවන දර්ශනයකි. ඒ තුළ අන්තවාදී වුවමනාවන්ට ඉඩක්‌ පැවැතිය නොහැක. නබි නායකතුමන්ගේ දේශනාවන්ගෙන් යුතු ඉස්‌ලාම් ධර්මය ද එබඳු දහමක්‌ බව අපි විශ්වාස කරමු. "ධම්මො හවේ රක්‌ඛති ධම්මචාරීZ හෙවත් ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකිනු ඇතැයි බුදුන් වහන්සේ දේශනා කර ඇත. එය ඉස්‌ලාම් දර්ශනය තුළ ද පොදු ධර්මතාවක්‌ ලෙස දකින්නට අපි නොපැකිළෙමු.

Editorial/divaina/06-10-2012

Thursday, September 6, 2012




උතුරට 'කොළ එළි' දල්වන නැගෙනහිර බලය


නිරෝෂන් හැඳලගේ

ප්‍රවේශය

තමිල්නාඩුවේ වේලක්‌කන්නි හි වන්දනාවේ ගිය කතෝලික බැතිමතුන් පිරිසක්‌ රැගත් බස්‌රථ කීපයකට එල්.ටී.ටී.ඊ. හිතවාදී කල්ලි විසින් එල්ල කළ ප්‍රහාරය මේ වන විට ලෝක අවධානයට පත් ප්‍රවෘත්තියකි. ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට පැමිණෙන කුමන මට්‌ටමේ අයකුට හෝ විරෝධය පෑම එල්.ටී.ටී.ඊ. හිතවාදී කල්ලි පමණක්‌ නොව තමිල්නාඩු දේශපාලන නායකත්වයේ ද පුරුද්දක්‌ බවට දැන් පත් වී ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් පිරිසකට තමිල්නාඩු ගුවන් හමුදා පුහුණු කඳවුරක දී පුහුණුව ලබා දීමට එරෙහි වූ තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා මධ්‍යම ආණ්‌ඩුවට විරෝධය පෑම හේතුවෙන් එම නිලධාරීන් දිල්ලියට ගෙන්වා පුහුණුව ලබා දීමට ඉන්දීය රජයට සිදු විය. එමෙන්ම ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශවලට ඉන්දියාවේදී කිසිදු පුහුණු කටයුත්තක්‌ සිදු නොකළ යුතු බවට තමිල්නාඩු නායකයන් විසින් දැඩි විරෝධයක්‌ පළකරන ලදී. මේ සම්බන්ධයෙන් සිය ස්‌ථාවරය පළ කළ ඉන්දියාවේ ආරක්‍ෂක ඇමැතිවරයා කියා සිටියේ තමිල්නාඩු විරෝධය කුමක්‌ වුවත් ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන් සඳහා ඉන්දියාවේදී සිදු කෙරෙන පුහුණු කටයුතු නවතා දමන්නේ නැති බවයි. තමිල්නාඩුව තරහ කරගැනීම කොංග්‍රස්‌ ආණ්‌ඩුවට එතරම් හිතකර තත්ත්වයක්‌ නොවුවත් ශ්‍රී ලංකාව හා පවතින මිත්‍රත්වයට හානියක්‌ කර ගැනීමට ද ඔවුන්ගේ බලාපොරොත්තුවක්‌ නැති බව මෙයින් පැහැදිලි වෙයි.

කෙසේ වුවද මේ දිනවල ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව ජීවත්වන නැගෙනහිර පළාත ද ඇතුළත්ව පළාත් තුනක පළාත් සභා මැතිවරණය පැවැත්වෙන හෙයින් දිගින් දිගටම ශ්‍රී ලංකාවට එරෙහිව තමිල්නාඩුවේ දී සිදුකෙරෙන විරෝධතා මැතිවරණය ඉලක්‌ක කරගත්තක්‌ දැයි සිතෙන්නේ නැගෙනහිර පළාත් සභාව තුළ දෙමළ ජනතාව බහුතරයක්‌ නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානය සිය බලය තහවුරු කරගැනීමේ දැඩි උත්සාහයක පසුවන හෙයිනි. දෙමළ ජාතික සන්ධානය මෙන්ම බහුතර මුස්‌ලිම් ඡන්දදායකයන් පිරිසක්‌ නියෝජනය කරන ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය ද නැගෙනහිර පළාත් සභාවේ බලය තහවුරු කර ගැනීමේ දැඩි උත්සාහයක පසුවෙයි.

විසුරුවා හරිනු ලැබූ නැගෙනහිර පළාත් සභාවේ පිල්ලෙයාන්ගේ සභාපතින්වයෙන් යුතුව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය බලය තහවුරු කරගෙන සිටියේ එක්‌ ආසනයකිනි. නැගෙනහිර එල්.ටී.ටී.ඊ. බලය මුළුමනින්ම බිඳ දමා ජයග්‍රහණයේ උණුසුමත් සමග පැවැති එම නැගෙනහිර පළාත් සභා මැතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානය මැතිවරණයට තරග කළේ නැත. ඒ අනුව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට නැගෙනහිර බලය දිනා ගැනීමේ එතරම් ගැටලුවක්‌ පැවැතුණේ නැත. එහෙත් 2012 මැතිවරණය සන්ධානයට එබඳු පහසු ජයග්‍රහණයකට ඉඩ තබතැයි විශ්වාස කළ නොහැක. නැගෙනහිර පළාත සඳහා තරග වදින දේශපාලන පක්‍ෂ සංයුතිය විමසා බලන විට කිසිදු පක්‍ෂයකට තනි ජයග්‍රහණයක්‌ ලැබීමේ අවකාශයක්‌ ලැබේ යෑයි කීමට ද හැකියාවක්‌ නැත. නැගෙනහිර පළාත තුළ මුස්‌ලිම් බහුතරයක්‌ ජීවත් වන නිසා මුස්‌ලිම් කොංග්‍රසය එම ඡන්ද දිනා ගැනීමට අපේක්‍ෂාවක පසු වෙයි. එහෙත් මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ බහුතරයක්‌ ලෙසත්, ත්‍රිතුණාමලය දිස්‌ත්‍රික්‌කයේ 1/3 ක පමණ ප්‍රමාණයකුත් දෙමළ ජනතාව ජීවත් වන නිසා දෙමළ ජාතික සන්ධානය එම ඡන්ද දිනා ගැනීමේ අපේක්‍ෂාවක පසුවෙයි. ගියවර මැතිවරණයේ දී ලද ජයග්‍රහණයත් සමඟ ආණ්‌ඩු පක්‍ෂය ද කිසියම් බලාපොරොත්තුවක්‌ තබාගෙන සිටින අතර එක්‌සත් ජාතික පක්‍ෂය උතුරු නැගෙනහිර ප්‍රදේශවල තමන්ගේ සුපුරුදු ඡන්ද පදනම සමඟම ආණ්‌ඩුව කෙරේ වන ජනතා විශ්වාසය පිළිබඳ වන තක්‌සේරුව මත ද නැගෙනහිර පළාත් සභාව තුළ සැලකිය යුතු ආසන ප්‍රමාණයක්‌ දිනා ගැනීමේ බලාපොරොත්තුවක්‌ තබාගෙන සිටී.

වාර්ගික අරගලයේ සීතල යුද්ධය

අප දකින්නට, අසන්නට අකැමැති වුව ද නැගෙනහිර පළාත් සභා මැතිවරණයත් සමඟ තිරය පිටුපස තිබූ වාර්ගික අරගලය දැන් තිරයෙන් ඉදිරියට පැමිණ ඇති බව කාටත් පෙනෙයි. දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන ස්‌ථාවරය පසෙකින් තබා ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ දේශපාලන ස්‌ථාවරය විමසා බැලීම වඩාත් යෝග්‍ය යෑයි හැඟෙයි. මන්ද දෙමළ ජාතික සන්ධානය zඋපතින්මZ දෙමළ බලය තහවුරු කෙරෙන පාලන ඒකකයක්‌ බලාපොරොත්තු වන වාර්ගිකත්වය මත පදනම් වූ පක්‍ෂයක්‌ බව අපි දනිමු. ඒත් ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය හෝ මුස්‌ලිම් ජාතිකයන් නියෝජනය කරන වෙනත් දේශපාලන පක්‍ෂ හෝ කණ්‌ඩායම් මෙවර තරම් කිසිදු අවස්‌ථාවක වර්ගය මත පදනම් වූ පරිපාලන ඒකකයක්‌ මේ රටෙන් බලාපොරොත්තු නොවූ හෙයිනි. ශ්‍රී ලංකාව පුරා සියලුම පළාත්වල දෙමළ ප්‍රජාවටත් වඩා ව්‍යාප්තව ජීවත් වනුයේ මුස්‌ලිම් ප්‍රජාව ය. බොහෝ ප්‍රදේශවල සිංහල ප්‍රජාව සමඟ සහයෝගයෙන් සිය සංස්‌කෘතික හා ආගමික අනන්‍යතාව ආරක්‍ෂා කරගෙන ජීවත් වීමට මේ රටේ මුස්‌ලිම් ප්‍රජාවට හැකි වී ඇතැයි කිවහොත් ඊට විරුද්ධව තර්කයක්‌ ගෙන ආ හැකි කිසිවකුත් සිටිය නොහැක. අගනුවර කේන්ද්‍ර කරගත් වෙළෙඳපළද වැඩි නියෝජනයක්‌ කරන්නේ මුස්‌ලිම් ප්‍රජාව ය.

එල්.ටී.ටී.ඊ. බලය පැවැති සමයේ මුස්‌ලිම් ප්‍රජාවට තිබූ ප්‍රධාන ගැටලුව නම් උතුරු නැගෙනහිර ප්‍රදේශ පසුබිම් කොට ගත් තම ගම්බිම් හැරදමා යන්නට සිදු වීමය. එල්.ටී.ටී.ඊ. ය මන්නාරමෙන් පලවා හැරි මුස්‌ලිම් පවුල් බොහෝ ප්‍රමාණයක්‌ අදටත් පුත්තලම ප්‍රදේශයේ ජීවත් වෙයි. එල්.ටී.ටී.ඊ. ය ඇතුළු බෙදුම්වාදී දෙමළ නායකයන්ට මුස්‌ලිම් ජනතාව අවශ්‍ය වූයේ උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ කතා කරන බහුතරය පෙන්වා තම නිජබිම් අයිතිය තහවුරු කර ගැනීමට පමණය. 2002 වසරේ පැවැති සාම සාකච්ඡා අතරතුර ඔවුන් ලෝකයට මේ පණිවුඩය ප්‍රබල ලෙස රැගෙන ගියේ ය. එවක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුතුව පැවැති සාම සාකච්ඡාවල ප්‍රතිඵලයක්‌ ලෙස උතුරු නැගෙනහිර ප්‍රදේශවල යුද හමුදා පාලනය කිලෝමීටර ගණනකින් ආපස්‌සට යවන්න සමත් වූ එල්.ටී.ටී.ඊ. ය එක්‌සත් ජාතීන්ගේ සම්මුති ප්‍රකාරව වෙනම පරිපාලන ඒකකයක්‌ පිහිටුවා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධාන අංගයක්‌ ලෙස එකම භාෂාවක්‌ කතා කරන ප්‍රජාවක්‌ සිටින බව පෙන්වීමට මුස්‌ලිම් ප්‍රජාව අතකොළුවක්‌ බවට පත් කර ගත් බව අද මුස්‌ලිම් නායකයන්ට අමතකව තිබීම ද පුදුමයකි. කොහොම වෙතත් නැගෙනහිර පළාත් සභාව සඳහා මුස්‌ලිම් ජාතික මහ ඇමැතිවරයකු පත්කොටගෙන මුස්‌ලිම් ජනතාවගේ අයිතීන් දිනාගත යුතු යෑයි මුස්‌ලිම් කොංග්‍රස්‌ නායකයන් අද දැඩි මතයක සිටින්නේ ඇයි ද යන්න පිළිබඳ විමසා නොබලතොත් එය අඩුවකි.

විසුරුවා හරින ලද නැගෙනහිර පළාත් සභාවේ පාලනයෙන් එම පාලන කලාපයේ ජීවත්වන බහුතර මුස්‌ලිම් ජනතාවගේ ජීවන අවශ්‍යතා ඉටු නොවූ බව මුස්‌ලිම් නායකයන් එල්ල කරන ප්‍රධාන චෝදනාව කි. පළාත් සභාවේ මහ ඇමැතිවරයා දෙමළ ජාතිකත්වය මත පදනම් වූ පුද්ගලයකු වීමත් මේ චෝදනාවට හේතුවක්‌ වුණා යෑයි කීමේ වරදක්‌ ද නැත. ඔහුගේ ක්‍රියාකලාපය ද නැගෙනහිර පළාත් සභාවේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පාලනය පිළිබඳ බහුතර මුස්‌ලිම් ප්‍රජාව කලකිරවන්නට හේතු වූ බවටද බොහෝ තොරතුරු වාර්තා විය, කෙසේ වෙතත් අවසාන ඵලය බවට පත් වී ඇත්තේ ශ්‍රී ලංකාවේ තවත් කොටසකට තවත් වාර්ගික පදනමක්‌ මත පාලනය කිරීමේ වුවමනාවක්‌ ඇති කිරීම ය.

දෙමළ ජාතික සන්ධානයේ හැසිරීම

දෙමළ ජාතික සන්ධානය ගිය වර නැගෙනහිර පළාත් සභාවට ඉදිරිපත් නොවූ අතර මෙවර ඉදිරිපත් වන්නේ ද උතුර නැගෙනහිර දෙපළාත එක පරිපාලන ඒකකයක්‌ විය යුතුය යන ස්‌ථාවරයේ පිහිටා බව අප දන්නා දේශපාලනය ය. එම පදනමේ සිට ඔවුන්ගේ උත්සාහය වන්නේ නැගෙනහිර පළාතේ බලය තහවුරු කොටගෙන zදෙමළ නිජභූමියZ නමැති නාමකරණයෙන් පමණක්‌ වියුක්‌ත කළ දෙමළ වාර්ගිකත්වය මත පදනම් වූ පරිපාලන කලාපයක්‌ පිහිටුවා ගැනීමය. දෙමළ නිජභූමිය වෙනුවට ඔවුන් මෙය හඳුන්වන්නේ දෙමළ ජනතාව විසින් ම පාලනය කරනු ලබන පාලන ඒකකයක්‌ කියා ය. එසේ වාර්ගිකත්වය ඉස්‌මතු කළ පාලන කලාපයක්‌ තුළ නැගෙනහිර පළාතේ ජීවත් වන බහුතර මුස්‌ලිම් ප්‍රජාවගේ හා අම්පාර, ත්‍රිකුණාමලය බඳු ප්‍රදේශවල ජීවත්වන සිංහල ප්‍රජාවගේ අයිතීන්ට වන්නේ කුමක්‌ද යන්න පිළිබඳ ඔවුන්ට පැහැදිලි විසඳුමක්‌ නැත.

දෙමළ ජාතික සන්ධානය මෙම මැතිවරණයේ දී ප්‍රධාන සටන් පාඨය බවට පත්කරගෙන තිබෙන්නේ ආණ්‌ඩුව උතුරු නැගෙනහිර ප්‍රදේශ සඳහා දේශපාලන විසඳුමක්‌ ලබා දීමට තවමත් ප්‍රමාද වීම පිළිබඳවයි. ඒ අතරම තම ජනතාව ජීවත් වන ප්‍රදේශවලින් යුද හමුදාව ඉවත් නොකිරීම, සිංහල කරණය, නැවත පදිංචි කිරීම් ප්‍රමාද කිරීම ආදී චෝදනා මල්ලක්‌ කරේ ලාගෙන දෙමළ සන්ධානය පසුගිය දිනවල මැතිවරණ ප්‍රචාරණයේ නිරත වුණි. තමිල්නාඩුව තුළ ශ්‍රී ලංකාවට එරෙහිව ගොඩනැගෙන එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ විරෝධතාත් මේ මැතිවරණයේ තුරුම්පු ලෙස පාවිච්චි කිරීමට ඔවුන් අකැමැති වුණේ නැත. එල්.ටී.ටී.ඊ. යට එරෙහි යුද්ධයේ අවසන් අදියරේ දී සිදු වූ මානව හිමිකම් කඩවීම්වලට එරෙහිව ශ්‍රී ලංකාවට දඬුවම් කරන්නැයි ඉල්ලා තමිල්නාඩු දේශපාලනය ගෙනයන අතිශය ග්‍රාම්‍ය වූ විරෝධතා ඔස්‌සේ ශ්‍රී ලාංකික දෙමළ ජනතාව තුළ තම රටට ම එරෙහිව හඬක්‌ ගොඩ නැඟීමට ඇතැම් දෙමළ නායකයන් ද උත්සාහ දරන බව රහසක්‌ නොවේ. මේ මැතිවරණ සමයේ ඒවා වඩාත් පැහැදිලිව පෙනෙන්නට වී තිබේ.

බලයේ සිටිමින් බලය දිනා ගැනීමේ සටන

නැගෙනහිර පළාත් සභාවේ බලය පිහිටු වීම පිළිබඳ ආණ්‌ඩුව ද දැන් පසුවන්නේ පීඩනයක ය. නැගෙනහිර පළාත් සභාව සඳහා ඉදිරිපත්ව සිටින දේශපාලන පක්‍ෂවල ඡන්ද පදනම පිළිබඳ සලකා බලන විට කිසියම් ප්‍රධාන පක්‍ෂයක්‌ තවත් පක්‍ෂයක්‌ සමඟ එක්‌ව පළාත් සභාවේ පාලනයක්‌ පිහිටු වීමේ අවශ්‍යතාව දැන් පැහැදිලිව පෙනෙන්නට තිබේ. ගැටලුව ඇත්තේ zදීග කන්නටZ කැමැති වන්නේ කවුද යන්න ය. දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන අරමුණු ගෙන බලන කල මුස්‌ලිම් කොංග්‍රසය ඔවුන් හා එක්‌ව නැගෙනහිර පළාතේ ආණ්‌ඩුවක්‌ පිහිටුවාවි යෑයි සිතිය නොහැක. තම පක්‍ෂය ට මහා ඇමැති ධුරය බලාපොරොත්තු වන කොංග්‍රසය ආණ්‌ඩුව හා සමඟ එක්‌ව පාලනයක්‌ පිහිටුවාවි යෑයි ද බලාපොරොත්තු විය නොහැක. එබඳු එකඟතාවක්‌ ඇති වුණි නම් මුස්‌ලිම් කොංග්‍රසය මේ මැතිවරණයට ඉදිරිපත් වන්නේම සන්ධානයේ ඡන්ද සලකුණ යටතේ ය. ආණ්‌ඩුවට ද පිල්ලෙයාන් සාධකය ඉවත් කර බලය පිළිබඳ තීරණයකට එළැඹීමේ හැකියාවක්‌ නැත. මේ නිසා මැතිවරණ ප්‍රතිඵල මත ඇතිවන බල සංයුතිය විසින් නැගෙනහිර පළාත් සභාව පාලනය කරන්නේ කවුරුන් ද යන්න තීන්දු කරනු ඇත.

සමාලෝචනය

නැගෙනහිර පළාත් සභාව සඳහා කුමන හෝ දේශපාලන පක්‍ෂයක්‌ හෝ පක්‍ෂ දෙකක්‌ හෝ කීපයක්‌ එක්‌ව පාලනයක්‌ පිහිටුවුව ද එය උතුරු පළාත් සභාව සඳහා මොනයම් හෝ උත්තේජනයක්‌ කිරීම අනිවාර්ය තත්ත්වයකි. නමුත් පවතින තත්ත්වය මත රට තුළ යළි වාර්ගිකමය බෙදීමක්‌ ඇතිවේදොaයි යන සැකය මතුව තිබේ. එල්.ටී.ටී.ඊ. යේ බෙදුම්වාදී ම්ලේච්ඡ ජන සංහාර ක්‍රියා අවසන්ව රට තුළ දැන් පවතින සාමයිකත්වයට මේ තත්ත්වය එතරම් ගුණදායක වන්නේ නම් නැත.

එහෙයින් තිබුණාටත් වඩා දරුණු ලෙස ගොඩනැගෙන්නට උත්සාහ කරන මෙම වාර්ගික බෙදීම ලත් තැනම ලොප් කිරීමේ වගකීම ඇත්තේ මේ ආණ්‌ඩුවට ය. නැගෙනහිර ඇතුළු මැතිවරණය පැවැත්වෙන අනෙකුත් පළාත් සභා දෙක කල් පිරෙන්නට වසරක පමණ කාලයක්‌ තිබිය දී, විසුරුවා හැරීමට පෙර ආණ්‌ඩුව කළ යුතුව තිබුණේ අඩුම තරමින් යුද්ධයෙන් ලද ජයග්‍රහණය තහවුරු කෙරෙන සුදුසු දේශපාලන විසඳුමක්‌ යෝජනා කරන්නටවත් ආරම්භයක්‌ ගැනීම ය. නමුත් ආණ්‌ඩුව එම වගකීම ගැන බරපතළ ලෙස තැකීමක්‌ කළ බවක්‌ පෙනුණේ නැත. අද නැගෙනහිර බලය දිනා ගැනීමේ අරගලයේ දීද ආණ්‌ඩුවට පාරාවළල්ලක්‌ බවට පත්ව ඇත්තේ එම වගකීමෙන් තොර හැසිරීම ය. ඒත් උතුරට යන්නට පෙර හෝ ආණ්‌ඩුව තමන් බුද්ධිමත් වීමේ වැදගත්කම නොසලකා හැරියහොත් රට හැරෙන දිශාව එතරම් සුබදායක නොවනු ඇත.
divaina-07-09-2012

Sunday, August 26, 2012


වෙන්නේ මොනවාද දන්නේ නැති රටක්‌




                                                                  

                                                                                                                                                                         










නිරෝෂන් හැඳලගේ



ස්‌වාසිලන්ත රජු ශ්‍රී ලංකාවේ කළ සංචාරය ආණ්‌ඩුවට ඒ තරම් ගුණදායක වුණේ නැත. ස්‌වාසිලන්තයත්, එහි රජුත් ලොව පුරා ප්‍රචලිතව ඇත්තේ එක්‌තරා ගෝත්‍රික චාරිත්‍රයක්‌ සම්බන්ධයෙන් වීම ඊට හේතුවයි. එබඳු තත්ත්වයක්‌ පවතිද්දී ජනාධිපතිවරයා කටුනායක බණ්‌ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුqපල වෙතම ගොස්‌ ස්‌වාසි රජු සහ බිරිය පිළිගැනීම කාගේත් කතාබහට ලක්‌ විය. ස්‌වාසි රජු පමණක්‌ නොව ඔහුගේ පියාගේ බිරියන් 350 දෙනා ගැනද තොරතුරු ඇතුළත්ව සතිඅන්ත පුවත්පත්වල පිටු පුරා ලිපි පළවීම මේ තත්ත්වය තවත් උත්සන්න කළේය. ජනමාධ්‍ය හා විපක්‍ෂය ස්‌වාසි රජුගේ සංචාරය පිළිබඳ විවිධ චෝදනා එල්ල කරද්දී මුලදී ස්‌වාසි රාජ්‍යය හා රජු වර්ණනා කරමින් ප්‍රතිඋත්තර බැඳි ඇතැම් මැතිඇමැතිවරු හා රජයේ මාධ්‍ය පසුව රාජ්‍ය නායකයන් අතර ඇතිවන සබඳතා හේතුවෙන් මෙබඳු නිල සංචාර ඇතිවීම සාමාන්‍ය දෙයක්‌ බවට පෙන්වා දීමට උත්සාහ කළහ.

ස්‌වාසිලන්තයෙන් නොව මිනීමස්‌ කන ගෝත්‍රිකයන් තවමත් ජීවත්වන ලෙසතෝ බඳු රාජ්‍යවල රාජ්‍ය නායකයන් වුව ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණිය ද එයින් රටට හානියක්‌ වේ යෑයි අප සිතන්නේ නැත. එහෙත් රාජ්‍ය නායකයන් අතර වන රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල දුරස්‌ථ බව හෝ සමීපස්‌ථ බව තීරණය කිරීමට කිසියම් නිර්ණායකයන් ඇත. ස්‌වාසිලන්ත රජුගේ සංචාරයේදී එම සම්ප්‍රදායයන් කොයිතරම් දුරට රැකුණාද යන්න පිළිබඳ කා තුළත් සැකයක්‌ උපදී. වසරකට වරක්‌ අලුතින් බිරියක්‌ තෝරා ගැනීම ස්‌වාසි රජුගේ ව්‍යවස්‌ථාපිත අයිතියක්‌ විය හැක. නමුත් දියුණු සමාජ ක්‍රමවලදී එබඳු ගෝත්‍රික චාරිත්‍රයන් ශිෂ්ට සම්පන්න ලෙස සලකා ගරු කරන්නේ නැත. අඩුම තරමින් ක්‍රිස්‌තු පූර්ව සියවස්‌වල පටන් යෝනකයන් (මුස්‌ලිම් ජාතිකයන්) සමග සබඳතා පවත්වන සිංහල සමාජය තුළ ඔවුන් සතුවද පවතින එබඳු චාරිත්‍ර අගය කරන්නේ නැත. කෙසේ වුවද ස්‌වාසි රජුගේ මෙරට සංචාරය අප නම් දුටුවේ රාජ්‍ය තාන්ත්‍රික නිල සංචාරයකට වඩා පෞද්ගලික සබඳතා මත සිදුවූ සංචාරයක්‌ ලෙසය. ගැටලුව ඇත්තේ ස්‌වාසිලන්තය බඳු ගෝත්‍රික රටක නායකයකුට වඩා වැදගත් රාජ්‍ය නායකයන් මෙරටට පැමිණි අවස්‌ථාවලදීවත් අපේ රාජ්‍ය නායකයා ඔවුන් පිළිගැනීම සඳහා ගිය අවස්‌ථා සාපේක්‍ෂව අඩු අගයක්‌ ගැනීමය.

රටවල් දෙකක්‌ අතර ද්වීපාර්ශ්වීය සබඳතා පැවැත්වීම අතිශය සාමාන්‍ය තත්ත්වයකි. එහිදී අදාළ රටවල නායකයන්ගේ ජනප්‍රිය භාවයත්, ඔවුන් අතර වන සබඳතාත් බොහෝ විට ඉවහල් වෙයි. එහෙත් අපේ රටට විවිධ රටවල රාජ්‍ය නායකයන් පැමිණි අවස්‌ථාවලදීත් මෙරට රාජ්‍ය නායකයා විදේශ රටවල නිල සංචාරවල නියෑලි අවස්‌ථාවලදීත් විවිධ ව්‍යාපෘති සඳහා අවබෝධතා ගිවිසුම් අත්සන් කළ ද ඒවායින් මේ රටට ලැබුණු ප්‍රතිලාභ ඇත්තේ අල්පයක්‌ පමණක්‌ වීමය. අනෙක්‌ අතට රටක ආණ්‌ඩුවක්‌ බොහෝ විට උත්සාහ ගන්නේ තම රටට වඩාත් ප්‍රතිඵලදායක විය හැකි මට්‌ටමේ රටවල් හා රාජ්‍ය නායකයන් සමග සබඳතා ඇතිකර ගැනීමටය. නමුත් මේ ආණ්‌ඩුවේ විදේශ ප්‍රතිපත්තිය තුළ එබඳු උපක්‍රමශීලී බවක්‌ ඇතැයි දැකිය නොහැක. ඊට හොඳම උදාහරණය නම් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවාහිදී යෝජනාවක්‌ සම්මත වීමය. එහිදී සිදු වූ අතපසු වීමේදී හෝ රටට වඩාත් ප්‍රතිඵලදායක විදේශ සබඳතා ඇතිකර ගැනීමට ආණ්‌ඩුවට දැක්‌මක්‌ තිබිය යුතුය. යුද්ධය අවසන් කර රට සංවර්ධනයේ සිහින සැබෑ කරගැනීමට බලා සිටින මෙබඳු මොහොතක විදේශ ප්‍රතිපත්තිය මීට වඩා කළමනාකරණය කිරීමට තරම් ආණ්‌ඩුවට ඉදිරිය දැකීමේ හැකියාවක්‌ තිබිය යුතුය.

රට එබඳු නිවැරැදි මාර්ගයකට ගත හැක්‌කේ ආණ්‌ඩුව කරන්නේ මොනවාද, නායකයන් කරන්නේ මොනවාද යන්න පිළිබඳ රට තුළ කිසියම් සංවාදයක්‌ ගොඩනැගිය හැකි නම් පමණය. එහෙත් ජනතාව තබා විපක්‍ෂයවත් ආණ්‌ඩුව කරන්නේ මොනවාද කියා දන්නේදැයි අපට සැකයක්‌ ඇත. අධ්‍යාපන ක්‌ෂේත්‍රයේ දැනට පවතින අර්බුද මෙන්ම රටේ ආර්ථිකය සම්බන්ධයෙන් මේ වන විට පවතින අවුල් වියවුල් වලින් පැහැදිලි වන්නේ ආණ්‌ඩුව ගන්නා ඇතැම් තීන්දු තීරණ ගැන ආණ්‌ඩුව ඇතුලේ ඉන්නා අයම දන්නේ නැති බවය. දූෂිත හෙජිං ගනුදෙනුව, බාල ඉන්ධන ගෙන්වීම ආදිය එබඳු අර්බුද පුපුරා ගිය අවස්‌ථාය. මෙබඳු දූෂිත ගනුදෙනු නිසා රටට සිදුවන අලාභය පියවා ගැනීමට ස්‌වාසිලන්තය බඳු ගෝත්‍රික රාජ්‍යයන් සමඟÊපවත්වන සබඳතාවලින් යහපත් වේ යෑයි අපට තර්ක කළ හැකි ද?

කොහොම වෙතත් ස්‌වාසිලන්ත රජු ගුවන්තොටුපළටම ගොස්‌ පිළිගෙන කැඳවාගෙන ඒමේ සිද්ධිය පිළිබඳව වටින් පිටින් ගල් මුල් එල්ල වෙද්දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂට මහත් අස්‌වැසිල්ලක්‌ වූයේ ඉන්දියාවේ කපිලවස්‌තුපුර සිට මෙරටට වැඩම කරවන ලද සර්වඥධාතූන් වහන්සේලා පිළිගැනීමට ද ගුවන් තොටුපළ වෙත යැම ය. ස්‌වාසිලන්ත රජු පිළිගැනීමට යැම හා ඔහුගේ ගෝත්‍රික චාරිත්‍රවලට එල්ල කළ ගල්මුල් බඳු ප්‍රහාර සර්වඥධාතූන් වහන්සේ පිළිගෙන වැඩම කරවීමට යැම සම්බන්ධයෙන් එල්ල කිරීමට කිසිවකුටත් නොහැක. එහෙයින් ස්‌වාසිලන්ත රජුගේ සංචාරය පිළිබඳ චෝදනා උච්චතම අවස්‌ථාවට පැමිණීමට පෙර සර්වඥධාතූන් වැඩම කරවීම ආණ්‌ඩුවේ යහපතට හේතු වූ බව නම් කිව යුතුය.

කෙසේ වෙතත් සර්වඥ ධාතූන් වහන්සේ මෙරටට වැඩම කරවා රටවටා සංචාරය කරවන්නේ එළැඹෙන පළාත් සභා මැතිවරණය ඉලක්‌ක කරගෙන යෑයි ඇතැමුන් චෝදනා කරයි. පළාත් සභා මැතිවරණය ඉලක්‌ක කිරීම කෙසේ වෙතත් ශ්‍රී ලංකාව බඳු බෞද්ධ පුනරුදයකින් පිබිදුණු රටකට ගෞතම බුදුන් වහන්සේගේ සර්වඥ ධාතුන් වැඩම කරවීම. ආගමිකව මෙන්ම ඓතිහාසිකවත් අතිශය වැදගත් අවස්‌ථාවක්‌ ලෙස සැලකීමට දෙවරක්‌ සිතිය යුතු නැත. ඒත් පෙර කී පරිදි එල්ල වන චෝදනාව ඇත්තක්‌ දැයි සිතෙන්නේ ධාතු ප්‍රදර්ශනය පැවැත්වෙන ස්‌ථාන ගැන සලකා බලන කලය. පැල්මඩුල්ලේදී පැවැත්වෙන ප්‍රදර්ශනයෙන් අනතුරුව ධාතූන් වහන්සේ වැඩම කරවන්නේ අනුරාධපුරයටය. එයින් පසු ධාතු ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ කන්තලේදී ය. පැල්මඩුල්ල යනු සබරගමුව පළාතට අයත් ප්‍රදේශයක්‌ බවත්, අනුරාධපුර යනු උතුරු මැද පළාතට අයත් ප්‍රදේශයක්‌ බවත්, කන්තලේ යනු නැගෙනහිර පළාතට අයත් ප්‍රදේශයක්‌ බවත් අමුතුවෙන් පහදා දිය යුතු නොවේ. ඒ වගේම සබරගමුව, උතුරු මැද සහ නැඟෙනහිර පළාත් සභා මැතිවරණය සඳහා මේ වන විට දින නියම කර ඇති බව ද ජනතාවට තෝරා බේරා දිය යුතු නොවේ. ධාතු ප්‍රදර්ශනය කැලණියේ පවත්වා පැල්මඩුල්ලට ගෙන යැම බස්‌නාහිර පළාතට ළඟම පළාතක්‌ ලෙස ගැටලුවක්‌ නැත. නමුත් වයඹ හා මධ්‍යම පළාත් මඟහැර සර්වඥ ධාතුන් වහන්සේ අනුරාධපුරයට වඩම්මවා ප්‍රදර්ශනය කිරීමේ හා එතැනින් කන්තලේට වඩම්මවා ප්‍රදර්ශනය කිරීමේ කිසියම් යටි අරමුණක්‌ නැතැයි කියන්නට ද හැකියාවක්‌ නොවේ. ධාතු ප්‍රදර්ශනය පැවැත්වෙන කාලය තුළ රාජ්‍ය මාධ්‍යයට ඇස්‌කන් යොමු කළහොත් මැතිවරණ ප්‍රචාරක කටයුතු පැවැත්වෙන කාලය තුළ අදාළ පළාත් සභාවලට අයත් ප්‍රදේශවල මෙබඳු ප්‍රදර්ශනයක්‌ පැවැත්වීමේ සද්භාවය පිළිබඳ අපට නම් යම් යම් ගැටලු මතුවෙයි.

එක්‌ අතකට මැතිවරණය පැවැත්වෙන පළාත්වලට අයත් ප්‍රදේශවල බුදුන් වහන්සේගේ සර්වඥ ධාතූන් ප්‍රදර්ශනය කොට ජනතාවට ඉන් ආශිර්වාද ලබා ගැනීමට අවස්‌ථාව සැලසීම හොඳ යෑයිද අපට සිතේ. මන්ද මෙම පළාත් සභාවලට පත්වන දේශපාලකයන්ගෙන් කිසිදු පිහිටක්‌ නොලැබෙන එම ප්‍රදේශවල ජනතාවට මෙබඳු ආශිර්වාදයක්‌ හෝ ලැබීම දුකසේ ගෙවන ජීවිතයට යම් අස්‌වැසිල්ලක්‌ වන හෙයිsනි.

කොහොම වෙතත් මේ රටේ ජනතාව ධාතු වන්දනා කරන අතරතුර "දේශපාලන වන්දනා" ගැනද අවධානයෙන් සිටිය යුතුය. මේ වන විට පැවැත් වූ උසස්‌ පෙළ විභාග හා පැවැත්වෙන උසස්‌ පෙළ විභාග සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන් නොදීමෙන් ද රටේ අධ්‍යාපන ක්‌ෂේත්‍රය අර්බුදයකට පත්කර තිබෙන මොහොතක ආණ්‌ඩුවේ ලකුණු කැපී යැම් මගහරවා ගැනීමට කළහැකි ඕනෑම දෙයක්‌ කිරීමට ආණ්‌ඩුව සූදානම්ය. විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය තරමටවත් ආණ්‌ඩුවට දැනෙන විරෝධයක්‌ පෑමට අසමත් විපක්‍ෂය ආණ්‌ඩුවේ ඒ උත්සාහයන්ට මුක්‌කු ගසමින් සිටී. නමුත් මේ රටේ ජනතාව තමන්ගේ පරමාධිපත්‍යයේ බලය පෙන්වීමට අවස්‌ථාව ලැබී ඇති මේ මොහොතේ රට යන්නේ නිවැරැදි මඟක නොවන බව ආණ්‌ඩුවට සංඥ කිරීමට සූදානම් විය යුතුය. ඒ සඳහා හොඳම අවස්‌ථාව දැන් එළැඹ ඇත්තේ සබරගමුව, උතුරු මැද හා නැගෙනහිර පළාත්වල ජනතාවට ය. සර්වඥ ධාතුන් වහන්සේලාගේ ද ආශිර්වාද ලැබ සම්මා සතියෙන් යුතුව ඡන්දය පාවිච්චි කළහොත් රටේ අනාගතය වෙනස්‌ කළ හැකි බව ඔවුන් පහදාගනු ඇතැයි අපි අපේක්‍ෂා කරමු.

divaina/24-08-12

Wednesday, August 22, 2012













VIP පාස්‌ නැති ධාතු වන්දනාවේ සංවේගය හා 

නිදහස්‌ අධ්‍යාපනයේ අවසානය



මාස තුනකට ආසන්න කාලයක්‌ තිස්‌සේ සරසවි ආචාර්යවරුන්ගේ යෝජනාවලට විසඳුමක්‌ දීමට අසමත්වූ ආණ්‌ඩුව හිරිකිතයක්‌ නැතිව සරසවි වසා දැමුවේය. මෙසේ සරසවි වසා දැමීමෙන් කාරණා දෙකක්‌ හෙළිදරව් වන බව නිරෝධගේ අදහසයි. එකක්‌ නම් ආචාර්ය වර්ජනය නිසා සරසවි අධ්‍යයන කටයුතුවලට කිසිදු බාධාවක්‌ සිදුවී නැතැයි මාධ්‍ය සාකච්ඡා පවත්වා වහසි බස්‌ දෙඩූ උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයාගේ තිරිංග නැති වචන, කටමැත දෙඩවීමක්‌ බව තවදුරටත් ඔප්පුවීම ය. අනෙක නම් ආචාර්ය වර්ජනයේ යථාර්ථයට මුහුණ දීමට අසමත් මේ ආණ්‌ඩුව උත්සාහ ගන්නේ සරසවි වසා දමා, ඒවා වසා දමන්නට සිදු වූයේ ආචාර්යවරුන් ගේ වර්ජනය හේතුවෙන් බව ජනතාවට ඒත්තු ගැන්වීමට ය. ජනතාවද මේවා යම්තාක්‌ දුරට විශ්වාස කරනවාදැයි නිරෝධට සැකයක්‌ තිබේ. මන්ද ප්‍රමිතියෙන් බාල ඉන්ධන නිසා වාහන අතරමඟ නැවතීමෙන් ඇතිවන පීඩාව බඳු පීඩාවක්‌ සරසවි ආචාර්ය වර්ජනය නිසා ජනතාවට දැනෙන්නේ නැත. දිනකට පැය තුනක්‌ විදුලිය විසන්ධි කිරීම නිසා එදිනෙදා කටයුතුවලට සිදුවන බාධා වැනි බාධා සරසවි වර්ජනය නිසා ජනතාවට ඇතිවන්නේ නැත. සර්වඥ ධාතූන් වඳින්නට ගොස්‌ පැය ගණන් පෝලිම්වල පොරකෑවද ආපසු හැරී එන්නට සිදුවන විට වී. අයි. පී. (VIP) පාස්‌වලින් වරප්‍රසාද ලද්දොa ධාතු වන්දනා කරද්දී ඇතිවන සංවේගය බඳු සංවේගයක්‌ සරසවි වර්ජනය නිසා ජනතාවට ඇතිවන්නේ නැත. මේ නිසා මාස තුනක්‌ නොව අවුරුද්ද පුරා සරසවි ආචාර්යවරු වැඩවර්ජනය කළද මේ රටේ ජනතාවගේ ඇස්‌ අරවන්නට නොහැකි වුණත් නිරෝධ පුදුම වන්නේ නැත. ඒත් රට විනාශයට ඇද දැමීමේ අංකුර රෝපණය කරන දේශපාලන කැණහිලුන් නිදහස්‌ අධ්‍යාපන අයිතියටත් අධ්‍යාපනයේ ප්‍රමිතියටත් මේ කරන හානිය නිසා අනාගතයේ රට අනතුරේ වැටුණු පසු සර්වඥධාතු වැඳගැනීමට නොහැකි වුණු නිසා ඇතිවූ සංවේගයටත් වඩා සංවේගයකින් සුසුම් හෙළන්නට මේ රටේ ජනතාවට සිදුවන බව නම් නිරෝධට ස්‌ථීරවම කිව හැක.

මේ ආණ්‌ඩුවේ උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා පැහැදිලිවම පෙනී සිටින්නේ උසස්‌ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම වෙනුවෙන් බව මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ඔහුගේ හැසිරීමෙන් හා ප්‍රකාශවලින් හොඳින්ම පැහැදිලි වෙයි. ඇමැතිවරයාගේ එබඳු නින්දිත උත්සාහයන් ප්‍රසිද්ධියේ විවේචනය වෙද්දී තමන්ගේ ආත්ම ගෞරවයත් උසස්‌ අධ්‍යාපන ඇමැති තනතුරේ ගෞරවයත් නොකෙලසා ඔහු ඉල්ලා අස්‌ නොවෙන්නේ ඔහුගේ ලඡ්ජාව නමැති නහරය ඉවත් කර ඇති නිසාදොaයි නිරෝධට සැක සිතෙයි. අනේ ෘ ඇමැතිතුමා එබඳු කරදරයක වැටිලා නම් ඔහු ඉවත් කිරීමට වෙනකකු මැදිහත් නොවන්නේ නම් මේ ආණ්‌ඩුවේ සියල්ලන්ගේම ලඡ්ජා නහරය උපතින්ම පිහිටා නැතිදොaයි නිරෝධ සංවේගයට පත් වෙයි. 

සරසවි ආචාර්යවරුන්ගේ යෝජනාවලට කිසිදු සෘජු ප්‍රතිචාරයක්‌ දැක්‌වීමට ආණ්‌ඩුව උනන්දු නොවන්නේ "උඹලාටම එපා වුණු දවසක ඕක නවත්තපියව්" කියන්නා සේය. එහෙත් තමන්ගේ අරමුණු වෙනුවෙන් තෙමසකටත් ආසන්න කාලයක්‌ පුරා එකාවන්ව එක අරමුණකින් සිටිමින් සෘජුව කටයුතු කිරීම පිළිබඳ නිරෝධ සරසවි ආචාර්යවරුන්ගේ සංගමයට ශීර්ෂ ප්‍රණාමය පුද කරයි. 

හෙජිං බඳු දූෂිත දේශපාලනික ගනුදෙනු නිසා නඩු කියන්නටත් වන්දි ගෙවන්නටත් කෝටි ප්‍රකෝටි ගණනින් මහා භාණ්‌ඩාගාරයට මුදල් ඇතැයි කියන ආණ්‌ඩුව අධ්‍යාපනයට වෙන් කෙරෙන ප්‍රතිපාදන ඉහළ දමන්නට මුදල් නැතැයි කියන්නේ අනිවාර්යයෙන් ම ලඡ්ජාව නමැති නහරය නැති නිසා බව නිරෝධට නම් දැන් පැහැදිලි ය. නමුත් විශ්වවිද්‍යාල පද්ධතිය නිර්දේශපාලනීකරණය කරන්නැයි ආචාර්යවරුන් විසින් කරනු ලබන ඉල්ලීමට ආණ්‌ඩුව (විශේෂයෙන් උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා) භය වී ඇති සැටි දකින විට කිසියම් ලඡ්ජාවකුත් තියෙන බවක්‌ නිරෝධට සිතෙයි. මන්ද විශ්වවිද්‍යාල පද්ධතිය නිර්දේශපාලනීකරණය වී ස්‌වාධීන ආයතනයක්‌ ලෙස ගොඩනැඟුනහොත් තමන්ගේ ඔළු ඇතුළෙ කිසිවක්‌ නැති බව රටට හෙළිදරව් වන බව මේ දේශපාලකයන් හොඳින්ම දනී. එහෙයින් තමන්ට පාලනය කළ හැකි පිරිසක්‌ විශ්වවිද්‍යාල තුළ රඳවා ගැනීමේ අරගලය මොවුන් අතහරිතැයි සිතිය නොහැක. 

විශ්වවිද්‍යාලයක උපකුලපති ධුරය සෘජු දේශපාලනික මැදිහත්වීමකින් පත් කෙරෙන්නකි. ඒ බලය ඇත්තේ ජනාධිපතිවරයාට ය. ජනාධිපතිවරයා පත්කරන්නේ තමන්ට බැගෑපත් පුද්ගලයකු බව අමුතුවෙන් කිවයුතු නොවේ. එසේ ජනාධිපතිවරයාට පක්‍ෂපාත උපකුලපතිවරයා විසින් අධ්‍යයනාංශ ප්‍රධානීන් පත් කරයි. ඔවුන් උපකුලපතිවරයා ගේ හිත දිනාගන්නා පිරිසකි. ඔවුන් විසින් පත් කරනු ලබන පීඨාධිපතිවරුන් ගැනද තවදුරටත් පැහැදිලි කළ යුතු නොවේ. මේ අනුව විශ්වවිද්‍යාල ධුරාවලිය දේශපාලනයට සම්බන්ධ වී ඇති අයුරු වටහා ගත හැක. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය හා සබරගමුව විශ්වවිද්‍යාලය බඳු විශ්වවිද්‍යාලවල පරිපාලනය සම්බන්ධයෙන් පසුගිය දිනවල අප කවුරුත් ඇසූ දූටු දේවලින් මේ කාරණා වටහාගත හැකි බව නිරෝධගේ අදහසයි. සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ අධ්‍යාපන සුදුසුකම්වල වලංගුභාවය සම්බන්ධයෙන් "දිවයින" පුවත්පතින්ම කොයිතරම් හෙළිදරව් කිරීම් කළ ද යළිත් එම පුද්ගලයාම උපකුලපති ධුරයට පත් කිරීමෙන් විශ්වවිද්‍යාල පද්ධතිය දේශපාලනීකරණය වී ඇති අයුරු මොනවට පැහැදිලි වෙයි. 

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්‌ඩලය සඳහා බොහෝ විට බඳවා ගැනීම් කරනුයේ තාවකාලික පදනමින්ය. එසේ සිදු කෙරෙන බඳවා ගැනීම්වලින් වැඩි පිරිසක්‌ මැති ඇමැතිවරුන්ගේ හෙංචයියන් ය. මෙසේ තිබිය දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්‍ෂක මණ්‌ඩලයට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් දෙදෙනකු ද පත් කිරීමට යෝජනා කරමින් ආණ්‌ඩුව අලුත්ම චක්‍රලේඛයක්‌ නිකුත් කර ඇත. මීට පෙර ද ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන් අදාළ තෝරා ගැනීම් සඳහා සහභාගි නොවුණා නොවේ. ඒත් ආචාර්යවරුන් තෝරා ගැනීමේදී සෘජු බලපෑමක්‌ කිරීමට එම නිලධාරීන් ට හැකියාවක්‌ තිබුණේ නැත. නමුත් 2012-08-06 දාතමින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සියලු විශ්වවිද්‍යාල වෙත නිකුත් කර ඇති චක්‍රලේඛ අංක-991න් අණ කර සිටින්නේ අධ්‍යනාංශ ප්‍රධාන හා පීඨාධිපති කෙබඳු මතයක්‌ දැරුව ද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පත් කළ නිලධාරීන් දෙදෙනාගේ එකඟතාව නැති නම් තෝරා ගැනීම් කළ නොහැකි බවයි. ඒ බව මෙසේ සඳහන් වෙයි. උපුටා ගැනීම .....Should agree with the selection to be made. In case,, both members are not in agreement with the Selection, such apoinment should not be recommended by the Selection Committee. උපුටා ගැනීම අවසන්. මේ චක්‍රලේඛය නිකුත් කරන්නේ සරසවි ආචාර්යවරුන්ගේ සංගමයේ වර්ජනය අතරතුර වීම කාගේත් අවධානයට ලක්‌ විය යුතුය. මෙය කොයිතරම් සදාචාර සම්පන්න ද යන්න විමසා බලන්නැයි උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා ගෙන් හෝ ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටින්නට බැරිය. මන්ද ඒ ඇමැතිවරයාට හෝ ආණ්‌ඩුවට සදාචාරයක්‌ තිබේ නම් මෙබඳු යෝජනා ගෙන එන්නේ නැත. 

මෙහි දේශපාලන අරමුණු දෙකක්‌ නිරෝධට පැහැදිලි වෙයි. එකක්‌ නම් තමන්ගේ අල්ලේ නැටවිය හැකි පමණට විශ්වවිද්‍යාල පද්ධතිය සකසා ගැනීමය. අනෙක මේ ආණ්‌ඩුව දත නියවා සිටින උසස්‌ අධ්‍යාපනය වෙළෙඳපොළක්‌ බවට පත් කිරීමේ අරමුණුවලට විශ්වවිද්‍යාලය ඇතුළෙන් එන බාධා මගහරවාලීමය. එනිසා නිරෝධ යළිත් සිහිපත් කරන්නේ සර්වඥධාතු වන්දනාවට ගොස්‌ VIP පාස්‌ නැතිව ආපසු හැරී එද්දී ඇතිවූ සංවේගය රටේ අධ්‍යාපන ක්‌ෂේත්‍රයට සිදුවෙමින් පවතින විනාශය සම්බන්ධයෙන්ද ජනතාවට දැන් ඇතිවිය යුතු බව ය. 

Watamadala/23-08-2012

Tuesday, August 7, 2012


දයාසිරියාගමනය හා දේශපාලනයේ මහත්තුරු!


නිරෝෂන් හැඳලගේ

නිමිත්ත

බොහෝ දෙනෙක්‌ බලාපොරොත්තු වුණු පරිදි දයාසිරි ජයසේකරගේ ආණ්‌ඩු පක්‍ෂ ආගමනය සිදු වුණේ නැත. ඒ වෙනුවට වුණේ දයාසිරි මල්වතු මහා නාහිමියන් බැහැදැක පක්‍ෂය දමා නොයන බවට සපථ කර පොරොන්දු වීමය. ඒත් දයාසිරි හෙට ආණ්‌ඩුවට එකතු වෙයිද, එහෙම නැත්නම් එජාපයේ වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ආණ්‌ඩුවට එකතු වෙයිද කියන බලාපොරොත්තුව නම් කා තුළත් ඇති බව බොරුවක්‌ නොවේ. කාටවුණත් එහෙම හිතෙන එක සාධාරණය. මොකද විපක්‌ෂ මන්ත්‍රීවරු මේ තරම් ප්‍රමාණයක්‌ ආණ්‌ඩු පක්‌ෂයට ගිය තත්ත්වයක්‌ ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ තවත් නම් නැති තරම්ය. අනෙක්‌ අතට දයාසිරිට පක්‌ෂය දමා යැමටත් පක්‌ෂය එපා වීමටත් ඕනෑ තරම් හේතු තිබේ. ඔහුගේ ආණ්‌ඩු පක්‌ෂ ආගමනය පිළිබඳ කසුකුසුව තවදුරටත් බොරු යෑයි කියා හිතන්නට කිසිවකුත් සූදානම් නැත්තේද ඒ නිසාය. එක්‌ අතකට තමන් පක්‌ෂය දමා යන්නේ නැතිනම් දයාසිරි ඒ බව කියා දිවුරා පොරොන්දු විය යුත්තේ පක්‌ෂ නායකත්වය ඉදිරියේය. ඒත් දයාසිරි ඒ පොරොන්දුව දුන්නේ මල්වතු මහා නාහිමියන්ටය. ඒ නිසා ද දයාසිරි ආණ්‌ඩුවට හේත්තු නොවේය යන්න එක්‌සත් ජාතික පාක්‌ෂිකයන්ටද තවදුරටත් සැකයක්‌ම පමණි.

කොහොම වුණත් මල්වතු මහා නාහිමියන් බැහැ දුටු දයාසිරි කියා සිටියේ "මම පක්‍ෂය දාලා යන්නේ නැහැ. ඇතැම් මාධ්‍ය මාව එජාපයෙන් යවන්න උත්සාහ කරනවා" කියාය. ("දිවයින" - 2012 ජූලි 29 දා) පසුගිය ඉරිදා පුවත්පත්වලට සම්මුඛ සාකච්ඡා දෙමින්ද දයාසිරි චෝදනා කර සිටියේ තමන් ආණ්‌ඩුවට යෑවීමට වුවමනාව ඇත්තේ ඇතැම් මාධ්‍ය ආයතනවලට හා මාධ්‍යවේදීන්ට බවය. හැබැයි තමන්ට ආණ්‌ඩු පක්‌ෂයෙන් ආරාධනා ලැබෙන බවද මල්වතු නාහිමියන්ට කියා සිටින්නට දයාසිරි අමතක කළේ නැත. පක්‌ෂ නායකත්වය ගන්නා ඇතැම් ඒකාධිපති තීන්දු තීරණවලට විරුද්ධව තමන් කිසියම් දේශපාලනික තීන්දුවක්‌ ගන්නා බවද දයාසිරි මීට ඉහතදී ප්‍රකාශ කර තිබිණි. පක්‌ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ දයාසිරි කතා කළ පළමු අවස්‌ථාව මෙය නොවේ. දිගින් දිගටම එජාපය ලබන මැතිවරණ පරාජයන් හමුවේ දයාසිරිට මෙන්ම තවත් තරුණ මන්ත්‍රීවරුන් බොහෝ පිරිසකටද පක්‌ෂයේ ප්‍රතිපත්ති හා නායකත්වය පිළිබඳ ගැටලු පැවැතුණි. පක්‌ෂ නායකත්වය වසර හයක්‌ යන තුරු වෙනස්‌ නොකිරීමට එක්‌සත් ජාතික පක්‌ෂයේ කෘත්‍යාධිකාරී මණ්‌ඩලය හදිසියේ ගත් තීන්දුවත් සමග පක්‌ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සටන් කරන දයාසිරි ඇතුළු පිරිස තුළ තවදුරටත් ඇති කළේ කලකිරීමක්‌ම පමණය. එහෙත් කැරැලිකරුවන් බොහෝ දෙනකු කෘත්‍යාධිකාරී මණ්‌ඩල සාමාජිකයන් නොවන නිසා එබඳු තීන්දුවලට බලපෑම් කිරීමේ හැකියාවක්‌ ද නැත. මේ නිසා එජාපයේ තරුණ මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු සිටිනුයේ "මඟ සිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී" වැනි තත්ත්වයකය.

2001 දී එක්‌සත් ජාතික පක්‌ෂයට එක්‌වන දයාසිරි ජයසේකර 2004 දී කුරුණෑගල ආසන සංවිධායකවරයා ලෙස පක්‌ෂය සංවිධානය කරමින් එම වසරේ මැතිවරණයේ දී මනාප ඡන්ද 52457 ක්‌ ලබා පාර්ලිමේන්තුවට පැමිණියේය. නීතිඥවරයකුද වන දයාසිරි පාර්ලිමේන්තුව තුළ දක්‌ෂ කථිකයකු ලෙස කා අතරත් ජනප්‍රියත්වය දිනාගෙන සිටී. පාර්ලිමේන්තුව තුළදී ආණ්‌ඩු පක්‌ෂ මන්ත්‍රීවරුන් ප්‍රකෝප වන්නේ සියලු තොරතුරුවලින් සන්නද්ධව දයාසිරි එල්ල කරන චෝදනාවලට පිළිතුරු දීගත නොහැකි වූ අවස්‌ථාවලය. දයාසිරිගේ මුඛරිකම නිසා ආණ්‌ඩු පක්‌ෂ මැති ඇමැතිවරුන් අපහසුතාවට පත්වන අවස්‌ථා අනන්තය. හම්බන්තොට වරාය පතුලේ විශාල ගලක්‌ ඇති බවට වරෙක දයාසිරි ආණ්‌ඩුවට එල්ල කළ ප්‍රශ්නයකදී විෂය භාර ඇමැතිවරයා කටඋත්තර නැති තත්ත්වයට පත්වූ අවස්‌ථා සිහිපත් වෙයි. දයාසිරි බොහෝ අවස්‌ථාවල ආණ්‌ඩුවේ රෙදි ගැලවූවා කීවොත් වඩාත් නිවැරැදිය.

පාර්ලිමේන්තුව තුළ සිටින මේ කරදරකාරයාගේ කට වසා දැමීමට ආණ්‌ඩුවට ඇති වුවමනාව ගැන ආයේ දෙවරක්‌ සිතිය යුතු නැත. ඒ සඳහා මහින්ද රාජපක්‍ෂගේ ආණ්‌ඩුව සතුව ඉතා හොඳ ප්‍රතිඵල අත්කර දුන් මන්දක්‌ (උගුලක්‌) ඇත. ජනතා විමුක්‌ති පෙරමුණේ සිටි විමල් වීරවංශ බඳු කටකාරයන්ගේ කටවල් වසා දැමීමෙන් මේ මන්ද සාර්ථක බව ඔප්පු කර ඇත. එනම් ආණ්‌ඩු පක්‌ෂයට ආරාධනා කර ඇමැති හෝ නියෝජ්‍ය ඇමැති තනතුරක්‌, එහෙමත් නැත්නම් අධීක්‌ෂණ ඇමැති තනතුරක්‌ හෝ ලබාදීමය. ආණ්‌ඩුවෙන් තමන්ට ආරාධනා කරන බව දයාසිරි කියන්නේ මෙන්න මේ මන්ද දැන් ක්‍රියාත්මක වෙන්නට පටන්ගෙන ඇති නිසාය. මේ කට ආණ්‌ඩුවට ලැබුණොත් කටමැත දොඩවන ආණ්‌ඩුවේ බොහෝ මැති ඇමැතිවරුන්ට වඩා ප්‍රයෝජනයක්‌ ගත හැකි බව ද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ද හොඳින්ම දන්නා නිසාද දයාසිරිට ඉල්ලුම වැඩිය.

දේශපාලනයේ මහත්තුරු හා මහත්මා දේශපාලනය

දයාසිරි ජයසේකර එක්‌තරා ව්‍යාපාරිකයකු සමග අරලියගහ මන්දිරයට ගොස්‌ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සමග සාකච්ඡා කළ බවත්, ඉදිරියේ දී ආණ්‌ඩු පක්‌ෂයෙන් වයඹ පළාත් සභාවේ මහ ඇමැති ධුරය සඳහා තරග කිරීමට යන බවත් ආදී විවිධ වාර්තා පුවත්පත්වල පළවිය. ජනාධිපතිවරයා හමුවීම හෝ වයඹ පළාත් මහ ඇමැති ධුරයට ආණ්‌ඩු පක්‌ෂයෙන් ඉදිරිපත් වීම කෙසේ වුවත් දයාසිරි ආණ්‌ඩු පක්‌ෂයට ගොස්‌ නියෝජ්‍ය ඇමැති ධුරය ලබා ගන්නට යනවා ය යන කතාබහ නම් කවුරුත් විශ්වාස කළේය. ඒ දයාසිරි එබඳු දේශපාලකයකු ලෙස නම්දරා සිටීම නිසා නොව විපක්‌ෂ මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමට තරම් ලඡ්ජාසහගත දේශපාලනයක ආණ්‌ඩුව නිරත වන බව කාලයක්‌ තිස්‌සේ සිදුවන සිදුවීම්වලින් කවුරුත් දන්නා නිසාය. ආණ්‌ඩුව මේ වැඩේට කොයිතරම් ඇබ්බැහි වෙලාද කියතොත් රටක දේශපාලනයේ උත්තරීතර සම්ප්‍රදායයන් අමු අමුවේ උල්ලංඝනය කරන්නේ යහපාලනය බල්ලට දමාය. නමුත් ඊනියා දේශපාලන විචාරකයන් සහ කියන වෙලාවක කඩේ යන්න මලු කරේ දමාගෙන සිටින මාධ්‍ය ඔස්‌තාර්ලා මේ තත්ත්වය ජනතාව වෙත ගෙන යන්නේ විපක්‌ෂයේ නොහැකියාව හා ආණ්‌ඩුවේ හැකියාව ලෙසය. ඒත් හැකියාව ඇති ආණ්‌ඩුවක්‌ පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වන්නේ විපක්‌ෂ මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමෙන් නොව මැතිවරණයකදී ලබන පිරිසිදු ජයග්‍රහණයකින් බව ඔවුන් රටට කියන්නේ නැත.

ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝක දේශපාලන ඉතිහාසය තුළවත් මෙබඳු ලඡ්ජාසහගත ක්‍රමවලින් බලය පෙන්වූ ආණ්‌ඩුවක්‌ තිබූ බවට හෝ තිබෙන බවට තොරතුරු නැත. එපමණ තරමට මේ ආණ්‌ඩුව විපක්‌ෂයට බලපෑම් කර ඇත. මේ අර්බුදය විපක්‌ෂයේ දේශපාලන පක්‌ෂවල දුර්වල බව පෙන්වන්නක්‌ ලෙස විග්‍රහ කිරීමට අප උත්සාහ කළහොත් එය බුද්ධිමත් වන්නේ නැත. 1977 දී තුනෙන් දෙකක බහුතර බලයක්‌ ලබා ගැහැනියෙක්‌ පිරිමියෙක්‌ බවට පත්කිරීම හැර අන් ඕනෑම දෙයක්‌ කිරීමට තමන්ට හැකියෑයි කී හිටපු ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන රට අරාජික කිරීමේ මුල් පියවර තැබුවද විපක්‌ෂ මන්ත්‍රීවරුන් බිලි බා පාර්ලිමේන්තුව අසමබර කිරීමට තරම් බාල ප්‍රතිපත්ති අනුගමනය කළේ නැත. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමය දක්‌වා දේශපාලනයේ එබඳු ආචාර ධර්ම ආරක්‌ෂා වී තිබෙනු අපි දුටිමු. එහෙත් අද එබඳු චර්යාත්මක දේශපාලන භාවිතයක්‌ අපට දකින්නට නැත.

මේ අවිචාරවත් ක්‍රමවේදයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ මහින්ද රාජපක්‌ෂ රජය බවට සෘජුව ඇඟිල්ල දිගු කිරීමට අපට සිදු වෙයි. 2007 වසරේÊපැවැති 2008 ට අදාළ අයවැය තෙවැනි වර කියෑවීමේ ඡන්ද විමසීමකදී විපක්‌ෂය බලවත්ව ආණ්‌ඩු පක්‌ෂය මහත් අසීරුතාවකට පත්ව සිටියේය. ආණ්‌ඩු පක්‌ෂයේ ඇමැතිවරුන් කීප දෙනකුම විපක්‌ෂයේ බලය ගැන විශ්වාසය තබා පිල් මාරු කිරීමේ සූදානමක පසුවිය. ඒ අවස්‌ථාවේ කාගේත් අවධානය යොමු වූයේ ජනතා විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රී කණ්‌ඩායමේ අයවැය පිළිබඳ මතය කුමක්‌ද යන්න ගැනය. එහෙත් ඔවුන් එදා ඉතා විශිෂ්ට ලෙස ක්‍රියා කරමින් ආණ්‌ඩුව අනතුරට පත් නොවන ලෙසත් ආණ්‌ඩුවේ ඇතැම් ක්‍රියා කලාපයන් කෙරේ වන තම විරෝධයට හානියක්‌ නොවන ලෙසත් ක්‍රියා කළේය. එදා ජවිපෙ අයවැයට විපක්‌ෂ බවට මුලදීම ප්‍රකාශ කළේ නම් අද මහින්ද රාජපක්‌ෂ ආණ්‌ඩුවකුත්, යුද්ධයේ අවසානයකුත් නොවන්නට ඉඩ තිබිණි.

ජනතා විමුක්‌ති පෙරමුණ එදා රට වෙනුවෙන් තමන්ගේ දේශපාලන අරමුණු යටපත් කර චර්යාත්මක ලෙස ක්‍රියා කළ බවය මෙම ලියුම්කරු අදහස්‌ කරන්නේ. එහෙත් එසේ අසීරු මොහොතක සිsටි තමන්ට ඓතිහාසික සහායක්‌ පළකළ ජනතා විමුක්‌ති පෙරමුණ කැබැලිවලට කඩා පාර්ලිමේන්තුව තුළ සිටි ශක්‌තිමත්ම කටවල් කීපයක්‌ම වසා දමන්නට තරම් මේ ආණ්‌ඩුව මුග්ධ වූ බව නොලියා සිටිය නොහැක.

දුර්වල විපක්‍ෂය!

විපක්‌ෂයේ ප්‍රධාන පක්‌ෂය වන එක්‌සත් ජාතික පක්‍ෂයට තරම් මහින්ද රාජපක්‌ෂ ආණ්‌ඩුවේ "මන්ද" මරණීය වූ තවත් පක්‌ෂයක්‌ නැති තරම්ය. එජාපයේ මන්ත්‍රීවරුන් 17 දෙනකු එකවර ආණ්‌ඩු පක්‌ෂයට පැමිණීමෙන් ඒ බව පැහැදිලි වෙයි. එක්‌සත් ජාතික පක්‌ෂ නායක සහ විපක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහගේ අනම්‍යශීලී ප්‍රතිපත්ති රාජපක්‍ෂ රජයේ බිලි බා ගැනීමේ ප්‍රතිපත්ති හා රන් රස සේ පෑහුණු බව නම් ඇත්තය. එක්‌සත් ජාතික පක්‌ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු අධීක්‌ෂණ මන්ත්‍රී ධුරයක්‌ ලබා ආණ්‌ඩුවට එකතු වීම දක්‌වාත් එක්‌සත් ජාතික පක්‌ෂයේ නායකයන්ගේ දරදඬු ප්‍රතිපත්තිවල වෙනසක්‌ සිදු නොවුණි. පක්‌ෂ ව්‍යවස්‌ථාව හා පක්‌ෂ විනය ආරක්‌ෂා කිරීම සඳහා පක්‌ෂ නායක වික්‍රමසිංහ දැඩිව පෙනී සිටියද ආණ්‌ඩු පක්‌ෂයේ නොවැදගත් දේශපාලන භාවිතය හමුවේ සියලු දෙනාට සවන් දීමේ ක්‍රියා පිළිවෙතකට අවතීර්ණ වීමේ හදිසි අවශ්‍යතාවක්‌ දැන් පැන නැගෙමින් පවතී. එහෙත් පක්‌ෂ නායකත්වය වසර 6 ක්‌ දක්‌වා දීර්ඝ කිරීම සඳහා පසුගියදා ගත් හදිසි තීන්දුව පිළිබඳ සලකා බැලීමේදී එජාපය තුළ සංවාදයක්‌ ගොඩනැඟෙනු ඇතැයි යන්න විශ්වාසයක්‌ තැබිය නොහැක.

අඩු වැඩි වශයෙන් ජනතා විමුක්‌ති පෙරමුණ තුළද පවතිනුයේ මෙබඳු තත්ත්වයකි. පක්‌ෂයේ පසුබෑමටත් වඩා රටට හානිදායක වූයේ ජනතා විමුක්‌ති පෙරමුණේ පසුබෑමය. මේ සිදුවෙමින් පවතින සියල්ලෙහි නරක ප්‍රතිඵල දැනටමත් රටට අත් වෙමින් පවතී. ආණ්‌ඩු පක්‌ෂයේ ප්‍රාදේශීය දේශපාලන නායකයන් අපරාධකරුවන් බවට පත්ව සිටින්නේත්, පාසල් අධ්‍යාපනයේ පටන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්‌වා සමස්‌ත අධ්‍යාපන ක්‌ෂේත්‍රයම අවුලක්‌ බවට පත්ව තිබෙන්නේත්, දේශපාලන අධිකාරිත්වයට වුවමනා පරිදි නීතිය මෙහෙයෑවෙන්නේත් වරද අමතක වීම නීතියෙන් බේරී යැමට හොඳම අවස්‌ථාවක්‌ ලෙස දේශපාලකයන් විසින්ම සමාජයට පූර්වාදර්ශ සපයන්නේත් එබඳු ප්‍රතිඵල ලෙසය.

කෙසේ වුවත් විපක්‌ෂය ඇත්තේ දුර්වල වූ තැනක නොව දුර්වල කිරීම හේතුවෙන් පසුබෑමට ලක්‌වූ තැනකය. ජනතා විමුක්‌ති පෙරමුණෙන් බිඳී ගිය පිරිස පිහිට වූ පෙරටුගාමී සමාජවාදී පක්‌ෂයේ මංගල මහා සමුළුවට දින කීපයක්‌ තබා එහි නියමුවන් දෙදෙනකු පැහැරගෙන යැමේ සිද්ධියම ඒ සඳහා උදාහරණයකට ප්‍රමාණවත් ය. එහෙයින් දුර්වල කිරීමෙන් බේරී සිටීමේ උපක්‍රම සොයා ගැනීමට විපක්‌ෂයේ ප්‍රධාන දේශපාලන පක්‌ෂ වහා කටයුතු කළ යුතුය. අප විශ්වාස කරන්නේ එය කළ හැක්‌කේ රටේ සමස්‌ත දේශපාලනික පරිහානිය පිළිබඳ ගොඩනැඟිය හැකි සංවාදයකින්ම පමණක්‌ බවය. බිලි බෑමේ ප්‍රතිපත්තියද මිට අදාළ බව අමතක නොකළ යුතුය.

මිනිස්‌ ජාවාරමේ ගින්න!


පුනරුත්තාපනය වූ එල්.ටී.ටී.ඊ. සැකකරුවන් නීති විරෝධී ලෙස විදෙස්‌ගත කිරීමේ ජාවාරමක්‌ පිළිබඳ වාර්තාවක්‌ ඊයේ "දිවයින" මුල් පිටුqවේ පළ වී තිබේ. පසුගිය මාස කීපයකම මෙබඳු ආකාරයෙන් පුද්ගලයන් විදෙස්‌ගත කිරීමට ගත් උත්සාහයන් හි දී ඒ සඳහා යොදාගත් බෝට්‌ටු මුහුද මැදදී අනතුරට පත් වී ජීවිත හානි සිදු වූ ප්‍රවෘත්ති ද අසන්නට දකින්නට ලැබුණි. අදාළ ප්‍රවෘත්තියේ සඳහන් වන ලෙස මෙම ජාවාරම මෙහෙයවා ඇත්තේ මෙවර නැගෙනහිර පළාත් සභාව සඳහා තරගවදින දෙමළ ජාතික සන්ධානයේ අපේක්‍ෂකයකු වන සුරේෂ් කුමාර් නමැත්තකු හා නීතීඥවරයෙකි.

උතුර - නැගෙනහිර ප්‍රදේශවලින් පුද්ගලයන් පිටරට පැටවීම අද ඊයේ ආරම්භ වූවක්‌ නොවේ. එල්.ටී.ටී.ඊ. සංවිධානය එම භූමි ප්‍රදේශ පාලනය කළ සමයේ කරගෙන ගිය ජාවාරම් අතර ප්‍රධාන ජාවාරම් කීපයක්‌ වෙයි. එකක්‌ අවි ආයුධ ජාවාරමයි. අනෙක මත්ද්‍රව්‍ය ජාවාරමයි. මිනිසුන් විදෙස්‌ රටවලට නීති විරෝධී ලෙස ප්‍රවාහනය කිරීමෙන් ද ඔවුහු අති විශාල ධනස්‌කන්ධයක්‌ උපයා ගත්හ. ඒ අතරම ඔවුන් මිනිස්‌ ජාවාරම යොදා ගත්තේ ඔවුන්ගේ බෙදුම්වාදී අරමුණු ඉෂ්ට කරගැනීමේ උපායයක්‌ ද වශයෙනි. එනම් මෙසේ පුද්ගලයින් සරණාගතයින් ලෙස අමෙරිකාව ඇතුළු යුරෝපා රටවලට පැටවූ ඔවුන් එම රටවලට අ`ගවා සිටියේ මෙසේ පැමිණෙන්නවුන් ශ්‍රී ලංකාවේ මහා ජාතියෙන් එල්ලවන පීඩා ඉවසා ගත නොහැකිව එන්නන් බවයි. එකල ශ්‍රී ලංකාවේ යුදමය තත්වයක්‌ ද පැවති හෙයින් එල්.ටී.ටී.ඊ. ය ජයටම මේ ජාවාරම කරගෙන ගියේ ය. හැබැයි එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශවල ජීවත් වූ දෙමළ ජනතාවගෙන් එසේ නීති විරෝධී ලෙස හෝ යුරෝපයට පැනගන්නට ලැබුණේ අතමිට යහමින් තිබූවන්ට පමණ ය. මන්ද යුරෝපයට යැමට ඕනෑ නම් තමන් සතු සියලු ධන සම්පත් එල්.ටී.ටී.ඊ.ය ට පූජා කළ යුතුය. ධන සම්පත් අහිමි වුවත් කමක්‌ නැතැයි සිතා බොහෝ පිරිසක්‌ පිටරටවලට පැන ගත්තේ එල්.ටී.ටී.ඊ. කෲර පාලනයෙන් මිදීමට අන් මගක්‌ නොවූ හෙයිනි. එහෙත් එසේ සියල්ල පුජාකර යුරෝපයට පැන ගත්ත ද ඔවුන්ට එල්.ටී.ටී.ඊ.යෙන් ගැලවීමක්‌ නම් ලැබුණේ නැත. මොන රටේ කොතැන සිටියත් සංවිධානයට කප්පම් මුදලක්‌ ගෙවිය යුතු විය.

දෙමළ ජනතාවටම වෙන් වූ ස්‌වාධීන රාජ්‍යයක්‌ ගොඩනගනවා යෑයි කියා එල්.ටී.ටී.ඊ.ය අහිංසක දෙමළ ජනතාව රැවටුව ද තමන්ගේ ඊළාම් රාජ්‍ය පිළිබඳ සිහිනයක සිටි මේ ජනතාව තම අකමැත්ත යටපත් කරගෙන සංවිධානයට මුදල් පොම්ප කිරීමට පියවර ගත්තේය.

අද එල්.ටී.ටී.ඊ.ය නැත. එහෙත් ඔවුන්ගේ සෙවණැලි තවමත් උතුරේ හොල්මන් කරනා බව සුරේෂ් කුමාර් වැන්නවුන්ගෙන් පැහැදිලි වෙයි. අද ඔවුන් මේ ජාවාරම කරන්නේ දෙමළ ජනතාව පමණක්‌ යොදාගෙන නොවීමය විශේෂත්වය. පසුගියදා අත්aඩංගුවට පත් මෙබඳු නීතිවිරෝධී බෝට්‌ටුවක සිටි සිංහල ජාතිකයන් කීපදෙනකු ගැන ද තොරතුරු වාර්තා විය. දෙමළ සන්ධානයේ අදාළ අපේක්‍ෂකයා පළාත් සභාවට පත් වන්නට වරම් ඉල්ලන්නේ මෙබඳු ජාවාරම් වඩාත් දියුණු ආකාරයෙන් කරගෙන යැමට ද යන්න අපි නොදනිමු. කොහොම වෙතත් මෙබඳු අයකුට නාමයෝජනා දීමට දෙමළ ජාතික සන්ධානයේ නායකයින් කටයුතු කළේ මේ කිසිවක්‌ නොදැන යෑයි කියා කියන්නට හැකියාවක්‌ නැත. එහෙයින් අදාළ අපේක්‍ෂකයා සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය දැන් රටට ගතු කිව යුතුව තිබේ. එපමණක්‌ ද නොවේ දෙමළ ජනතාව මෙබඳු ජාවාරම් ඔස්‌සේ විදෙස්‌ගත කිරීම් සම්බන්ධයෙන් ද තමන්ගේ ස්‌ථාවරය ප්‍රකාශ කළයුතුව තිබේ.

ආණ්‌ඩුවටද මේ සම්බන්ධයෙන් බරපතළ වගකීමක්‌ ඇත. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අවි බලය යටපත් කළ ද මෙබඳු ජාවාරම් ඔස්‌සේ රට අපකීර්තියට පත් කිරීමේ උත්සාහයන් ඇති බව හඳුනා ගත යුතුව තිබේ. දකුණේ නොහික්‌මුණු දේශපාලකයන්ට ද මෙබඳු ජාවාරම්වල රස දැනෙන්නට පෙර මේවා මුලිනුපුටා දැමීමට වහා පියවර ගත යුතුව තිබේ. එසේ නොවුණහොත් මේ රට ඇවිලෙන්නේ කිසි දා නිවා දැමිය නොහැකි ගින්නකින් බව අවධාරණය කිරීමට අපට සිදු වෙයි



පත්තරකාරයා පාරිශුද්ධද?


සිළුමිණ පුවත්පතේ ප්‍රධාන සංස්‌කාරක කරුණාදාස සූරියආරච්චිගේ අලුත්ම නවකථාව "මම තවම යමි" දොරට වැඩීම නිමිත්තෙන් පසුගියදා මහවැලි කේන්ද්‍රයේ පැවති උත්සවයේ දී මෙරට ජනමාධ්‍යවේදියා පිළිබඳ ගොඩනැඟි සංවාදය කිනම් අරමුණකින් සිදු වුව ද එය අද දවසට අත්‍යවශ්‍ය සංවාදයකැයි නිරෝධගේ අදහසයි. සූරියආරච්චිගේ නවකථාව පිළිබඳ සංවාදයකට වඩා ජනමාධ්‍යවේදියාගේ පාරිශුද්ධත්වය කිරා මැන බැලෙන සංවාදයකට දේශකයන් යොමුවන්නට ඇත්තේ ලේඛකයා ජනමාධ්‍යවේදියකුත් පුවත්පතක ප්‍රධාන සංස්‌කාරකවරයකුත් නිසා විය හැක.

සාමාන්‍යයෙන් ලංකාවේ පොත් දොරට වැඩීමක දී ලේඛකයා මොන බහුබූතයක්‌ ලියා තිබුණ ද දේශකයන් එහි දොසකට දකින්නේ ව්‍යාකරණ අඩුපාඩු කීපයක්‌ පමණි. එහෙත් මහවැලි කේන්ද්‍රයේ දී ඒ තත්ත්වයේ වෙනසකි, නිරෝධ දුටුවේ. සියලුම ප්‍රධාන දේශකයන් මම තවම යමි නවකථාවේ ග්‍රන්ථ නාමයේ පටන් අන්තර්ගතය දක්‌වා වූ අඩුපාඩු ඉතාමත් තාර්කිකව සාකච්ඡා කළ බවය, නිරෝධගේ අදහස. ඇතැමෙක්‌ මේ අදහස සම්බන්ධයෙන් නිරෝධ සම`ග එක`ග නොවන්නට ද ඉඩ ඇත. එහෙත් "මම තවම යමි" කියවා අවසන් වූ පසු ඒ ගැන තමන් තුළම සංවාදයක්‌ ගොඩන`ගා ගැනීමට හැකියාව ඇත.

ජනමාධ්‍යවේදියාගේ පාරිශුද්ධත්වය ගැන ප්‍රශ්න කරමින් සංවාදය ආරම්භ කළේ ධම්ම දිසානායක ය. ඔහු කොයි තරම් ගැඹුරට ඒ සංවාදය රැගෙන ගියා ද යත් අවසානයේ ඔහු නතර වූයේ තමන් පිළිබඳ ම ආත්ම විවේචනයක ය කීවෝතින් වඩාත් නිවැරදිය. පරිණත පුවත්පත් කලාවේදියකු දේශපාලනික තනතුරක්‌ දැරීමට යැම නිසා ලබන මානසික වියවුල කියන්නට සූරියආරච්චි උත්සාහ දරා ඇත. එහෙත් ධම්ම කථා කළ ආකාරයෙන් නිරෝධට හැ`ගුණේ ඔහු එම නවකථාව තමන්ගේ ජීවිත කථාව ලෙස පටලවාගෙන තිබූ බවය. කිසිම පුද්ගලයකුට තමන්ගේ හෘද සාක්‍ෂියෙන් ගැලවීමක්‌ නැති බව නම් ධම්ම අපට වඩාත් හොඳින් පැහැදිලි කළේය. කෙසේ වෙතත් නිරෝධ සිතන්නේ ධම්මගේ ආත්ම විවේචනය අවංක විවේචනයක්‌ බව ය.

නිරෝධගේ අවධානය වඩාත් යොමුවන්නේ එහි දී උපුල් ශාන්ත සන්නස්‌ගල දැක්‌ වූ අදහස්‌ කෙරේ ය. ඔහු ජනමාධ්‍යවේදියාගේ පාරිශුද්ධභාවය ප්‍රශ්න කළේ එක්‌තරා ජ්‍යෙෂ්ඨ පත්‍රකලාවේදියකුගේ පෞද්ගලික ජීවිතයේ නිදර්ශනයක්‌ ද ගෙනහැර පාමිනි. සන්නස්‌ගල ඉන් කියා පෑමට උත්සාහ කළේ පුවත්පතකට ලියන වාගාලාපයන්ගෙන් යුතු අලංකාර ලිපියක්‌ තරමට පත්‍රකලාවේදියකුගේ අභ්‍යන්තරය අලංකාර නැති බවයි. එහෙත් සන්නස්‌ගල එම ප්‍රකාශය පත්‍රකලාවේදීන්ට පමණක්‌ පොදු ලෙස සිතා කළේ එතරම් මුලාවක්‌ නැති බව නම් නොකියා බැරිය. එහෙත් අද වන විට මෙරට ජනමාධ්‍යවේදීන්ගේ හා මාධ්‍ය භාවිතයේ පාරිශුද්ධභාවය සම්බන්ධයෙන් එදාටත් වඩා බරපතළ තත්ත්වයන් පවතින බවය, ඇත්තම කාරණය. එදා ජනමාධ්‍යවේදීන් සම්බන්ධයෙන් බරපතළම චෝදනාවක්‌ එල්ල වුණා නම් ඒ මධුවිතට ලොල් වීමය. එහෙත් ජනමාධ්‍ය ආචාරධර්ම සහ ජනමාධ්‍ය පෞරුෂය සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනාවක්‌ එල්ල නොවූ තරම් ය. කිසියම් ආකාරයකින් එබඳු චෝදනාවකට ලක්‌වූවකු වූයේ නම් මාධ්‍ය ක්‍ෂේත්‍රය විසින් එම පුද්ගලයා ප්‍රතික්‍ෂේප කළේය. මේ තත්ත්වය දන්නා කිසිවකුත් එබඳු පහළ මට්‌ටමකට වැටෙන්නට මේ ගෞරවනීය වෘත්තිය ට එදා ආවේ නැත. එබඳු ජ්‍යෙෂ්ඨ පත්‍රකලාවේදීන් දකීපදෙනකු හෝ අදත් ජීවත්ව සිටින නිසා සන්නස්‌ගල ඔවුන් ගැන ද සිහිපත් කළා නම් අගේ යෑයි නිරෝධට සිතුණි.

අද ඇතැම් ජනමාධ්‍යවේදීන්ගේ හා ඔන්ගේ මාධ්‍ය භාවිතයේ ඛේදනීයත්වය විස්‌තර කිරීමට මෙබඳු සටහනක්‌ කෙසේ වෙතත් පොත් දහයක්‌ ලියූව ද ප්‍රමාණවත් නැත. සංවේගයට කාරණය නම් අද මාධ්‍ය ක්‍ෂේත්‍රය තුළ පවා උත්කර්ෂයට ලක්‌ කරන්නේ මෙබඳු මාධ්‍ය භාවිතාවන් වීම ය. කරුණාදාස සූරියආරච්චි මම තවම යමි නවකථාවෙන් එබඳු චරිතයක ආත්ම කථනය කියා පෑමට උත්සාහ ගෙන ඇතත් සන්නස්‌ගල එදා ඔප්පු කර පෙන්වූ පරිදි (වටරවුම, සත්‍යවාදියකුගේ දින සටහන් ආදී උදාහරණ ගෙන) මෙය සූරියආරච්චිගේ ආත්මකථනය දෝයි නිරෝධට ද කුකුසක්‌ උපදී. කෙසේ වුවත් පත්‍රකලාවේදියකු තමන්ගේ වෘත්තිය පාවා දෙමින් ගන්නා තීන්දු තීරණ කෙදිනක හෝ ඔහුගේ හෘදසාක්‍ෂිය විසින් ප්‍රශ්න කරනු ලබන බව අපට පහදා දීමට ලේඛකයා ගෙන තිබෙන අවංක උත්සාහය ප්‍රශංසා සහගතය.

පරමාදර්ශී ජනමාධ්‍යයක්‌ හෝ මාධ්‍යවේදියෙක්‌ මේ මිහිපිට ඇතැයි නිරෝධ විශ්වාස කරන්නේ නැත. එහෙත් වෘත්තියට අවංක විය හැකි උපරිම සීමාව දක්‌වා හෝ යැමට නොහැකි යෑයි ද නිරෝධ විශ්වාස කරන්නේ නැත. අද බොහෝ දෙනකු ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයට යොමු වන්නේ මෙම වෘත්තීය වරප්‍රසාදයක්‌ කරගෙන තමන්ගේ පෞද්ගලික න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරගැනීමට ය. මේ තත්ත්වය කොයිතරම් පහළ මට්‌ටමින් ක්‍රියාත්මක වෙනවාද යත් අද දවසේ පුවත්පත් කලාවේදියකු වීමේ අරමුණු නිරෝධට මෙසේ පෙළගැස්‌විය හැක.

* බලයේ සිටින ආණ්‌ඩුවේ තනතුරක්‌ ලබාගැනීම.

* රූපවාහිනි නිවේදක සිහිනයක්‌ සැබෑ කරගැනීම.

* විදේශ සංචාර සඳහා අනුග්‍රාහකත්වයන් ලබා ගැනීම.

* ප්‍රභූ පුද්ගලයන්, ජනප්‍රිය පුද්ගලයන් ඇසුරු කිරීම හා ඒ බව සමාජයට ඇ`ගවීම.

* තමන්ගේ පෞද්ගලික ව්‍යාපාර පවත්වාගෙන යැමට ඉතා හොඳ වාහකයක්‌ වීම.

මීට අමතරව චිත්‍රපටයක හෝ ටෙලිනාට්‍යයක ර`ගපෑමට අවස්‌ථාව උදාකර ගැනීම සඳහාත්, ව්‍යාපාරික ප්‍රවෘත්ති වාර්තා කිරීමට යැමේ දී යම් යම් තිළිණ ලැබෙන නිසාත්, මේ කිසිවක්‌ම නැතත් කරන්නට වෙන රස්‌සාවක්‌ නැති නිසාත් මාධ්‍යවේදීන් බවට පත් වූවෝ ද කොතෙකුත් වෙති. කිනම් අරමුණකින් පැමිණිය ද වෘත්තියට එළඹුණු පසුව හෝ එහි වටිනාකම හා ගෞරවය හඳුනාගත හැක්‌කේ නම් ගැටලුවක්‌ නැත. එහෙත් එබන්දක්‌ නම් නිරෝධ දකින්නේ නැත. නිරෝධ දන්නා පරිදි එදා පත්‍රකලාවේදියා මත්පැන් වීදුරුවකට වෘත්තිය බාල්දු කළේ නැත. එහෙත් බරපතළ කාරණය ඉහත අරමුණු සපුරා ගනුවස්‌ අද සිටින මාධ්‍යවේදීන් යෑයි කියාගන්නා ඇතැම් පිරිස්‌ වෘත්තීය ගරුත්වය අමු අමුවේ කෙළෙසා දැමීම ය. එය සුරා සො`ඩකු වීම තරම් නම් අහිංසක නැත.

Thursday, July 12, 2012


දේශපාලනයේ අනාථභාවය හා

නීතියේ සුජාතභාවය





රෝයල් පාර්ක්‌ ඝාතනය සම්බන්ධයෙන් පෙරේදා (11 වැනිදා) අභියාචනාධිකරණය දුන් නඩු තීන්දුව රට පුරා අවධානය දිනාගත් බවට සැකයක්‌ නැත. කෙළවරක්‌ නැති ළමා අපයෝජන සිද්ධීන් හා "ජනමත නායකයන්" ඒවායේ චූදිතයන් බවට හෙළිදරව් වන පසුබිමක ඒ හා සමාන අපරාධයක චූදිතයකුට එරෙහිව දී තිබූ සිරදඬුවමක්‌ මරණ දඬුවමක්‌ බවට පත් කිරීම අධිකරණය පිළිබඳ ජනතා බලපොරොත්තු දල්වන්නකි.

රාජගිරිය රෝයල් පාර්ක්‌ නිවාස සංකීර්ණයේදී ස්‌වීඩන් ජාතික තරුණියක මරා දැමීමට එරෙහිව විත්තිකාර 26 හැවිරිදි තරුණයාට එරෙහිව මීට ඉහතදී කොළඹ මහාධිකරණය විසින් අවුරුදු 12 ක සිරදඬුවමක්‌ හා රුපියල් ලක්‍ෂ 3 ක දඩයක්‌ නියම කළේය. එහෙත් මෙම තීන්දුවෙන් තමන් අගතියට පත්ව ඇතැයි කියමින් නීතිපතිවරයා විසින්, විත්තිකරු මිනීමැරුම් චෝදනාවට වරදකරුවකු කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක්‌ සලකා බැලීමෙක්‌ පසු මෙම තීන්දුව ප්‍රකාශයට පත් විණි. අදාළ අභියාචනාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් වූ අවස්‌ථාවේ අධිකරණ ශාලාවේ සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් කීපදෙනකුම පවසා ඇත්තේ මෙබඳු තීන්දුවක්‌ මීට ඉහතදී අභියාචනාධිකරණයකින් ප්‍රකාශයට පත් වී නැති බවයි. මිනීමැරුම් නඩුවක විත්තිකරුවකුට මහාධිකරණය නියම කළ සිරදඬුවමක්‌ අහෝසි කර ඒ වෙනුවට මරණ දඬුවමක්‌ නියම කළ ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ පළමු අවස්‌ථාව මෙය බව එම නීතිඥවරුන් ප්‍රකාශ කළේ යෑයිද ඊයේ (12 වැනිදා) "දිවයින" ප්‍රධාන ප්‍රවෘත්තියෙන් අනාවරණය කෙරිණි.

අදාළ නීතිඥවරුන් කළ ප්‍රකාශ ප්‍රවෘත්තියේ සඳහන් කෙරෙන්නේ එම ප්‍රකාශවලද ප්‍රවෘත්තිමය වටිනාකමක්‌ ඇති බැවිනි. එය සැබෑවකි. දැන් රට ඉල්ලා සිටින්නේ මෙබඳු අධිකරණයකි. ළමයින්ට එරෙහි ලිංගික අතවර, හිංසන ක්‍රියා, කාන්තාවන්ට එරෙහි අතවර, ප්‍රචණ්‌ඩත්වය, පුරාවස්‌තු කොල්ලකෑම්, රාජ්‍ය ආයතනවල අල්ලස, දූෂණය, දේශපාලකයන් විසින් ජාතික ධනය කොල්ලකෑම ආදී කෙළවරක්‌ නැති සමාජ විරෝධී ක්‍රියාවලින් අද රට පවතින්නේ විනාශයේ මුවවිටය. මේ සමාජ විකෘතියට පිළියම් සෙවීමට පෙරමුණ ගන්නා නායකත්වයක්‌ ගව්ගණනක්‌ දුර හෝ ඇති බවක්‌ පෙනෙන්නට නැත. එහෙයින් පවතින සමාජ විකෘතියෙන් හේබා ගොස්‌ තිබෙන රටට රෝයල් පාර්ක්‌ නඩු තීන්දුව කිසියම් අස්‌වැසිල්ලක්‌ වේ යෑයි නොකියා සිටින්නේ කොහොමද?

මීළඟට මෙම තීන්දුව ලබා ගැනීම සඳහා මුල් වූ නීතිපති දෙපාර්තමේන්තුවටත් ස්‌තුතිය පළකළ යුතුය. මන්ද පෞද්ගලික ආරවුලක්‌ මත සිදුවූ මනුෂ්‍ය ඝාතනයක්‌ වුවද අගතියට පත් පාර්ශ්වයට සාධාරණය ඉටු කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව විසින්ම අදාළ මහාධිකරණ තීන්දුවට විරුද්ධව අභියාචනාධිකරණයට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කිරීම නිසාය. නීතිපති දෙපාර්තමේන්තුවේ මැදහත් වීම නොවන්නටත් අභියාචනාධිකරණයේ තීන්දුව නොවන්නටත් අපරාධයක බරපතළකම සමාජයට නොදැනෙන්නට ඉඩ තිබිණි.

එහෙත් රෝයල් පාර්ක්‌ නඩු තීන්දුවෙන් නීතියේ සුජාතභාවය හෝ නීතිපති දෙපාර්තමේන්තුවේ සුජාතභාවය තහවුරු වී ඇතැයි අපට කිව හැකිද යන්න පිළිබඳ ඇත්තේ ගැටලුවකි. මන්ද මේ රටේ නීතිය ඉදිරියේ වරදකරුවන් බවට පත් විය යුතු බොහෝ දෙනෙක්‌ ඉදිරියට නොපැමිණි අවස්‌ථා පමණක්‌ නොව, නීතිය ඉදිරියේ දඬුවම් ලැබූවත් දඬුවම් නොවිඳ සිටින අවස්‌ථාවන් අප ඕනෑ තරම් අත්දකින බැවිණි. එහිදී බෙහෝ විට නීතිය සැමට සාධාරණව එක සේ ක්‍රියාත්මක වනවා ද යන සැකය, අපට තිබේ. කනගාටුදායක තත්ත්වය නම් දඬුවම් විඳිය යුතු බොහෝ චූදිතයන් චෝදනාවලින් නිදහස්‌ වී යන්නේ රෝයල් පාර්ක්‌ ඝාතන නඩුවේ මහාධිකරණ තීන්දුව ප්‍රමාණවත් නැතැයි කියා අභියාචනාධිකරණය වෙත ගිය මේ නීතිපති දෙපාර්තමේන්තුව නිසාම වීමය. ඒ බව තහවුරු කෙරෙන ආසන්නතම නඩු විභාගයක්‌ පසුගිය 10 වැනිදා කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයේදී පැවැත්විය. භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු පුද්ගලයන් කීපදෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන එම මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණයේ දී රහස්‌ පොලිසියේ සහකාර පොලිස්‌ අධිකාරී ශානි අබේසේකර කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ විමර්ශන අංශයේ විමර්ශන කටයුතු අවසන් කර එහි උධෘත පසුගිය ජනවාරි මස 27 වැනිදා නීතිපතිවරයා වෙත යොමු කර ඇතත් ඉදිරි කටයුතු සඳහා මේ වනතුරුත් නීතිපති උපදෙස්‌ ලැබී නැති බවයි.

නාම්පමුණුව සමුපකාර ඡන්දයේ මිනිස්‌ ඝාතනයට චූදිතයකු බවට පත්වූ චන්දන කත්‍රිආරච්චිගේ අධිචෝදනා පත්‍ර ඉවත් කරගෙන ඔහුට එරෙහිව පහරදීමේ චෝදනා සහිත සංශෝධිත චෝදනා පත්‍රයක්‌ භාර දුන්නේද මේ නීතිපති දෙපාර්තමේන්තුව වීමය. පුද්ගලයා අනුව නීතිය නිර්වචනය කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවට යම් අධිකාරීත්වයක්‌ ඇත්ද යන්න අපි නොදනිමු. එහෙත් රෝයල් පාර්ක්‌ ඝාතන සිද්ධිය වෙනුවෙන් පෙනී සිටියා සේ අනෙකුත් බරපතළ අපරාධ සම්බන්ධයෙන්ද නීතිපති දෙපාර්තමේන්තුව සිය වගකීම ඉටුකරනු ඇතැයි අපි අපේක්‍ෂා කරමු. එසේ නොවුණහොත් සිදුවන්නේ සමාජය රටේ නීතිය අවතක්‌සේරුවට ලක්‌ කිරීමය.

එක්‌සත් ජාතික පක්‍ෂයේ සිට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට එක්‌වූ ඇතැම් දේශපාලකයන්ට එරෙහිව තිබූ වංචා දූෂණ චෝදනා ද ඉල්ලා අස්‌කර ගත් අවස්‌ථා ඕනෑ තරම්ය. පසුගියදා සිදුවූ කටුවන ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකාර ජුලම්පිටියේ අමරේ සිද්ධියෙන් දින 5 කට පසු අධිකරණය වෙත භාර වූයේද ඔහුට එරෙහිව මීට වසර 9 කට පමණ පෙර නිකුත් කළ වරෙන්තුවකට අනුවය. මෙබඳු සිදුවීම් රටේ නීතිය හෑල්ලුවට ලක්‌ කරවන දේ බව නොකියා බැරිය. එහෙයින් රෝයල් පාර්ක්‌ ඝාතන නඩුවට තැබූ බරම අනෙකුත් අපරාධ ක්‍රියා සම්බන්ධයෙනුත් තැබිය හැකි නම් නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය පිළිබඳ කා තුළත් පැහැදීමක්‌ ඇති වනු ඇති බව අපේ හැඟීමයි.

ළමා අපයෝජන සිද්ධීන් වාර්තා වන්ගේ ඉහළ යැමත් සමග එම තත්ත්වය පාලනයට ආණ්‌ඩුව ගන්නා පියවර කුමක්‌ද යන්න ජනතාව බලා සිටී. රෝයල් පාර්ක්‌ බඳු නඩු තීන්දුවක්‌ එබඳු බලාපොරොත්තුවකට කොළ එළි දල්වන්නක්‌ වුවත් මේ ආණ්‌ඩුව යටතේ නීතිය සියල්ලන්ටම සාධාරණව ක්‍රියාත්මක වනවාද යන ප්‍රශ්නයක්‌ කාටත් ඇත. බොහෝවිට ආණ්‌ඩුවේ දේශපාලකයන් සම්බන්ධයෙන් හෝ එම දේශපාලකයන්ගේ හිතවතුන් සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම පිළිබඳ උදාහරණ ඕනෑ තරම්ය. පරණ යකඩ වංචනික ලෙස විකිණීම සම්බන්ධයෙන් චෝදනාවට වරෙන්තු පිට වරෙන්තු නිකුත් කර තිබියදීත් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යටතේ පසුගිය මහා මැතිවරණයට ඉදිරිපත් වූ එක්‌තරා රූපවාහිනි ආයතනයක මාධ්‍යවේදියකු කිසිදු අතුරු ආන්තරාවක්‌ නැතිව අධිකරණයද මග හරිමින් සිටින ආකාරය ලඡ්ජා සහගතය. මේ ආකාරයටම එක්‌තරා මිනීමැරුම් සිද්ධියකට අධිකරණයෙන් වරදකරු කළ ඇමැති බිරියකට ජනාධිපති සමාව ලැබුණු ආකාරයද අපි දුටිමු. මේ රටේම නගර සභාවක මුදල් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ බරපතළ සිරදඬුවමකට යටත් වූ එක්‌තරා නගරාධිපතිවරයකු බන්ධනාගාරයට යැමට ද පෙර ජනාධිපති සමාව ලැබුණු අයුරු රටම දනී. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේම ක්‍රියාකාරී දේශපාලකයකුව සිටි නාලන්ද එල්ලාවල මහතාගේ ඝාතනයට වගකිව යුතු එක්‌තරා දේශපාලකයකු නීතිය ඉදිරියේ වරදකරුවකු වීම කෙසේ වුවත් පක්‌ෂය මාරු කර ඇමැතිකමක්‌ ලබා යහතින් වැජඹෙන අයුරු රටම දනී.

මේ ආණ්‌ඩුවේ සිටින බොහෝ දේශපාලකයන්ට එරෙහිව එබඳු අපරාධ චෝදනා දූෂණ චෝදනා කොතෙක්‌ වුවත් ඒවා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වනවා තබා පක්‌ෂය තුළින් විනය චෝදනා එල්ලවීමක්‌ හෝ සිදු නොවීම පුදුම සහගතය. 

මේ තත්ත්වයන්සේ අපට සැක සිතෙන්නේ රට තුළ නීතිය කාටත් එක සේ ක්‍රියාත්මක වනවාද යන්න පිළිබඳවය. රෝයල් පාර්ක්‌ ඝාතනය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමටත් නීතියේ සුජාතභාවය ආරක්‌ෂා කිරීමටත් නීතිපති දෙපාර්තමේන්තුව කළ මැදිහත්වීම ඉහතින් දැක්‌ වූ සිදුවීම් සම්බන්ධයෙන්ද මේ අයුරින්ම සිදු වී නම් වඩාත් අර්ථවත් බවය අප කල්පනා කරන්නේ. එහෙත් එබඳු සද්භාවයක්‌ නීතිපති දෙපාර්තමේන්තුවෙන් අපට අපේක්‌ෂා කළ හැකිද යන්න පිළිබඳ ඇත්තේ සැකයකි.


divaina-13-July-2012

චින්තන මර්දනය



අද මෙම අතිරේකයේ පළ කෙරෙන විශ්වවිද්‍යාල අර්බුදය පිළිබඳ ප්‍රශ්නය ගැන සඳහන් චින්තක රණසිංහගේ ලිපිය හා සාහිත්‍ය, කලාව හෝ සංස්‌කෘතිය අතර සම්බන්ධය කුමක්‌දැයි සෙවීමට බොහෝ දෙනකු වෙහෙසෙනු ඇති බව නිරෝධ හොඳින් ම දනී. එහෙත් යමෙක්‌ එසේ කල්පනා කළ ද නිරෝධ ඒ ගැන පුදුම නොවෙයි. මන්ද අද දවසේ අප ගත කරන්නේ එපමණට "නිර්වින්දනය" කළ සමාජ යථාර්ථයක වීම නිසා ය. යුද ජයග්‍රහණයත් සමඟ රටේ සියලු ක්‍ෂේත්‍රවල අයිතිය භුක්‌තියට ලියා ගත් දේශපාලන අධිකාරීත්වය බුවල්ලකු සේ සියලු තන් අරා සිය අඬුපඬු විහිදා ග්‍රහණය කොටගෙන සිටී. එහි අනිටුඵල ලෙස කොතෙකුත් සිදුවන සමාජ, ආර්ථික, සංස්‌කෘතික පරිහානිදායක තත්ත්වයන් කතා කිරීම යනු එක්‌කෝ බටහිර කුමන්ත්‍රණකරුවකු වීමකි. නැත්නම් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණකරුවකු වීමකි. එබඳු ලේබලයක්‌ අලවා ගැනීම ජීවත් වීම පිළිබඳ සියලු වරප්‍රසාද අහිමි කරගැනීමකි. එහෙයින් සියලු සමාජ මතවාදී කණ්‌ඩායම්වල අද දවසේ ප්‍රතිපත්තිය "දෙන දෙයක්‌ කා වෙන දෙයක්‌ බලාගෙන සිටීම"යි.



මේ වන විට විශ්වවිද්‍යාල පද්ධතිය කෙරේ සහ නිදහස්‌ අධ්‍යාපනය කෙරේ පැහැදිලි අනතුරක්‌ පවතී. ඒ අනතුරේ බරපතළකම හඳුනාගත් ආචාර්යවරු පිරිසක්‌ පාලකයන්ගේත් ජනතාවගෙත්a අවධානය ඒ වෙත යොමු කරවීමට උත්සාහ කරද්දී ආචාර්ය මහාචාර්යවරුන්ම කියා ගන්නා පිරිසක්‌ බඩගෝස්‌තරවාදී දේශපාලනික වුවමනාවන් සාධාරණීකරණය කරන ප්‍රකාශ නිකුත් කරමින් සිටී. තමන් ආචාර්යවරුන්ගේ සංගමයේ වැඩවැරුමට සහාය පළනොකරනවා යෑයි කියා ගන්නා එම ආචාර්ය, මහාචාර්ය හා කථිකාචාර්යවරුන් කවුරුන්දැයි නිරෝධ හොඳින් විමසා බැලුවේය. ඇතැමුත් සුදුසුකම් කෙසේ වෙතත් පවතින පාලන ක්‍රමයට ආවඩා උපකුලපතිවරුන්, පීඨාධිපතිවරුන්, අධ්‍යයනාංශ ප්‍රධානීන් වූවන් බව පැහැදිලි විය. ඔවුන්ගේ පැවැත්ම තහවුරු වනුයේ දක්‍ෂකම් මත ගොඩනැඟි පෞරුෂය නිසා නොව වැඩවසම් චින්තනය ප්‍රගුණ කරනට පළ කරන හැකියාව මත බවය නිරෝධට වඩාත් පැහැදිලි වුණෙ.


ලියනගේ අමරකීර්තිගේ "අර මිහිරි සීනු නාදය" කෙටිකතා පොතත්, චින්තක රණසිංහගේ "පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන" නවකතාවත් කියෑවූයේ නම් අද්‍යතන විශ්වවිද්‍යාල ආචාර්යවරයාගේ (සියල්ලන්ම නොවේ) යථාර්ථය හොඳින්ම අවබෝධ කරගත හැකි වනු ඇත. මේ පොත්වල කවරය පමණක්‌ හෝ පොතේ නම පමණක්‌ කියවා පූර්ව නිගමනවලට නොඑළැඹී විවේක මනසින් යුතුව මේ කෘති දෙක කියෑවිය හැකි නම් අප විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට ඇහුම්කන් දිය යුත්තේ ඇයි ද යන්න පිළිබඳ ද යම් තාර්කික අදහසක්‌ ගොඩනඟා ගතහැකි වනු ඇතැයි නිරෝධගේ අදහසයි. කොහොම වෙතත් මේ රචනාවෙන් නිරෝධ උත්සාහ කරන්නේ විශ්වවිද්‍යාලය තුළ සිදුවන චින්තන මර්දනය පිළිබඳ අවධානය යොමු කිරීමටයි.

විශ්වවිද්‍යාලය හා විද්‍යාර්ථියා වූ කලී සමාජයක චින්තන උල්පත ලෙසය නිරෝධගේ විග්‍රහය. අ.පො. ස උසස්‌ පෙළ දක්‌වා විෂය නිර්දේශයටත්, අමතර පංති නිබන්ධනයටත්, ආදර්ශ ප්‍රශ්න පත්‍රයටත් රාමුගත වන ශිෂ්‍යයා නිදහස්‌කාමීව සිතන්නකු බවට පත් වනුයේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමත් සමඟ ය. ප්‍රධාන ගේට්‌ටුවේ පටන් නේවාසිකාගාරය දක්‌වා භෞතිකව ද විශ්වවිද්‍යාලය සැලසුම් කොට ඇත්තේ ශිෂ්‍යයාගේ නිදහස්‌ චින්තනයට අසීමිත ඉඩකඩක්‌ වෙන්වෙන ආකාරයටය. පාසලක රාමුගත අධ්‍යාපනයට සමු දී විශ්වවිද්‍යාලයට පැමිණෙන ශිෂ්‍යයනට මේ වෙනස, නිදහස නොදැනේ නම් ඔහු හෝ ඇය විද්‍යාර්ථියකු ද යන්න සැකයකි. ඒ නිදහස තුළින් ගොඩනඟන චින්තකයින් රටේ පෙරටුගාමීන් බවට පත්වනුයේ නිරායාසයෙනි. එහෙත් අද විශ්වවිද්‍යාලය එබඳු චින්තන පර්ෂදයක්‌ ද යන සැකය නිරෝධට උපදී. එහි වරද විශ්වවිද්‍යාල ක්‍රමයේ නොවන බව නම් පැහැදිලිව කිව යුතුය. අන් කවරදාකටත් වඩා විශ්වවිද්‍යාල පද්ධතිය තුළට දේශපාලන අතපෙවීම් සිදුවන නිසා සමස්‌ත විශ්වවිද්‍යාල පද්ධතියම කුණු වෙන්නට පටන් ගෙන ඇති බවය පෙනෙන්නේ. අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කෙරෙන ප්‍රතිපාදන කප්පාදුවේ පටන් උසස්‌ අධ්‍යාපනය මිලිටරිකරණය කරන ඊනියා නායකත්ව පුහුණු වැඩසටහන් සඳහා අනවශ්‍ය මුදල් වෙන් කිරීම දක්‌වා අතිශය මුග්ධ වූ දේශපාලනික අතපෙවීම්වලින් අද අපේ විශ්වවිද්‍යාලය එක්‌තරා දේශපාලන පක්‍ෂයක පක්‍ෂ කාර්යාලය බවට පත්ව ඇතැයි කීවොත් වඩාත් නිවැරදිය.

ආචාර්යවරුන්ගේ වැඩවැරුම පසෙක තබා ඔවුන් රටේ අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන්, විශ්වවිද්‍යාල පද්ධතිය දේශපාලනීකරණය කිරීම වළක්‌වාලීම වෙනුවෙන් කරන ඉල්ලීම් පිළිබඳ විශ්වවිද්‍යාල විද්‍යාර්ථියාට ඇත්තේ කෙබඳු අවබෝධයක්‌ දැයි විමසා බැලිය යුතුව ඇත.

ශිෂ්‍ය සංගම් නිලවරණවලදී දෙපිල බෙදී ගඩොල් කැට හුවමාරු කර ගන්නා එකදු ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරිකයෙක්‌ හෝ ආචාර්යවරුන් රජයට ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් ප්‍රකාශයන් කරනු නිරෝධ දුටුවේ නැත. ඇතැම් විට නායකත්ව පුහුණුව විසින් අද විශ්වවිද්‍යාල සිසුවා "අණට" කීකරු කොට තිබීම මීට හේතු වුණාද යන්න නොදනිමි. කෙසේ වුවත් මෙයින් පැහැදිලි කරන්නේ අද විද්‍යාර්ථියා තමන් ගැනම අවිඥනක වී ඇති බවය. නිරෝධ දකින්නේ මෙයම අනාගතය පිළිබඳ අනතුරක්‌ ලෙසය. පසුගිය කාලයේ එක්‌තරා විශ්වවිද්‍යාලයකට අලුතින් පැමිණි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් වැඩි පිරිසක්‌ කියවා තිබූ නවකතාව බවට පත්ව තිබුණේ එක්‌තරා හරසුන් බොළඳ නවකතාවකි. තවත් විශ්වවිද්‍යාලයක විද්‍යාර්ථින් සුපිරි තරුවක්‌ වූ ආධුනික ගායකයකු ගෙන්වා නාඩගමක්‌ නැටූ අයුරුද රටම දනීs. නිරෝධට මෙබඳු දේ සිහිපත් වූයේ අද දවසේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ගේ භූමිකාව පිළිබඳ විමසා බලන කලය.

මෙයින් පැහැදිලි වන්නේ සිතීමේ ශක්‌තිය බිඳුවක්‌ හෝ සුරැකී තිබූ විශ්වවිද්‍යාලයෙන්ද එය ගිලිහී ගොස්‌ ඇති බවය. උසස්‌ පෙළ ශිෂ්‍යයන්ගේ අනාගතය අවිනිශ්චිත කරමින් ඉසෙඩ් ලකුණු ප්‍රශ්නය පිළිබඳ කිසිදු පලදායක පියවරක්‌ නොගෙන තිබීමත්, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට කෙනෙහිලිකම් කරමින් පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා ආවැඩීමත් එළිපිට සිදුවෙද්දී ඊට විරෝධය පා පෙරමුණ ගන්නා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමග එක පෙළ සිට ගැනීම කෙසේ වේවා අඩුතරමින් ඔවුන් පසුපසින් පෙළ ගැසෙන්නට හෝ විඥනයකින් යුතු විශ්වවිද්‍යාල විද්‍යාර්ථියකු අද නැත. මේ පෙන්වා දෙන්නේ චින්තන මර්දනයක අති සූක්‍ෂම සැලසුම් සාර්ථක වන ආකාරය ය.

විශ්වවිද්‍යාලය හා විද්‍යාර්ථියා චින්තනයෙන් මොට වූ කල රටක සාහිත්‍යයත්, කලාවත් සංස්‌කෘතියත් කෙසේ නම් ඉහළට ඔසවා තැබිය හැකිවේද යන්න නිරෝධට ඇති ගැටලුවය.
watamadala-12-July-2012

Thursday, July 5, 2012























දේශපාලන දංගෙඩියට යන රටේ අනාගතය!



නිරෝෂන් හැඳලගේ

ආණ්‌ඩුව යළිත් ඡන්දයකට ගොස්‌ ඇත. ඒ සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර පළාත් සභා සඳහා ය. පසුගිය ජුනි 27 වැනිදා මේ පළාත් සභා තුන විසුරුවා හැරියේ ව්‍යවස්‌ථාපිතව නිල කාලය අවසන් වීම නිසා නොවේ. නැගෙනහිර පළාත් සභාව සඳහා තවත් මාස 9 ක කාලයක්‌ තිබියදීත් උතුරුමැද හා සබරගමුව පළාත් සභා සඳහා වසරකට වැඩි කාලයක්‌ (මාස 14 ක්‌) තිබියදීත් ආණ්‌ඩුව එම පළාත් සභා විසුරුවා හැර ඡන්දයකට ගියේය.

ආණ්‌ඩුවක්‌ හදිසි ඡන්දයකට යැමට විවිධ හේතු පැවතිය හැක. ඒත් මේ ආණ්‌ඩුව ඡන්ද පවත්වන්නේ තමන්ගේ දේශපාලන හෙළුව වසා ගැනීමට ය. ඒ බව තහවුරු කරමින් ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල, පසුගියදා පැවැති කැබිනට්‌ රැස්‌වීමකදී කියා සිටියේ පළාත් සභා මැතිවරණයට ගියේ රජයට වාසිදායක අවස්‌ථාවක බවය. එම ප්‍රකාශයේ අනියම් අර්ථය නම් ඉදිරි කාලය ආණ්‌ඩුවට අවාසිදායක තත්ත්වයකට පත්වෙමින් තිබෙන බව නොවේද. ආණ්‌ඩුවේ ඕනෑම අසූචි ගොඩක්‌ රත්තරං ගොඩක්‌ කර පෙන්වීමට ඉදිරිපත් වන මේ ඇමැතිවරයා කියන්නේ නියමිත කාලයට පෙර පළාත් සභා විසුරුවා හැරීමත් කඩින්කඩ මැතිවරණ පැවැත්වීමත් ව්‍යවස්‌ථානුකූල බවය. එය ඇත්තක්‌ විය හැක. එහෙත් කඩින්කඩ මැතිවරණ පැවැත්වීම සඳහා වන අධික වියදම දරන්නේ තමන්ගේ පෞද්ගලික ගිණුමෙන්දැයි ඔහුගෙන් අසන්නට අපට සිදු වෙයි. මෙම පළාත් සභා මැතිවරණ පැවැත්වීම සඳහා පමණක්‌ රුපියල් කෝටි 60ට වැඩි මුදලක්‌ වැය වන බව මැතිවරණ කාර්යාලය කියයි. අඩුම තරමින් සියලු පළාත් සභා මැතිවරණ හෝ එක්‌ දිනක පවත්වා රට වෙනුවෙන් යම් අරපිරිමැස්‌මක්‌ කළ යුතුය කියන "ජාතික චින්තනයක්‌" මහින්ද චින්තනයට ඇතුළු කළ හැකි වුණා නම් ඒ බව සිහිපත් කර දෙන්නට හෝ අපට හැකිවනවා නොවේද?


කොහොම වෙතත් මේ අඥන දේශපාලනය මේ මොහොතේ ආර්ථිකමය වශයෙන් රට වැටී ඇති අනතුර ගැන සළකා හෝ එබඳු ප්‍රගතිශීලී පියවරකට යැමට සූදානමක්‌ ඇති බව පෙන්වන්නේ නැත. එනිසා මෙබඳු පටු දේශපාලනික වුවමනාවන් ප්‍රතික්‍ෂේප කිරීමේ අවස්‌ථාව දැන් එළඹී ඇත්තේ ජනතාවට ය.

රට තුළ අර්බුද ගණනාවක්‌ මතුවී තිබියදී තමන්ගේ බලය පිළිබඳ සැක සංකා විස¹ ගන්නට ආණ්‌ඩුව ඒ සියල්ල පසෙකට දමා ඇත. උසස්‌ අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ මතුව තිබෙන අවුල් ජාලය ලිහා ගන්නට මේ ආණ්‌ඩුව කිසිදු සූදානමක්‌ නැත. එබඳු වුවමනාවක්‌ තිබුණා නම් රටේ දරුවන්ගේ උසස්‌ පෙළ ප්‍රතිඵල උත්තරයක්‌ නැති ප්‍රශ්නයක්‌ බවට පත්ව තිබියදී මේ වසරේÊඋසස්‌ පෙළ විභාගය පැවැත්වෙන කාලයම බලා මැතිවරණයකට යන්නේ ද නැත. මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා පෙරේදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී කියා සිටියේ උසස්‌ පෙළ විභාගයට බාධා වන අයුරින් ඡන්ද වැඩ තහනම් බවය. මැතිවරණ කොමසාරිස්‌වරයාට හෝ මේ මැතිවරණ සමයේ බරපතළකම වැටහී තිබීම පිළිබඳ අපි සතුටු වෙමු. එහෙත් 17 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය ක්‍රියාත්මක නොවන තත්ත්වයක කොමසාරිස්‌වරයාගේ නියෝග ඒ අයුරින්ම ක්‍රියාත්මක වේ යෑයි විශ්වාස කළ හැක්‌කේ කාටද?

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් පසුගිය 04 වැනිදා සිට ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් මේ වනවිට විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු ද අඩාල වී ඇත. එහෙත් උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා ඇතුළු ආණ්‌ඩුවේ වන්දිභට්‌ට මාධ්‍ය උත්සාහ දරන්නේ එය සරසවි ආචාර්යවරුන්ගේ වරදින් සිදුවන්නක්‌ ලෙස ජනතාවට ඒත්තු ගැන්වීමට ය. වෛද්‍යවරයා හෝa ගුරුවරයා වැඩ වර්ජනයක නියෑළීSම සමාජයෙන් පැසසුම් ලැබෙන්නක්‌ නොවන බව ඇත්ත ය. එහෙත් දේශපාලන අමනකම් හමුවේ තමන් නියෑළී සිටින ක්‍ෂේත්‍රය අනතුරේ වැටේ නම් නියම වෘත්තීයවේදියකුට අතපය අකුලාගෙන නිදන්නට හැකියාවක්‌ නැත. අද උසස්‌ අධ්‍යාපන ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් මතුව ඇත්තේ මෙබඳු අර්බුදයකි.

එහෙත් උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා ඇතුළු උසස්‌ අධ්‍යාපන අමාත්‍යංශයේ එහෙයියන් උත්සාහ කරන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරු වැටුප් වැඩිවීම් ඉල්ලා අසාධාරණ ලෙස වැඩ වර්ජනයක යෙදෙන බව රටට පෙන්වා දෙන්නට ය. පසුගිය වසරේ ජුලි මාසයේ දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට පියවර කීපයක්‌ යටතේ වැටුප් වැඩිවීමක්‌ ලබාදීමට ආණ්‌ඩුව එකඟ වුවද මේ දක්‌වා එම පියවර සම්පූර්ණ කිරීමට පියවර ගෙන නැති නිසා වැටුප් සම්බන්ධයෙන් කතා කිරිමට ද ආචාර්යවරුන්ගේ සම්මේලනයට අයිතියක්‌ ඇත. එහෙත් මෙවර ආචාර්යවරුන්ගේ සම්මේලනය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති ඉල්ලීම් අතර ප්‍රමුඛතාව හිමිව ඇත්තේ වැටුප් නොව පොදුවේ රටේ උසස්‌ අධ්‍යාපනය ආරක්‍ෂා කරගැනීම සඳහා වූ ඉල්ලීම් කීපයකට ය.

ආචාර්ය සම්මේලනයේ යෝජනා අතර වන මුල්ම යෝජනාව වන්නේ ඉදිරි වසර දෙක තුළදී අධ්‍යාපනය වෙනුවෙන් රජය දරන වියදම දළ ජාතික නිෂ්පාදනයන් 6% ක්‌ දක්‌වා වර්ධනය කළ යුතු බවය.

මෙය අසාධාරණ ඉල්ලීමකැයි කිව හැක්‌කේ පෞද්ගලික විශ්වවිද්‍යාල ස්‌ථාපිත කොට කෝටි ගණනින් කොමිස්‌ මුදල් ගසා කන්නට හැකර කටවල් මානාගෙන සිටින්නවුන්ට ය. මන්ද රජය අධ්‍යාපනය සඳහා වන ප්‍රතිපාදන වැඩි කිරීම රටේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය ප්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මකව ද ඉහළ යැමට හේතුවක්‌ වෙයි. එහිදී විශ්වවිද්‍යාල පද්ධතිය ද ඉහළට ඒම වැළැක්‌විය නොහැක. නමුත් පෞද්ගලික විශ්වවිද්‍යාල ජාවාරම්කරුවන්ට එබඳු තත්ත්වයක්‌ හිතකර වන්නේ නැත. ඔවුන්ගේ අරමුණු ඉෂ්ට වන්නේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආරවුල් මතුවන පමණටය. කනගාටුවට කාරණය නම් මේ ජාවාරම්වල යෙදෙන්නවුන් රටේ නිදහස්‌ අධ්‍යාපනයෙන්ම පෝෂණය ලබා ඉහළට පැමිණියවුන් වීමය. එක්‌ අතකට අපරාපරීය වේදනීය කර්ම" කියා කර්ම විපාක දෙන පිළිවෙළක්‌ ගැනත් බුදු දහමේ විග්‍රහ කරන හෙයින් මේ ජාවාරම්කරුවන් මෙසේ දේශපාලන හිවලුන් ලෙස හැසිරෙනුයේ එබඳු කර්ම විපාකයක ප්‍රතිඵල නිසා යෑයි කියා හිත හදාගන්නට අපට සිදුවෙයි.

ආණ්‌ඩුව මේ වන විට උසස්‌ අධ්‍යාපනය සඳහා වෙන් කරන්නේ දළ ජාතික නිෂ්පාදනයෙන් 2% ක තරම් ප්‍රමාණයකි. 1998 වසරේදී අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදනයෙන් 3% ප්‍රමාණයක්‌ වෙන් කළ අතර මේ ආණ්‌ඩුව කර ඇත්තේ ඒ ප්‍රමාණය වැඩි කිරීම වෙනුවට අඩු කිරීමය. යුද්ධය වෙනුවෙන් ආණ්‌ඩුව වසරකට රුපියල් කෝටි පන්දහසකට ආසන්න මුදලක්‌ වැය කළ අතර දැන් යුද්ධය අවසන් බැවින් ඒ ප්‍රමාණය අඩුම තරමින් හරි අඩකින් හෝ අඩු විය යුතුය. එසේ අඩුවන ප්‍රමාණය රාත්‍රි මෝටර් රථ ධාවන තරගවලට හෝ බොලිවුඩ් ක්‍රීඩා සංදර්ශනවලට වැය කරනවාට වඩා රටේ අනාගතය වෙනුවෙන් අධ්‍යාපනයේ ආයෝජනය කළ හැකි නම් ආණ්‌ඩුව ප්‍රශංසා ලබනවා පමණක්‌ නොව මහින්ද චින්තනය ද යථාර්ථයක්‌ බවට පත්වනවා ඇත.

විශ්වවිද්‍යාල දේශපාලනීකරණය කිරීමෙන් වළක්‌වාලන ලෙස ද ආචාර්යවරුන්ගේ සම්මේලනය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී. මේ ඉල්ලීමට මාරාවේශ වූ උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා පවසන්නේ තමන් උත්සාහ කරන්නේද විශ්වවිද්‍යාල තුළ දේශපාලනය කිරීම අවසන් කිරීමට යෑයි අඳබාල තර්ක ගෙන ආවේය. ඔහුට අනුව විශ්වවිද්‍යාල දේශපාලනීකරණය වීම යනු ශිෂ්‍යයන් විසින් ශිෂ්‍ය සංගම් හරහා කරනු ලබන ක්‍රියාකාරකම් ය. නයාට අඳුකොළ මෙන් ජනතා විමුක්‌ති පෙරමුණ උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයාට අඳුකොළ ය. එහෙයින් ජනතා විමුක්‌ති පෙරමුණට සම්බන්ධ ශිෂ්‍ය සංගම් මර්දනය කිරීම ඔහුගේ එකම අරමුණ ය. තමන්ට විරෝධය පානා සිසුන් අල්ලා හිරේ දාන්න තරම් මේ ඇමැතිවරයා ඔලමොල වී ඇත්තේ එහෙයිනි. උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයාගේ දේශපාලන ව්‍යාපෘතිය නිසා අද වන විට කැලණිය විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයත් ආණ්‌ඩුවේ සුවච කීකරු ආයතන බවට පත්ව සිටී. මේ තත්ත්වය කොයි තරම් බරපතළ ද යත් ආචාර්යවරුන්ගේ සම්මේලනයේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහයෝගය පළ නොකොට තමන් සාර්ථකව අධ්‍යයන කටයුතු කරගෙන යන බව කැලණිය විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය කියා සිටී. පසුගිය මහ මැතිවරණ සමයේ, කැලණිය "ගඳගස්‌වන" එක්‌තරා දේශපාලකයකුගේ ප්‍රචාරක ව්‍යාපෘති මධ්‍යස්‌ථානය බවට පත්ව තිබූ කැලණිය විශ්වවිද්‍යාලය යළි "විද්‍යාලංකාර" යුගයට ඒ යෑයි බලාපොරොත්තු තැබීම අප මුලාවේ වැටීමකි. කැලණිය විශ්වවිද්‍යාලය පමණක්‌ නොව අනෙකුත් විශ්වවිද්‍යාල ද අධ්‍යයන කටයුතු අඩාල නොවී පවත්වාගෙන යයි නම් අප සතුටු විය යුතුය. එහෙත් දේශපාලන පාදඩකරණයට යටවී විශ්වවිද්‍යාලය නමැති චින්තන පර්ෂද වැඩවසම් යුගයට ගෙන යැම කිසිවකුටත් අනුමත කළ නොහැක. විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ සභාපති නිරමාල් රංජිත් දේවසිරි මහතා පස්‌සේ පන්නන්නේ ඒ පාදඩ දේශපාලනය ය. මේ නිසා කැලණිය විශ්වවිද්‍යාලයේ "කීකරු ආචාර්ය මණ්‌ඩලය" අද දවසේ ආරක්‌ෂා කරන ඊනියා ප්‍රතිපත්තිය අනාගතයේ රටේ උසස්‌ අධ්‍යාපනයේ මළගමට පාර කැපීමක්‌ බව නොකියා සිටින්නට නම් බැරිය.

පෞද්ගලික විශ්වවිද්‍යාල රටක අධ්‍යාපනය පරිහානියට පත්කරන බව කීමට තරම් අප අතාර්කික විය යුතු නැත. ඉන්දියාව තරම් පෞද්ගලික විශ්වවිද්‍යාල ස්‌ථාපිත කර ඇති රටක්‌ ලෝකයේ නොමැති තරම්ය. එහෙත් පෞද්ගලික විශ්වවිද්‍යාල සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බොහෝ යුරෝපා රටවල එම විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය ආරක්‌ෂා කිරීම සඳහා නියාමන ක්‍රමයක්‌ පවත්වාගෙන යයි. ඒ තුළින් අදාළ විශ්වවිද්‍යාල උසස්‌ අධ්‍යාපනයේ පරාමිතීන් ආරක්‌ෂා කිරීමට අවශ්‍ය නිර්ණායකයන් සකසා ක්‍රියාත්මක කරයි. එහෙත් එබඳු කිසිදු ක්‍රමවත් වැඩපිළිවෙළක්‌ ඉදිරිපත් නොකොට ආණ්‌ඩුව උත්සාහ කරන්නේ උපාධි කඩ පවත්වාගෙන යැමටය.

අද ජාත්‍යන්තර පාසල්වලටද අත්ව තිබෙන්නේ මෙබඳු ඉරණමකි. ආණ්‌ඩුව විසින් පාසල් අධ්‍යාපනය සඳහා ලබාදෙන ප්‍රතිපාදන අවම කර ඇති නිසාත්, ලබාදෙන ප්‍රතිපාදන විෂම ලෙස බෙදා හැරීම නිසාත් රජයේ පාසල් දිනෙන් දින වැසීයැමේ අනතුරකට පත්ව ඇත. පළමු ශ්‍රේණිය සඳහා සිසුන් බඳවා ගැනීමට මේ වනතුරුත් නිසි වැඩපිළිවෙළක්‌ සකසා ගැනීමට නොහැකිවීම නිසා දෙමාපියන් කරනුයේ පාසලක්‌ නැති දරුවා හිඟා කා හෝ "ජාත්‍යන්තර පාසල් කඩයකට" දමා ඉගැන්වීමය. අධ්‍යාපනය තුළ දිනෙන් දින මෙබඳු අර්බුද ඇති කිරීමෙන් දරුවන්ගේ එම අධ්‍යාපන අයිතිය උදුරා ගන්නටද මේ ආණ්‌ඩුව කටයුතු කර ඇති බවයි කියන්නට සිදුවන්නේ.

රටේ අධ්‍යාපනය මෙබඳු අවුල් ජාලාවක්‌ බවට පත්කොට තිබියදීත් ඒ අවුල්, අවුල් ම බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර තිබියදීත් ඊට වගකිවයුතු අධ්‍යාපන ඇමැතිවරයාත් උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයාත් කරන්නේ වීදුරු ගෙවල්වල සිට ගල් ගැසීමය.

පකිස්‌තාන ජනාධිපති අසප්f අලි සර්දාරිගේ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් පියවර නොගැනීමට එරෙහිව පකිස්‌තානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා පකිස්‌තානු අගමැති යූසුප්f  රාසා ගිලානි තනතුරින් පහ කළේය. ඊට දින කීපයකට පසු දූෂණ චෝදනා එල්ලවූ ඉන්දීය සුළු හා මධ්‍යම කර්මාන්ත ඇමැති වීරබද්රා සිං ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වූයේ ය. වරදට නිසි දඬුවම් දෙන එබඳු අධිකරණ පද්ධතියක්‌ දේශපාලන විහිළුකාරයන් බවට පත් නොවී වරද පිළිගෙන ඉවත්වන දේශපාලන සංස්‌කෘතියක්‌ කවදා මේ රටේ ඇතිවේ දැයි අපට ඇත්තේ හීනයකි.